Saturday, July 20, 2013

කැස්පියන් හඳ (තුන්වන කොටස)



දෙසැම්බර් හීගොතුවට යන්තමින් ලෑස්ති වෙලා සැහැල්ලු ජැකට්  එකක් ඇඳ ගෙන අල්මති  නගරේට ගොඩබසින්නට මහතුන්  සැරසෙනවා. ගුවන් යානයේ යාබද අසුනේ සිටි කරුණාවන්ත කාන්තාව අහනවා ඔබට හිම කබායක්, අත්වැස්මක් හෝ හිස් වැස්මක් නැද්ද කියල. 
‘තියෙනවා බෑග් එකේ’. 
‘බෑග් එක කව්න්ටරෙන් ගන්නකන් හීතලේ යන්නේ කොහොමද ?
 මහතුන් නිරුත්තරයි .
 දැන් ගුවන් යානයෙන් බැස්සා .සිරුර පාසාරු කරගෙන යන්න ඊතල මිටියකින්ම එකපාර විද්දා වගේ වුනා. මගේ අම්මෝ. අංසක රින විස්සයි. බැලු බැලු ඇත සුදු පුළුන් හිම .බෑගය පපුවට තියා තදින් බදාගෙන සට සට ගගා වෙවුලමින් ඔහු ගුවන් යානයන් එලියට එනවා. එතන ඉඳන් තවත් හැතැප්ම දෙදාහක් කුඩා ගුවන් යානයකින් අතිරෝ නගරයට. ඒක තියෙන්නේ යුරෝපේ මායිමේ. එදා රෑ  එහෙ නවාතැන්. ඔහුව පහුවදා කැබ් රථයකින් තැනි තලා බිමක පිහිට් ටැන්ගිස් නේවාසිකාගාරයට රැගෙන යන්නේ තවත් කිලෝ මීටර හාර පන්සීයක ගොඩබිම් ගමනකින්. 
ගෙදරින් ගෙනා උණුසුම් යට ඇඳුම්,  අත්වැසුම්, පළමු කබාය,දෙවන කබාය ඔක්කොම ඇන්දත් විනිවිද එන අළුගෝසු හීතල නවත්තන්න බැරි උනා.ආපහු යන්නත් බැරි ඉන්නත් බැරි අමුතුම දෙගිටියාවකට පත් වෙද්දී ඔහුගේ අපහසුව තුනී කරන්නට මිතුරු උණුසුම දෙන්නේ අල්ලපු රටේ ගෝපාල් හා තුර්කියේ එරන් .පහුවදා වැඩබිම් කාර්යාලයට රපෝර්තු කරනවා.වැඩබිමට ගියාට එහෙම එකක් නෑ . හිම ගොඩක් විතරයි.
මහතුන්එවූ උගත් පාඩම් හා පිරිය යුතු පිළියම් සහිත ඊමේල්  කියවා එන උක්කුන් ටැන්ගිස් වලට ලඟා වෙන්නේ හිම දියවෙමින් යන මාර්තු  මාසේ.
පරණ සෝවියට් රජයේ දරදඬු  මුලෑදෑනීන් , ඇෆ්ගනිස්ථානයේ සටන් කොට පැමිණි සෝවියට් සෙබළුන්,රත්තරන් දත් දැමු අසර්බයිජාන් ජාතිකයන්, විමසිලිමත් ඇමෙරිකානුවන්, නාවික තොප්පි දමා ගත නොර්වෙජිනුවන් හා වයස්ගත බ්‍රිතාන්‍යන්ගේ හිතවත් කම්  උක්කුන් හා මහතුන් ඉදිරියේ දිගහැරිද්දී   කැස්පියන් වෙරල  තීරයේ හිම කෙමෙන් කෙමෙන් දියවෙවී යනවා.
අලුතෙන් මතුවන පසේ මුහුදු බෙල්ලන්ගේ නටබුන් හා  සිප්පි කටු විසිරිලා. වසර සිය ගණනාවක එපිට මුහුදු පතුලක් වූ භූමියක්. වාතයේ අම්ලකර ප්‍රතිශතය අඩුයිද මන්දා? මේ පොලොව යටින් තියෙන්නේ ලෝකේ ලොකුම තෙල් හා ගෑස් නිධියක්.
 නුපුරුදුකම,සාංකාව හා හීතල දේශගුණය තුනී වෙමින් යද්දී උක්කුන් හා මහතුන් පැටලිලි සහිත ඉදිකිරීම් වැඩබිමේ රාජකාරී  වලට කිඳා බැස්සා . 
ඔවුන්ගේ  කාර්යාලයේ විදුලි නඩත්තු කටයුතු කරන්නට නිතර කැඳවන කහ පාට ඕවරෝල් එකක් පැළඳි පුද්ගලයෙක් හිටියා.  නිරහංකාර ආසියානු පෙනුමක් තියෙන පුද්ගලයෙක් . මුව පුරා සිනා සුනත් ඔහු කිසිම දවසක ලොකු මහත්තුරුන් සමග කතා බහකට ගියේ නෑ . ඒ ගරුසරු වැඩි කමකටත් වඩා භාෂාව දැන් නැති කම නිසා.
 ඔහු තමයි බිලෝල්. අයිසුලුගේ තාත්තා .
ඔහු හැමදාම රැ  මැදියමක් වෙනකම් සේවක නේවාසිකාගාර අසල ගල් වැටියේ වාඩි  වී කැස්පියන් මුහුදට ඉහළ අහසේ හඳ  දිහා  බලා  ගෙන කල්පනා කරන්නේ තම  අකීකරු දියණිය අයිසුලු ගැන. 
අයිසුලු අල්මති නගරයේ වැඩිපුර ඉගෙන ගන්න කාලේ හවස් වරු වලදී විද්‍යායතනයක පොඩි රස්සාවක් කළා. අන්තර්ජාලේ සරි සරුව. යුරෝපියන්ට රුසියානු භාෂාව ඉගැන්නුවා.ඇයගෙන් රුසියානු භාෂාව ඉගෙනගන්න පුලුවන්ද කියල චැට් පණිවිඩයක් එවන ජර්මන් කාරයා, පෝල්  තමයි ඔක්කොටොම මුල.
සබන් බෝල සේ මතුවී පිපිරී යන සය්බර් ප්‍රේම අනන්තය අතරේ මේ පෙම ලියලනවා. මාසයක් යන්න කලින් පෝල් ඇවිල්ල අල්මතිවලට අයිසුලුගෙන් රුසියන් ඉගෙනගන්න.
සති තුනක්ම අල්මති හිටපු පෝල් ආපසු ජර්මනියට ගියාට පස්සේ අයිසුලුත් ගෙදර යනවා. ඒ  කාලේ තමයි ඇයගේ ප්‍රේම හුටපටය  ගෙදරට  වහන් කරන්න බැරි වුනේ.
දුවේ  ඔය රට්ටු ඇවිත් හඳ  වගේ ආශාවෙන්  උඹව ලඟට ගත්තට මාසයක් යනකොට  අහක දාල යන්න යනවා. කපල දාපු නියපොත්තක් වගේ. එදා ඉඳන් උඹ සල්ලාල එකියක් වෙනවා. එහෙම කී දෙනෙක් ඉන්නවද අපේ රටේ? මට ඕනි උඹ දිහා හැමදාම පුරහඳ දිහා බලන්නා වගේ බලන මිනිහෙක්. බිලෝල්ගේ වචන.
අයිසුලු මේ කතාව එහෙම පිටින්ම පෝල්ට ලියනවා.සති දෙකක් යනකොට ආයෙමත්  මහද්වීප තරණය කරලා පෝල් අයිසුලුලා ගෙදර එනවා .එන්නේ කෙලින්ම නියම පිරිමියෙක් විදිහට කෙල්ලගේ අම්මයි තාත්තයි එක්ක කතා කරන්න. ඔහු කියන කිසි දෙයක් අයිසුලුට හැර කාටවත් තෙරුන් නෑ . එත් කවුරුත් සලිත වුනා ඔහුගේ  විනිවිද පෙනෙන අවංක කම දැක්කම්,  ඔහුගේ මිත්‍රශීලී හිත තේරුම් ගන්න භාෂාව ප්‍රශනයක් වුනේ නෑ . අම්ම කැමතියි!
තාත්තා,බිලෝල් හිතට විරුද්දව අකමැතියි. කෙලින්ම කිව්වා මේක කෙරෙන්න දෙන්න බෑ කියලා.අයිසුලු ඇඬුවා. පෝල් ගියා. තාත්තා අකමැති  නම් මම මේක නවත්තනවා. පවුලේම අකීකරු  දැරිය අයිසුලු ලිව්වා. පෝල් කල්පනා කරා . කල්පනා කරා. තාම කල්පනා කරනවා අයිසුලුත් කල්පනා කරනවා. බිලෝල් ටැන්ගිස් ඇවිල්ල කල්පනා කරනවා.
ඇයි මම විරුද්ද වුනේ? බැනා ගැන සැකයක් නෑ . එත් එයා මගේ හඳ  අරගෙන ඈතම ඈත රටකට යන්න හදනවා .මට හඳ  නැති වෙනවා. සමහර විට ජීවිතේටම. 
***
බිලෝල් හිතන දේ ගැනවත් අයිසුලු ගැනවත් හාන්කවිසියක් නොදන්නා තවත් දෙන්නෙක් බිලෝල් ඉන්න තැනට නුදුරින් නිලධාරී මෙස් එකේ දුවරු ගැන කල්පනා කරනවා. අතේ චෙස් ඉත්තෙක් තිබ්බත්, බීර වීදුරුවක් තිබ්බත් ඔවුන්ගේ හිත තිබ්බේ කිලෝමීටෙර් නවදාහක් ඈත.
***
උක්කුන් හා මහතුන්ගේ රාජකාරි වැඩ එන්න එන්නම ගොඩ ගැහෙනවා.  මහතුන් බාරව ඉන්න තත්ත්ව පාලන අංශේ ලොකුම ප්‍රශ්නය භාෂාව. බොහෝ ලියකියවිලි රුසියන් භාෂාවෙන් තමයි එන්නේ. ඉංග්‍රීසියට පෙරලා ගන්න කී දෙනෙක් පස්සේ යන්නද. උක්කුනුත් ඒ වාගේම ප්‍රශ්න ගොඩක.සැලසුම් අංශයේ ලියකියවිලි ලිපි ගොනු  වලට ඔහු වැහෙමින් හිටියා. ඒ මදිවාට රැස්වීම් රැස්වීම්.  හැමදාම. 
‘මම ඔය දෙන්නගේ ප්‍රශ්නේ නොදන්නවා නෙවෙයි  ව්‍යාපෘති සහකාරයෙක් ළඟදීම දෙනවා’ ලොක්ක කියනවා . එහෙම බොරු පොරොන්දු දිදී දිදී යද්දී දවසක් රැස්වීමක් මැදදී ලොක්කා  කියනවා ‘අන්න ඔය දෙන්නගේ සහයිකාව අද එනවා’.
උක්කුනුයි මහතුනුයි රැස්වීම හමාර වෙලා  ආපසු එනකොට  කාමර දෙක අතර කොරිඩෝරයේ ලාබාල තරුණියක් සිටියා.අක්බමරු කෙහෙරොද නළලට වැටිලා . ලස්සන චාම් බ්ලව්සයක් ඇඳ අලුත් නිල් පාට ජීන්ස් කලිසමකට බැහැල. ඒත් ඔලුව උස්සලා බලන් නැ. අල්ල වගේ දෙගුණයක් ලොකු මොබය්ල්  ෆෝනයක් අත් දෙකේ හිර කරගෙන චට පට ගාල මොනවදෝ ලියනවා. 
තමන්ගේ අලුත් ලොක්කන් දෙන්නා ළඟටම එද්දි තමයි ඇය ගැස්සිලා හිස හැරෙව්වේ.  දිගටි, කහ පාට, ඇට්ටර මුහුණ  එසවුනා . පුදුමයක් !
ඇයට හිතුනේම මේ ඉන්නේ හොඳින් දන්නා අඳුරන දෙන්නෙක්නෙ කියලා . ඔවුන් දෙදෙනාටත් හිතුනේ අවුරුදු පහළොවකට විස්සකට කලින් මග හැරිච්ච පාසල් මිතුරියක් අහම්බෙන් ආයෙම හම්බුනා වගේ.
ඇය  තමයි අයිසුලු.
බිලොල්ගේ අකීකරු දියණිය. 

2 comments:

  1. part three is better than part 2. Good luck!!

    ReplyDelete
  2. ‍‍කැස්‍‍පි‍යන්‍ ‍හඳ ‍කි‍ය‍වා‍පු ‍ම‍ට ‍ම‍තක්‍ ‍උ‍නේ ‍මී‍ට ‍අ‍වු‍රු‍දු ‍විස්‍‍ස‍ක‍ට ‍වි‍ත‍ර ‍ඉස්‍‍ස‍ර ‍හ‍ව‍ස ‍වැ‍ඩ ‍ඉ‍ව‍ර ‍වෙ‍ලා ‍‍අක්‍‍බාර් ‍කා‍ම‍රේ‍ට ‍යන්‍‍ට ‍අ‍ර ‍ම‍හ ‍දි‍ග ‍කො‍රි‍ඩෝ‍ව‍ට ‍හැ‍රිච්‍‍ච ‍වෙ‍ලා‍වෙ ‍ඔ‍ලු‍ව‍ට ‍ආ‍පු ‍‍හි‍තු‍විල්‍‍ලක්‍....... පස්‍ට්‍ ‍එ‍කක්‍ ‍‍‍හෝ අ‍ප‍ර‍යක්‍ කො‍ටා ගත්‍‍ත ‍එව්‍‍වො ‍දෙ‍ලො‍ව‍ට ‍නැ‍ති ‍ඉන්‍ස්‍ට්‍රක්‍‍ටර් ‍ගන්‍ධබ්‍‍බ‍ය ‍ප‍හු ‍ක‍ර‍ගෙ‍න, ‍ව‍දෙන්‍ ‍පො‍රෙන්‍ ජී‍‍ආර් ‍ස‍හ ‍ටෝ‍පල්‍ ‍ද‍මා‍ගෙ‍න, ‍‍පැ‍කල්‍‍ටි ‍ත‍න‍තු‍ර‍ක ‍පුට්‍ ‍බෝඩ්‍ ‍එ‍කේ ‍ය‍න ‍කා‍ලෙ. ‍හි‍ටි ‍ග‍මන්‍ ‍ඔන්‍‍න ‍මේ ‍හොඳ‍ට ‍හි‍ට‍පු ‍එ‍කෙක්‍ ‍අ‍ත ‍දි‍ග ‍ඇ‍ර‍ල ‍පා‍ටි‍යක්‍ ‍දෙ‍න‍වා. "‍මො‍කද්‍‍ද ‍යු‍නි‍වර්‍සි‍ටි‍ය? ‍ක‍වද්‍‍ද ‍යන්‍‍නෙ?" ‍ඊ‍ට ‍ස‍ති‍ය‍ක‍ට ‍දෙ‍ක‍ක‍ට ‍පස්‍‍සෙ ‍ඌ ‍යන්‍‍ට ‍ගි‍හින්‍ ‍එක්‍‍කො ‍එං‍‍ග‍ලන්‍‍තෙ, ‍ස‍ම‍හ‍රු ‍ජ‍පා‍නෙ, ‍ස‍ම‍හ‍රු ‍තා‍යි‍ලන්‍‍තෙ, ‍ත‍වත්‍ ‍උං‍ ‍ඇ‍මෙ‍රි‍කා‍වෙ. ‍"ඇ‍මෙ‍රි‍කා‍ව‍ට ‍ය‍න ‍උං‍ ‍ආ‍ප‍හු ‍එන්‍‍නෙ ‍නෑ!" "‍ක‍වු‍ද ‍ආ‍ප‍හු ‍එන්‍‍නෙ ‍නැත්‍‍තෙ?" "‍ස‍ම‍ර‍යා - ‍‍ගි‍ය ‍ප‍රක්‍‍කු‍වෙන්‍ ඌ ‍ලි‍යු‍මක්‍ ‍ග‍හ‍ල ‍ම‍හ ‍එ‍කා‍ට ‍‍ආ‍ප‍හු එන්‍‍ඩ ‍කල්‍‍ප‍නා‍වක්‍ ‍නෑ ‍කි‍ය‍ල...". ‍ය‍න ‍උං‍ ‍ආ‍ප‍හු ‍නො‍ඒ‍මත්‍ ‍ගි‍හින්‍ ‍ආ ‍ස‍ම‍හ‍ර ‍උං‍ ‍අ‍වු‍රුද්‍‍දක්‍ ‍ප‍ම‍ණ ‍තෝන්‍‍තු‍වා‍වෙන්‍ ‍මෙන්‍ ‍හිඳ ‍න‍රක්‍ ‍වු‍ණු ‍හි‍තින්‍ ‍ආ‍ප‍හු ‍යෑ‍මත්‍ ‍අ‍මුත්‍‍තක්‍ ‍නො‍වූ ‍මුත්‍ ‍ස‍ම‍ර‍යා ‍‍ආ‍ප‍සු නො‍එ‍න ‍බ‍ව ‍ඇ‍සී‍‍මෙන්‍ ‍ම‍ට ‍දු‍කක්‍ ‍ඇ‍ති ‍වි‍ය. ‍ඇත්‍‍ත‍ම ‍කි‍ය‍න‍වා‍නම්‍ ‍ම‍ට ‍දැ‍නු‍නේ ‍ඌ ‍අ‍කා‍ල‍යේ ‍මි‍ය ‍ගි‍ය ‍බ‍ව‍කි. ‍ඉ‍ගෙ‍නී‍ම‍ට ‍ර‍ට ‍යා‍ම ‍ය‍කා‍ට ‍ද‍මා ‍දුම්‍‍කො‍ල ‍සං‍ස්‍ථා‍‍වේ ‍වැ‍ඩ‍ට යම්‍‍දෝ‍යි ‍ද‍රු‍ණු‍ව‍ට‍ම ‍හි‍තු‍නි. ‍එ‍දා ‍රෑ ‍ග‍ත ‍උ‍නේ ‍ම‍හ ‍මුස්‍‍පේන්‍‍තු‍ව‍කි‍නි. ‍ප‍හු‍ව‍දා ‍හ‍ව‍ස, ‍සි‍කු‍රා‍දා ‍හ‍ය‍ට ‍ප‍ම‍ණ දි‍ය‍ත‍ලා ‍ය‍න ‍ග‍මන්‍ ‍කො‍ට‍ය‍කුත්‍ ‍‍රෙ‍දි ‍මල්‍‍ලේ ‍ද‍මා‍ගෙ‍න ‍හි‍නා ‍පෙ‍රා‍ගෙ‍න කා‍ම‍ර‍ය‍ට ‍ආ‍වේ ‍උක්‍‍ත ‍ක‍තු ‍තු‍මා‍ය. ‍ක‍ව‍දාත්‍ ‍ක‍ර‍න ‍මෙන්‍, ‍ඔ‍හු ‍නා-‍කි‍යා ‍ගන්‍‍නා ‍අ‍ත‍ර ‍ම‍ම ‍කැන්‍‍ටි‍ම‍ට ‍ගොස්‍ ‍ක‍ට ‍ගැස්‍‍ම‍ට ‍පි‍රි‍ම‍සා ‍ග‍ත ‍හැ‍කි ‍දේ ‍පොට්‍‍ට‍නි ‍ග‍සා‍ගෙ‍න ‍ආ‍ප‍සු ‍කා‍ම‍ර‍ය‍ට ‍‍ආ‍වෙ‍මි. ‍‍ක‍තා ‍සල්‍‍ලා‍ප‍ය ‍මැ‍ද‍දී, ‍කල්‍ ‍යල්‍ ‍බ‍ලා ‍ම‍ම ‍අ‍ර ‍හි‍තේ ‍ක‍ස‍ට ‍ග‍ති‍ය ‍ඇ‍ති ‍ක‍ළ ‍ක‍තා‍වත්‍ ‍ම‍ට ‍හි‍තු‍නු ‍හි‍ති‍විල්‍‍ලත්‍ ‍‍ඔ‍හු‍ට කී‍වෙ‍මි. ‍මඳ ‍වෙ‍ලා‍වක්‍ ‍බුම්‍‍මා‍ගෙ‍න ‍හි‍ටි ‍ක‍තු ‍තු‍මා ‍ම‍ට ‍මෙ‍සේ ‍කී‍වේ‍ය. "‍සැ‍ලැස්‍‍ම ‍ග‍හ‍ගෙ‍න ‍ය‍න ‍ත‍ර‍ම‍ට‍ම ‍එව්‍‍වා ‍ඒ ‍වි‍දි‍හ‍ට‍ම ‍කෙ‍රෙන්‍‍නෙ ‍නෑ ‍නෙ‍ව!" "‍ඉ‍තිං‍?" "‍ඉ‍තිං‍ ‍‍කි‍යන්‍‍නෙ ‍මො‍කද්‍‍ද? ඊ‍ලඟ‍ට ‍ත‍මා‍ගෙ ‍හි‍ත‍ට ‍හොඳ‍ම ‍දේ ‍ක‍ර‍න‍වා ‍ඇ‍ර ‍‍අ‍ර‍ම ‍වෙ‍යි‍ද ‍මෙ‍හෙ‍ම ‍වෙ‍යි‍ද ‍හි‍ත ‍හි‍තා වැ‍ට ‍උ‍ඩ ‍වැ‍නි ‍වැ‍නී ‍හි‍ටී‍ම‍ද ‍කෙ‍රු‍වා‍ව?" ‍අ‍ර ‍මු‍ල‍දී‍ම ‍කිව්‍‍වාක්‍ ‍මෙන්‍ ‍මේ ‍සිද්‍ධි‍‍ය ‍දැන්‍ ‍අ‍වු‍රු‍දු ‍වි‍සි‍ස‍ක‍ට ‍‍ප‍ම‍ණ ‍පෙ‍ර ‍සි‍දු ‍වූ‍ව‍කි.

    ReplyDelete