Wednesday, July 17, 2013

කැස්පියන් හඳ (දෙවන කොටස)


පළමු  කොටස 

තිසිත හා සමර නම් වුනු මානවකයෝ දෙන්න ළඟ පොඩි කාලෙ හිටපු උක්කුන් හා මහතුන් වැඩිපුර හිටියාඋන් දෙන්නගේ කේන්දර හොඳට  ගැලපුණා  ඇට්ටර හා  හිතුවක්කාර දේ හොඳින් ගලප්පගෙන කරන්න .දකුණු ලංකාවට ඇදෙන අදිවේගී පාරේ වගකීම් බරිත  රස්සාවක් කරගෙන හිටි  ඉංජිනේරුවා සමර ඉඩක් ලැබිච්ච හැටියේ   මහතුන් බවට පත් වෙනවාවැඩබිම්  කන්තෝරුවෙන් මිදී ගිං ගඟ නිම්නයේ වාහනය පදවාගෙන යද්දී ඔහුගේ මනස වෙලේලියේ පොඩි උන් එක්ක සරුංගල් අරිනවාබඩවැටි අස්සේ රිංගලා ඉදුණු හිඹුටු තියෙනවද බලනවා. ඒ මතකයත් එක්ක සති අන්තේ කොළඹ යනකොට පොඩිවුන් දෙන්නට සරුංගල් හදන්න බට පතුරු ටිකකුයි උගුරැස්ස මුලකුයි අරගෙනයි යන්නේ. 


දවසක් විදේශ  සඟරා අන්තර්ජාල අවුස්සා අවුස්සා අලුත් දේ කියවමින් ඉන්නා අතරේ ඔහු දකිනවා තමන්ටම කියාපු රස්සාවක ඇබෑර්තුවක්දන්නා කියන සමනලවැවවත්, කහකුරුල්ලන්පැලැස්සෙවත් නෙවෙයි ඒක තිබ්බේ ඈත හිමවතේඉස්සර සෝවියට් දේශේදැන් කසකස්තාන හා රුසියානු දේශසීමාවේ . ඔන්න මහතුන් ස්ටෙප්ස් තණබිමේ සරුංගල් අරිනවාසමර පස් සාම්පලේ බලනවා,  පාරවල්  හදන්න හොඳ තැන්  මිනුම් සටහන් කරනවා . හීන ලෝකින් පිබිදිලා ඔහු අන්තර් ජාලය ඔස්සේම ඉල්ලුම් පත්තරයක් දාන්නේ ඕනි එකක් වෙච්චාවේ කියලා .


***
මේ වෙනකොට තිසිත ගෙන්දගම් පොළොවේ ගන්වතුර පාලනේ කරන්න මහන්සි වෙනවාඔහු ළඟ වැඩිපුරම හිටියේ උක්කුන්.  කමිසය පුරා රෝස පාට ඩයි ඉහිරවාගෙන අයිස් පාලම් කන උක්කුන්රිකිල්ල  තුවක්කුව බත්කුරන්ට මානන උක්කුන්අඩුපාඩුවක් නැතිව රස්සාව කරපු  ඔහු  ඉක්මනට ඉක්මනට උසස් වෙලා ගියාට කන්තෝරුවට ආපු ගමන් ඉස්සෙල්ලම කළේ  දවසේ සිංහල පත්තර ටික බලන එකමුලින්ම ඔහුගේ ඇස ගියේ අන්තිම පිටුවේ කෙරෝලට වෙන්න  තිබ්බ සුමතිපාල ජෝතිපාලගේ හරි දයා රාජපක්ෂගේ හරි චිත් කතාවට.
***
මේ කියපු දෙන්නට වඩා බෙහෙවින් අඩු වයස් ඇත්තියක් වූ අයිසුලු අල්මති නගරේ මල්ටි අද්යන ආයතනයෙන් පරිපාලනය  පිලිබඳ මුලික ඩිප්ලෝමාවක් හමාර කලේ   දවස්වලමයිඅයිසුලු කියන විදිහට  දෙවියන් වහන්සේ වැරදීමකින්වත් මේ ලෝකෙට නරක දෙයක් මැවුවොත්   වැරැද්ද හදන්න හොඳ දෙයකුත් මවනවා. අයිසුලු කියන්නේ එහෙම වැරදිලා නරක විදිහට මවපු දෙයක් වැරැද්ද හදන්න මවපු හොඳ දේ තමයි ඇයගේම නිවුන් සොහොදරී . සිය සොයුරිය  සුවිනීතව හැසිරුණේ   පවුලේ සාම්ප්රදායක දිග ගවොම  එක්කම. ඒ අතරේම  වැඩපලේ ගෙදර දරේ වැඩ  වලට උදවු පදවූ වෙමින් ගුරුවරියක් වෙන්න හිතන්  වැඩිදුරටත් ඉගෙන ගත්තා
දෙවියන්ට වූ වැරැද්ද හෙවත් අයිසුලු හොරෙන් සිගරැට් බොන්නටත් කෙල්ලන් සමග රවුම් ගසන්නටත් පුරුදු වී  සිටියත්  ඉක්මනින්ම ඉංග්රීසි හා  තුර්කි භාෂා ඉගෙන ගත්තා . අයගේ සහෝදරියට මෙන්ම ඇයටත්  රුසියානු භාෂාව හා මද මද වෙනස්කම් සහිත උස්බෙක් හා කසාක් භාෂා හොඳින්  හසුරුවන්න  පුළුවන්අයිසුලුට  තව දුරටත් ඉහළට උගන්වන්න අයිසුලුගේ තාත්තට ඕනි උනා . ඒත් ඇය තාත්තාට කරදර කළේ  රස්සාවක් හොයල දෙන්න කියලා. කට හේතුවක් තිබ්බා . ඇය ප්‍රේමයෙන් වෙළිලා . තවදුරටත් ඉගෙන ගන්න බැ .  ඈත රටක සිටින  ප්‍රේ කුරුල්ලා සොයා පියාඹන්න ඕනිඒකට සල්ලි ඕනිසල්ලි හොයන්න රස්සාවක් ඕනි.
මේ ආදර  පලහිලවුව මුලින් මුලින් දැනන් හිටියේ ගොවිපලේ බැටළු පටියො, රොබින් කුරුල්ලො හා රෙදි සෝදද්දී ගඟුලේ පාවෙන සබන් පෙනත් විතරමයිඑත් මේ ඉව හැන්දෑ හුලන්ගේ පාවෙලා පාවෙලා ඇවිත් නිවුන් සහෝදරියටවත් බිලොල්ටවත් දැනෙන්න පටන් ගත්තා. මොහොතින් මොහොත මුහුණේ පැහැය වෙනස් වෙන එකඅහසට  හිනා වෙන එක ඔවුන් තේරුම් ගත්තා ප්‍රේම  උමතුවේ රෝග ලක්ෂණ කියලා.
 දුවේ කියාපන් කවුද ඉන්නේ කොහෙදමොන ගමේද? කොහෙන්ද උඹට මුණ ගැහුනේරස්සාවක් තියෙනවදබෙබදෙක්දසල්ලාලයෙක්ද? . පවුලේම ප්‍රශ්ණ  පත්තරය  අට පත එකට හින්දෝලා අයිසුලු ගාවට ගෙනත් හැලුවේ අම්මගේ මුවින්.
 එයා ජර්මන් කාරයෙක්!
 අවුරුදු හයේදී බැටළු පැටියා තුවාල කරපු දවසේ කියපු මුරණ්ඩු වචනවලින්ම අයිසුලු කියනවා.
අනේ දෙවියනේසාමකාමීකෙළිලොල් පවුලේ කැණී මඩල පලාගෙන හෙණ පතයක් පාත් වුනු ගානයි.හැමදේම හැමතැනම ගල් බීත වෙලා කාලය ගලන එක නැවතුනා.
 ***
උක්කුන්ගේ දෝණියන් දෙන්නා වත්තේ ජෑම් ගහ යට සෙල්ලම් ගෙයක් හදලාකෙලි පැටික්කියෝ දෙන්නයි උක්කුනුයි තුන් දෙනාම සෙල්ලම් කරන්නේ එක වයසේ උන් වගේඅද ඉරිදා පවුලේ අය වත්තේ ඉඳන් බත් උයන දවසඇත්තටම ලිපක් බැඳලා  උක්කුන්ගේ නෝනා එලවලුයි බතුයි උයනවා වත්තේපොඩි උන් තුන් දෙනෙක්නේ . මෙන්න මේ වෙලාවේ උක්කුන්ගේ මොබයිල්  එක ක්රෂ් ක්රෑෂ් ගානවා .හරියට පොඩි දුව චුටි කාලේ කිරි ඉල්ලලා අඬනවා වගේ
එහා කොනේ හිටියේ මහතුන්මචන් රුසියාවේ රස්සාවක් තියෙනවා  උඹ එනවද යන්නඋක්කුන් පොඩි උන් දෙන්නයි උන්ගේ අම්මයි දිහා බලාගෙනම හා කියනවා . ෆෝන් එක තියනවා 
ආයෙත් කුටුම්බ ශරීරේ අනිත් අවයව ටික දිහා බලනවා. ශරීරෙන් කොටහක් මෙහෙ දාල මම කොහේ යන්නදඊළඟට හිතනවා 
( මීළඟ කොටස එන ඉරිදා ලියන්නම්) 
තුන්වන කොටස 


No comments:

Post a Comment