අපේ බ්ලොග් ලියන මිතුරු මිතුරියන් මේ දවස්වල රැල්ලකට අසු වෙලා. ඉයන් විසින් ඇති කරපු මේ සොඳුරු රැල්ල තමයි තමන් කැමති සින්දු දාසයක් නම් කරන එක . මම ලියලා නැති ජාතියේ පෝස්ටුවක් වුනත් මම ඒ සමාගමට එකතු වුනේ කැමැත්තෙන්ම. සින්දු ටික ලැයිස්තු ගත කරේ ඊයේ උදේ . මට එය ඉතාම පහසු වුනේ මම කැමතිම සින්දු තෝරන්න ගියේ නැති නිසා. මතක මංපෙතේ ඇවිදගෙන අතීතෙට යනකොට එක එක අවස්ථාවල පුංචි පුංචි කතා සිදුවීම් එක්ක සින්දු ගොඩක් තැවරිලා තිබ්බ . ඒවා අතරින් පළවෙනි වරට අතට අහු වෙච්ච දහය තමයි මේ.
මගේ ළමා කාලේ වැඩිපුරම ගෙවුනේ ගෙදර ඔය හා කුඹුර කියන තැන්වල . අපේ හෙල්මලු කුඹුර පටන් ගන්නේ පුංචි ගඟුලක් නැත්නම් ඔයක් අයිනෙන්. ඔය ඉවුරේ උණ පඳුරු, හීන් බෝවිටියා පඳුරු පිරිලා උදේට නැවුම්ම නැවුම් හිරු රැස් කැරළි වැටිලා කිරි සිනා උතුරුවන හාත්පස පරිසරය ගොම්මන් වෙද්දී ශෝකී පාළුවකින් මුණ බර කර ගන්නවා . ඒ වගේ හැන්දෑවක අපේ වෙල් යායේදී වික්ටර්ගේ තොටුපළ අයිනේ සින්දුව කවුදෝ ලස්සනට කියනවා ඇහිලා මගේ හිතේ තදින්ම තවරුනා
මේ සින්දුව කොතැනකදී ඇහුනත් අපේ ඔය ඉවුරේ ගොම්මන් පාළුව හා ගුප්ත චමත්කාරය මට දැනෙනව.
යව්වන කාලයේ තනියම මම සින්දු කිව්වා මිදුලට වෙලා. ආයේ කාගේ තහනමක්ද?
දවසක් සින්දුවක් පටන් ගත්තා විතරයි මෙහෙම
සඳ මිදුලට එනවා.....
වත්තේ මොකක්දෝ කර කර හිටි තාත්තා මගෙන් අහනවා
ආ ළඟක ඉඳලද ?
ඉතින් තේරුණා වැඩේ මාට්ටුයි කියල .මගේ හිතේ තිබ්බ දේවල් තාත්තට අහුවුනේ කොහොමද කියල මම ඒ දවස්වල කල්පනා කරා. පස්සේ තාත්තා කෙනෙක් උනාම ඒක මට තේරුනා
ඒ කාලේ මම කැමති තව සින්දුවක් තමයි සුනිල් එදිරිසිංහගේ අවපස අහසට. කලා නිර්මාණෙකින් මිනිසුන්ට ජීවත් වීමේ ආසාව වැඩි කරවන්න ඕනි කියල තමයි මාත් කියන්නේ .
ඔය ඔක්කොම අමතක කරලා හොඳ සරසවි ශිෂ්‍යයෙක් වෙලා ඉද්දි මම එක්තරා උත්සවයක නිවේදකයා වෙද්දී සින්දුවක් කියන්න ආපු ගෑනු දරුවා කිව්වේ නන්දා මාලිනීගේ පීදෙන ගොයමේ .ඒ සින්දුවටත් ගෑනු දරුවාටත් ආශක්ත වෙච්ච මට ...නෑ මොකුත් උන් නෑ .
අපේ බිරින්දෑ සාරි වලට වගේම කුඩ වලටත් ආසයි . මේ සින්දුවෙන් කියන්නේ මම ඔයා ගැන හිතන විදිහ කිව්වම ඈට හරි සතුටු යි. ඇත්තටම මේ සින්දුව ඈ ලඟින් වාඩි වෙලා හොරෙන් ඒ මුණ දිහා බල බලා අහන් ඉන්න කැමතියි
එඩ්වර්ඩ් ජයකොඩිගේ ; ඔබ තෙමෙයි කියා බයයි '
අපේ පැංචියෝ දෙන්නම අත දරුවෝ කාලේ ඉඳන් මේ සින්දුවට ආසයි. සින්දුවේ කතන්දරේකුත් තියෙනවනේ. ප්‍රේමකීර්ති මොන තරම් දයාබර පියෙක්ද කියල මට හිතා ගන්නත් බෑ . නන්දා මාලනී ගයන සුරංගීට දුක හිතුනා .
අපි ගෙදර සියලු දෙනාම කැමති සින්දුවක් තමයි සුනිල් එදිරි සිංහගේ ' මේ තරම් සියුමැලිද කළුගල් '
අපේ අම්මාත් අපේ බිරින්ත්දෑත් බොහොම සහයෝගයෙන් සතුටින් කරපු දෙයක් තමයි හිමිදිරි පාන්දර නැගිටලා උයන එක . ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩින්නේ ඒ නිසයි .
මගේ මතක සැමරුම් වලට හේතු නොවුනත් මම කැමතිම සින්දුවක් තමයි ඉන්ද්‍රානී බෝගොඩ ගයන 'විදුලිය එලිය'
ප.ලි.
ඉයන් ඉල්ලලා තියෙන්නේ ගීත දාසයක් නිසා මේ ලිස්ට් එක සම්පුර්ණ කරන්න තව සින්දු හයක් නම් කරනවා .
11. වී පැදුරෙන් ඉගිලී යන - ක්‍රිශාන්ත එරන්දක
12. සැන්දෑ කළුවර ගලා හැලෙන විට - සනත් නන්දසිරි
13. පායා ඇයි හිනැහෙන්නේ - එච් ආර් ජෝතිපාල
14. ගුමු ගුමුව ගඟුලේ - සමිතා එරන්දතී
15. ආශාවේ මල් වැටෙන් එබී - බණ්ඩාර අතාවුද
16. මිහිකත නලවාලා - සුනිල් ශාන්ත
මගේ ළමා කාලේ වැඩිපුරම ගෙවුනේ ගෙදර ඔය හා කුඹුර කියන තැන්වල . අපේ හෙල්මලු කුඹුර පටන් ගන්නේ පුංචි ගඟුලක් නැත්නම් ඔයක් අයිනෙන්. ඔය ඉවුරේ උණ පඳුරු, හීන් බෝවිටියා පඳුරු පිරිලා උදේට නැවුම්ම නැවුම් හිරු රැස් කැරළි වැටිලා කිරි සිනා උතුරුවන හාත්පස පරිසරය ගොම්මන් වෙද්දී ශෝකී පාළුවකින් මුණ බර කර ගන්නවා . ඒ වගේ හැන්දෑවක අපේ වෙල් යායේදී වික්ටර්ගේ තොටුපළ අයිනේ සින්දුව කවුදෝ ලස්සනට කියනවා ඇහිලා මගේ හිතේ තදින්ම තවරුනා
මේ සින්දුව කොතැනකදී ඇහුනත් අපේ ඔය ඉවුරේ ගොම්මන් පාළුව හා ගුප්ත චමත්කාරය මට දැනෙනව.
යව්වන කාලයේ තනියම මම සින්දු කිව්වා මිදුලට වෙලා. ආයේ කාගේ තහනමක්ද?
දවසක් සින්දුවක් පටන් ගත්තා විතරයි මෙහෙම
සඳ මිදුලට එනවා.....
වත්තේ මොකක්දෝ කර කර හිටි තාත්තා මගෙන් අහනවා
ආ ළඟක ඉඳලද ?
ඉතින් තේරුණා වැඩේ මාට්ටුයි කියල .මගේ හිතේ තිබ්බ දේවල් තාත්තට අහුවුනේ කොහොමද කියල මම ඒ දවස්වල කල්පනා කරා. පස්සේ තාත්තා කෙනෙක් උනාම ඒක මට තේරුනා
ඒ කාලේ මම කැමති තව සින්දුවක් තමයි සුනිල් එදිරිසිංහගේ අවපස අහසට. කලා නිර්මාණෙකින් මිනිසුන්ට ජීවත් වීමේ ආසාව වැඩි කරවන්න ඕනි කියල තමයි මාත් කියන්නේ .
නුවර වැව් ඉවුරේදී සබෑවක් වෙලා වැවු ඉවුරේම බොඳ වෙලා ගිය පුංචි ප්‍රේම කතාවක් නිසාම නෙවෙයි මේ සින්දුව ඇත්තටම ලස්සනයි . ලුෂන් බුලත්සිංහල ලියපු, රෝහණ වීරසිංහ සංගීතවත් කොට ගයන මුතු කුඩ ඉහළන මල් වරුසාවේ .