අයිසුලු
දැක්ක හැටියේම ඇති වූ මායාමය සිතුවිල්ලෙන් පසු සිහි එලවාගත් විටයි මහතුන්ලාට හිතුනේ මේ තරුණිය පුරප්පාඩු වී තිබු තනතුරට නොගැලපෙන බව. අවුරුද්දක්වත් පුහුණුවක් නොලබාපු කිසිම තාක්ෂණික පාටමාලාවක් හදාරා
නොතිබිච්ච කිසිවෙක් ඔවුන් බලාපොරොත්තුව හිටියේ නෑ .
ඒත් මොකක්දෝ සුපුරුදු කමක් , විශ්වාසවන්ත කමක්, විවුර්ත මිත්රශීලී බවක් නිසා අයිසුලු තමන්ගේ බෝට්ටුවේම එකියක් බවට ඔවුන්ට දැනේනට පටන් ගත් දේ එහෙම්මම ස්ථිර වුනා
අයිසුලු පසුවදා වැඩට එන විට කෝඩුකාර අලුත්
රස්සාවකට ආ ලෙස කොහොමටවත් හැසිරුනේ නැ. තොරතෝංචියක් නැතිව ප්‍රශ්න
අහන මේ තරුණිය 'ඇණයක්' වෙන්නට යන බව මහතුන් හා
උක්කුන්ට අවබෝද වුනේ වරුවක් යන්නටත් කලින්.
අයිසුලුගේ
පළමු වික්‍රමය දක්නට ලැබුනේ එදා දවල් කෑම විවෙකයේදීය. කාර්යාලය පැත්තේවත් නොආ බිලොල්ව ඇය කොහින්දෝ සොයා ගත්තා. ඊළඟට කැම කන්නට
නිලදාරී බෝජනාගාරයට ඔහුව කැඳවාගෙන යන්නට උත්සහ කළා. එහෙත් නඩත්තු සේවකයෙකු වූ
බිලොල්ට නිලදාරී කැන්ටිමට ගොඩවී කැම ගැනීමට අවසර නැහැ. ඊළඟට ඇය උත්සහ කලේ බිලෝල් සමග සේවක
බෝජනාගාරයට ගොඩ වන්නටය.
වැඩබිම් සේවකයන් තුන් හාරසීයකට එකවර ආහාර පාන සැපයෙන කුහුඹි ගුලක් මෙන් ඇවිස්සුනු
සේවක කැන්ටිම ,ආධුනික නිලධාරිනියකට පවා තහනම් බව ඇයට ඒත්තු ගන්වන්නට බිලෝල්
සැහෙන්න වෙහෙසුනා,
අවසානයේ ඇය
කාර්යාලයේ සිට කැන්ටිමට යන කොරිඩෝරයේ මිදුල පැත්තට වෙන්න මුල්ලක තිබු කුඩා සීමෙන්ති බන්කුව දකිනවා. තාත්තා
අතින් ඇද ගෙන ගොස් එහි වාඩි කරවනවා. ඉන්පසු ඇය එන්නේ පෝලිමේ ගොස් ලබා ගත් ලොකු කෑම බන්දේසි දෙකකුත් සමගයි. මෙතන
ඉඳන් සිය දියණියත් සමග කෑම ගන්නට බිලෝල් කැමති වෙනවා. ඉන්පසු ඔවුන්ගේම ලෝකය. හිනා උතුරා යන පිය
දියණි සෙනෙහස .උක්කුන්ගේ
වත්තේ සිමෙන්ති බන්කුවේ සිට දියණියන් සමග බත් කන පිළිබිඹුවක්.
නඩත්තු
සේවකයකු සමග හුරතල් වෙමින් කැම කන පොෂ් තරුණිය. මේ සොඳුරු දර්ශනය ඉන්පසු හැම
කෑම පැයකදීම
දකින්නට පුළුවන් වුනා.රාජකාරි වෙලාවේදී තාත්තා සමග හුරතල් වෙන්නට ඇය උත්සහ නොකළ
අතර ඇයව මග හැර සිටීමට බිලොල්ද උත්සහ කළා. ඒත් ඔහු වෙනදා නැති උද්යෝගයකින්
කැම පැය එළඹෙන තුරු බලා හිටියා. සැන්දෑ වනවිට කැස්පියන් හඳ වඩාත් සොම්නස්
මුහුණින් අහසට නැග්ගා.
අයිසුලුගේ ප්‍රශ්න ඇසීමේ වේගය එන්න එන්නම වැඩි වුනා. ට්‍රාන්ස්ෆොර්මරයක්
ගේන්න සැලසුම් කරලා තියෙන්නේ ඇයි?. ඒකෙන් කෙරෙන්නේ මොකක්ද?. ඒක නැතිව බැරිද? ගොඩබිමින් බඩු ගෙනෙනවටත් ෂිපින් කියන්නේ ඇයි ? අදාළ හා අදාළ නොවන ප්‍රශ්න. ටික
දවසක් යද්දී ඇය හෙල්මටයක් සහ බූට් සපත්තු දෙකක් දාගෙන විශාල වැඩ බිම පුරා ඇවිද්දා . විස්තර අර ගෙන ආවා. ඇවිත් ආයෙත් ප්‍රශ්න අහනවා.
ජුලි
මාසේ වෙනකොට ශීතල දේශගුණයක් තිබ්බ වගත් අමතක වෙලා .දකුණු දෙස ඉරාන කාන්තාරවල ඉඳන් එන වියලි හුළඟ රශ්නය හා අපහසුව ආයෙමත් අරගෙන ඇවිත්.
මේ උණුසුම
මැද්දේ ආණ්ඩුවේ
තත්ත්ව පරීෂණ නීති රීති හා රෙගුලාසි වලට හරියන රිපෝර්ට් හද හදා හිටි කවුරුත් අකමැති හසානොෆ්ව ගොනුස්සෙක් කැවා . කකුලක් හා අතක් අප්‍රාණික වුනු ඔහු ප්‍රතිකාර
ගන්න රෝහල් ගත වුනාම මුලු වැඩ බිම් කන්තෝරුවටම අංශ බාගේ හැදුනා. රුසියානු හා කසාක් භාෂාවලින් ලියවුනු
හසනොෆ්ගේ ලියකියවිලි
වැඩ වෙන කාටවත් උගන්වා
තිබුනේ නැ .ඔහු වැඩ කළේ
තනියම ඒත් ඔහු
ආණ්ඩුවේ නියෝජිතයා.
සතිපතා මේ වාර්තා
ටික දිස්ත්‍රික් කාර්යාලයට පිළිවෙලට යැවුවේ නැත්තනම් ඉදිකිරීම් වැඩ කරගෙන යන්න තහනම්.
මෙන්න මේ අර්බුදය
මැද්දට පනින්නේ අයිසුලු . ඇය අල්මති නගරයේදී දේශීය රෙගුලාසි හා ප්‍රමිති වාර්තා ගැනත් යන්තමින් ඉගෙනගෙන.ඇය හැම අංශයක් හරහාම
කඩිමුඩියේ දිව ගියා. සතියක් යනකොට ආයෙමත් වාර්තා යැවුනා. වැඩ පටන් ගත්තා.
මේ සංකීර්ණ
රාජකාරි ලියකීයවිලි මැද්දේ අලුත් යාළුවො පිරිසක් හැදෙනවා. අයිසුලු , බයිකාන්, දිනාරා, උක්කුන් හා මහතුන්. ලිපි ගොනු ප්‍රගති
වාර්තා සිතියං වැඩ
අතරේ ඉඩක් හදාගෙන හැමෝගෙම රට තොට තොරතුරු, ගෙදර දොරේ විස්තරත් කතා බහ කරනවා.
බැටළු
පැටියාගේ කතාවේ ඉඳන් බලාපොරොත්තු සිඳ ගත් පෝල් ආපසු ජර්මනියට ගිය කතාව
දක්වා චිත්‍රපටියක් මෙන් දිග හැරෙනවා . දැන් මේ පලහිලවුවේ නවතම තොරතුරු මිතුරු
සමාගමේ දයිනික මාතෘකාවක්.
'දැන්නම් තාත්තටත් දුකයි වගේ'. දවසක් අයිසුලු කිව්වා
'ඊයේ පෝල් ආවිල්ල අයිසුලු හම්බ වෙන්න'. සති අන්තයක් ඉවර වී වැඩට ආ සඳුදා දිනාරා
කිව්වා.
රස්සාව කරන
වෙලාවේ කල්පනා කර කර හිටි නිසා අයිසුලු අතින් වැඩ අතපසු වෙන්න පටන් ගත්තා.
දවල් කැම වෙලාවට අමතරව හවස තේ වෙලාවේදීත් සමෝවාරය
ලඟට ගොස් හදා ගත් සිලෝන් ටී කෝප්ප දෙකක් හා කුඩා කුකීස් දෙක තුනක් සමග අයිසුලු හා බිලෝල් සිමෙන්ති
බන්කුව උඩ. හිනාවක් නැති බර පතල කතාවක්.
කාලය ගෙවුනා
. අයිසුලු හැමෝගෙම ආදරය ලබා ගන්න සොයුරියක් වුනා. ඈ තේ එකක් බොන්නට අතට ගත්තේ උක්කුන් හා මහතුන්ට තේ දෙකක් පළමුවෙන්
පිළියෙළ කර දීලා.
පෝල්
එවූ චායාරුප පෙන්නුවා . ඒක වෙන්නට බැරි වැඩක්. බොහොම තැන්පත් තීක්ෂණ ඇස් දෙකක් තිබුණු යුරෝපීය තරුණයෙක් මද්යම ආසියානු කෙල්ලෙක් එක්ක හාද වෙලා. ඒ වෙනුවෙන් නොනැවතී පෙනී
ඉන්නවා. යාලුවන්ටත්
සැකයි. ඕව වෙන දේවල්ද?
කාලය වේගයෙන්
ගෙවී ගියා මාස කීපයක් වූ රාජකාරී කාලය හමාර කරලා උක්කුන් ගම රට ආවා.දිනාරා හා බයිකාන් කසාද බැඳලා තුර්කියේ
ඉස්තාන්බුල් නගරයේ පදිංචියට ගියා. මහතුන් දරු පවුල සමග
කැනඩාවට ගියා.
අයිසුලු ගැන
ආරංචියක් නෑ .
අවුරුද්දක්
ගෙවුනා. බයිකාන්ගෙන් ලියුමක් .
බිලෝල් පෝල්
ට කැමති වෙලා.
තවත් මාස
කීපයක් ගියා . අයිසුලුගෙන් මහතුන්ට ඊමේල් එකක්. ‘මම බැඳලා ජර්මනියට ආවා. අපි දෙන්න තාත්තා බලන්න මේ අවුරුද්දේ
යනවා. අම්මයි
නංගියි බලන්න ලබන අවුරුද්දේ යනවා’.
මාස
දෙකතුනකින් උක්කුන්ට ෆොටෝ ටිකක් ලැබෙනවා. බෝල්ටික් වෙරල තීරයේ ලස්සන දර්ශන.
පෝල් හා අයිසුලු වෙරළේ ඇවිදිනවා උක්කුන් රටරටවල ෆොටෝ එකතු කරන්න,විස්තර දැන ගන්න ආසයි කියලා අයිසුලු
දන්නවා.
ආයිමත්
දිනාරාගෙන් මහතුන්ටත් උක්කුන්ටත් පණිවිඩයක්.
අයිසුලුට
දුවෙක් ලැබෙන්න ඉන්නවලු.
ඒ පණිවිඩය ලැබුණු දවසේ ඉඳන් මහද්වීප තුනක ඉඳන් හතර දෙනෙක් බලාගෙන ඉන්නවා. පෝල්ගේන් මීළඟ පණිවිඩයක් ලැබෙනකම්. අයිසුලුයි දුවයි ගැන .
'අයිසුලුගේ
දුවත් හඳ වගේ ලස්සන වෙයි. ඇට්ටර කෙල්ලෙක් වෙයි'. කවුරුත් හිතන්නේ එහෙමයි .
(දන්නෙම නැතිව ඔක්කොම කතාව ඉවර වුනා)
එක හුස්මට හතර කියෙව්වා...!
ReplyDeleteඅයිසුලුලා බර ගානක් මුණගැහිල තිබුණත් ඒ කිසි කෙනෙක්ට මේ වගේ සාධාරණයක් මගෙන් වෙලා නෑ නේද කියල හිතුන. එකම හේතුවක් නිසා වුණත් වෙනස් අයගේ හිත්වල උපදින හැඟීම් එකිනෙකට වෙනස්. ඒත් ඒ වෙනස් හැඟීම් එකවගේ දෙවල් එක්ක ගලපල ගන්න හැඟී පිළිබඳ විශේෂඥයෙක් වෙන්න ඕනෙ. උක්කුන්ගේ දකුණු ආසියානු හුරුව අයිසුලුට අසාධාරණයක් කළාට, සිංහලෙන් කියන මේ කතන්දරය කියවන දකුණු ආසිනුවන්ට ඒක තවමත් සාධාරණයක්. කැස්පියන් මුහුදට හඳ දියවෙලා යනවා දකින තවත් උක්කුන්ලා කසකස්ථානෙ නැතිවන්න බෑ. ඒ වගේම කැස්පියන් මුහුදට දියවෙලා යන්න තවත් හඳවල් අර හිම කැටි අස්සෙන් මතු නොවී තියෙන්නත් බෑ. මෙතන තව මොකක්දෝ දෙයක් තියෙනවා, උක්කුන්ගෙන්ම අහගන්න......
මීට අවුරුදු විස්සකට ඉස්සර මට හමු වූ අයිසුලු කෙනෙක් ඊට අවුරුදු දෙකකට පස්සේ ඇවිත් අපේ ගෙදර නතර වුණා. දැන් අවුරුදු දහ අටක් වෙනවා ඈ ඇවිත්.
Deleteඉරිද වෙනකල් උඹ යමක් නොලියන බව දනිතත් අද සිකුරාදා තිලකසිතට ආවෙ බැරිවෙලාවත් මොකවත් තියෙයිද නොදනින බලාපොරොත්‍තුවෙන්. සමහර සුඵ අත්‍දැකීම් මිනිස්‍සුංගෙ ජීවිත ඉරණම වෙනස් කරන්‍ට සමත් වෙන බව පිළිගන්‍ට අපි හැමෝටම කාලයක් යනවා. අසූ ගණන් වල අග භාගයේ ජීවිත හානියේ සරු සම්‍භාවිතාවයකින් තොරව මිදුලට වත් බැහැගන්‍ට බැරුව හිටි කාලෙ ගෙදර තිබුන පොත් කීපය අතරෙන් නැවත නැවත කියවන්‍ට හිතුනු පොත් තුනක් තිබුනා. ඒ ගෝර්‍කිගේ තුන්-ඈඳුණු ස්‍ව චරිතාපදානයයි. මේ පොත් තුන කොයි තරම් වතාවක් කියෙව්‍වාද කියනවානම්, මට අදත් ඔය පොත් තුනේ වැඩි හරියක් කට පාඩමෙන් කියන්‍ට පුලුවනි. ඔය පොත් තුනේ ඉංගිරිසි අනුවාද කීපයක් කියවන්‍ට ලැබුනත් අර දැදිගමගෙ ලියවිලි වල දැකපු (පියදාස සිරිසේන ඌරුවට ලියාපු) අවංක කම තියෙන එකක් මෑතක් වෙනකල්‍ම හොයාගන්‍ට ලැබුනෙ නැහැ. නුමුත් ඉසිදෝර් ශ්‍නයිඩර්‍ගෙ "මිනිසුන් අතර" අනුවාදයෙ මේ හොය හොයා හිටපු "අමු" ගතිය තිබුනා. නින්‍දට කලින් එක්‍කෙනෙක් යමක් කියවීමත් අනෙකා අහගෙන ඉඳීමත් මිශෙල්‍ටත් මටත් දැං අවුරුදු ගණනක ඇබ්‍බැහියක් -ගෝර්‍කියි ලුද්‍මිලායි නාන ගෙදර හැංගිලා කම්‍චදාල්‍කා කියෙව්‍ව වාගෙ. පොත කියවලා ඉවරවෙච්‍ච ගිය බදදා අපි තවත් පැය දෙක තුනක් පොත ගැන කතා කරමින් නිදි මැරුවා. ගෝර්‍කිගේ චරිතයෙ දකින්‍ට ලැබෙන සමහර නැඹුරුකම් මගේ ජීවිතයෙ තිබෙන බවට ඇය සාධක සහිතව තර්‍ක කළා. මෙතෙක් මේ ගැන නොහිතාපු මට තේරුනා මේ තර්‍ක වල යම් පිළිගත යුතු ඇත්‍තක් තිබෙන බව. ඉසිදෝර්‍ගෙ "මගේ සරසවි" හොයමින් ඉන්‍න මේ වෙලාවෙ මට එක පාරටම හිතුනෙ ඒක කියවන දවසක ඇය තවත් කම්‍පනයට පත් වෙන හැටි. පණ බේරාගැනීමට මිස පණ ඇති සතෙකුට වෙඩි නොතබතත්, තුවක්‍කු එකතු කිරීමටත් ඉලක්‍කයට වෙඩි තැබීමටත් කැමති මගේත් කඩපොලේ සොල්‍දාදුවෙකුගෙන් මිලදී ගත් පිස්‍තෝලයකින් හදවතට එල්‍ල කරගනිමින් වෙඩි තබාගත් ගෝර්‍කිගේත් සම නැඹුරුවක් වේදැයි ඇය හිත කොනෙන් මොහොතකට හෝ වද වෙන බවට සැකයක් නම් නැත.
ReplyDeleteපිය මිතුර, මැක්සිම් ගෝර්කිගේ චරිතයෙන් ශක්තිය හා ධෛර්යය විතරක් ගනින්. උඹ හින්දාම මම අපේ ආච්චිගේ කතාව ලියන්න තීරණය කළා.හෙට බලාපන්
Deleteස්තූතියි ඔබට නැවතත් ..දඩි බිඩි ජීවිතයකට හුරුවී ,සියලු ස්ංවේදී හැගීම්, සිතිවිලි, පුරුදු , යකඩ දොරකින් බලෙන් වසාගෙන් ඇති මගේ දෛනික ,ඒකාකරී ,කාර්‍යබහුල ..... ජීවිතයේ දිනකට, ජීවය ලබා ගන්න උදවු කලාට .Anonymous වූවාට සමාවන්න .
ReplyDeleteලස්සනයි කතාව... ඉතින් මේ මහතුන් ඔබ වෙන්න ඕන කියල මගේ හිත කියනවා..
ReplyDelete