Tuesday, April 12, 2016

නිමලේගේ අවුරුද්ද

සුරංග විසින් ලියු රතිඤඤා කතාව  නිසා මෙවර සිංහල අවුරුදු පෝස්ටු අලුතින් ලියන්නට අවශ්‍ය නැති තරම්ය. ඒ තරමට ඒ කතාව හිතට සමීපය.

කප්පරක් අවුරුදු  මතකයන්  අතරේ මගේ හිතේ දිගටම රැඳවී  තිබෙන නිමලේගේ කතාව ලියන්නට කැමතිය.

අපේ ගෙවල් ළඟ පිහිටි කිරිල්ලවත්තේ ගෙදර නිමලේ අපේ අයියාගේ වයසේ පසුවෙන්නට ඇත. ඒත් ඔහුට දෙපයින් හිටගනීමට නොහැකි වුයේ ඔහුගේ දෙපා උපතින්ම අබාධිත වී තිබු නිසාය. කිරිල්ලවත්තේ ගෙදර කිරි අම්මා උදේම සෝදා කවා මිදුලේ සෙවනැති තැනක නිමලේ වාඩි  කරවා තබයි. ඉන්පසු ඔහු ගල් කැටයක් උඩ දමමින් හෝ මොනා හෝ කියවමින් සිටී . කිරිල්ලවත්තේ ගෙදර ඇත්තෝ කොහේ හෝ ගමනක් යනවිට නිමලේද හොඳට අන්දවා ගෙන කරේ තබා ගෙන යන හැටි අපට සුපුරුදු දසුනකි. ඇවිදීමේ බැරිකම අරුණුවිට ඔහු ගමේ සාමාන්‍ය කෙනෙකු සේ ජීවත් වුනේය. හැබැයි විමලේව ඉස්කෝලේ අරින්නටනම් උත්සහ කළ වගක් මට මතක නැත.

අප කිරිල්ලවත්තේ  ගෙදර අවුරුදු කාලයට නිතිපතා යන්නේ සිංහල අවුරුදු උදා වෙන්නට සති දෙක තුනකට පෙර පටන් ගන්නා පංච දැමීමට හා හෙඩ් බුරුස් දැමීමට සම්බන්ද වෙන්නටය.  කාසි දෙකක් එකට දමා  'නෝනද පොල්ලද' අහන සෙල්ලමට අපි කිව්වේ හෙඩ් බුරුස් දානවා  කියලාය.

මේ සෙල්ලම් කරන පිරිස දෙස  උතුරා යන ආසාවෙන් බලා සිටින නිමලේ ගැන මුලින් මුලින් කවුරුවත් ඒ හැටි වද වුයේ නැත. පංච දමන කාණ්ඩ දෙක තුනක් තිබූනද සමහර විට නිමලේ සමග සෙල්ලම් කරන්නට කවුරුවත් හිටියේ නැත.  ටික කලක් යනවිට නිමලේගේ හොඳම යාලුවා බවට අපේ අයියා පත් විය. කවුරු නැතත්  නිමලේ සමහ පංචි දැමීමට අපේ අයියා එකතු වී සිටියේය. ලෝක අණ්ඩපාලයකු වූ අපේ අයියා මුලින් මුලින් නිමලේ සමග සෙල්ලම් කරන්නට කැමති වෙන්නට ඇත්තේ ඔහුගේ කාසි ලේසියෙන් දිනන්න පුළුවන් නිසා වන්නට ඇත. ඒත්  දින ගණනක් ගෙවී යද්දී මේ යාලුකම තව තවත් වැඩී  ගියේය. අයියාට නිමලේ දකින්නට නැතිව ඉන්නට බැරි විය. හවස් වෙද්දී  කාසි ටිකක් හොල්ල හොල්ලා කිරිල්ලවත්ත ගෙදරට ගොස්  නිමලේ සමග හෙඩ්   බුරුස් දමන්නට පටන් ගනී. ටිකකින් තව කීප දෙනෙක් එතෙන්ට සෙට් වෙති. ඔහොම් අවුරුද්ද ගෙවී වෙසක් මාසය උදා උනද අපේ තත්තා කියන මේ  ' සුදු කෙලිය' නතර වුනේ නැත.

මේ ඇබ්බැහියෙන් අයියා මුදවා ගැනීමට අපේ අම්මා හා තත්තා අපමණ වෙහෙසුනේය. ඒත්  අලුත් අවුරුදු දවසේ අලුත් කමිසයක් ඇඳගෙන උජාරුවෙන් පැදුරේ වාඩි  වී සිටි දෙපා අහිමි නිමලේටත් අවුරුද්දක් තිබුනා නේදැයි මතක් වෙනකොට නිමලේ සහ අපේ අයියා අතර තිබු මිතුරු සමාගම ගැන එදාට වඩා අද සොම්නසින් සිහි කරන්නට පුළුවන.

ඔබේ ආදරය ලැබිය හැකි මානයේ නිමලේ වගේ කෙනෙක් සිටීදැයි මදක් සොයා බලන්න .

ඔබට වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා !

( චිත්‍රය ඇන්දේ ඔවිනි )

29 comments:

  1. ඔබටත් සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා තිලකෙ අයියේ.

    ReplyDelete
  2. තිලක සිතටත් සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  3. ජීවිතය..
    සුබ අලුත් අවුරුද්දක් වේවා..!
    ජයවේවා..!!

    ReplyDelete
  4. තිලකෙටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!! අද චිත්‍රය නං වෙනදට වඩා ගොඩක් ප්‍රොෆෙෂනල් කියල ඔවිනිට කියන්න.

    ReplyDelete
  5. අපූරු චිත්‍රයක්..තිලකටත් පවුලටත් තිලක සිතේ හැමෝටමත් සුභ අළුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
  6. තිලකසිත කියුව වගේ ළමයෙක් අපේ ගෙවල් ලඟ ඉන්නවා. ඒ මල්ලිට හැමෝම හරි ආදරෙයි. එයාට ඇවිදින්න විතරක් නෙවෙයි කතා කරන්නත් බෑ. ඒත් හැමෝ එක්කම එයා කතා කරනවා. හැමෝම එයා එක්කත් කතා කරනවා. මට මතකයි එයා පොඩි කාලේ අපේ මල්ලි එයා එක්ක සෙල්ලම් කළා. අනිත් අහළ පහළ ළමයිත් එයා එක්ක සෙල්ලම් කරනවා. තාමත් එයා මිදුලේ හිටියොත් කවුරු උනත් එයාට කතා කරලා සැලුට් කරලා තමයි යන්නේ. ඒක තමා එයාගේ සතුට...
    තිලක සිතටත් පවුලේ හැමටත් සුභ නව වසරක් වේවා...

    ReplyDelete
  7. සුබ නව වසරක් සහ සුබ ගමන් තිලක්!

    ReplyDelete
  8. සුබ අලුත් අවුරුද්දක් වගෙම අවුරුද්දෙ හිතන්න දෙයක් ඉතිරි කළාට ඔබට බොහොම පින්..!!

    ReplyDelete
  9. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  10. Kathawai chitrei dekama lassanai uncle..
    Mesare aurudda lassanama lassana wei nda uncle.. nangilat ekka.
    Eka ehemm wenna + uncletai auntytai nangilatai satuta piruna auruddk wenna mgen subapatum uncle..

    ReplyDelete
  11. Kathawai chitrei dekama lassanai uncle..
    Mesare aurudda lassanama lassana wei nda uncle.. nangilat ekka.
    Eka ehemm wenna + uncletai auntytai nangilatai satuta piruna auruddk wenna mgen subapatum uncle..

    ReplyDelete
  12. Kathawai chitrei dekama lassanai uncle..
    Mesare aurudda lassanama lassana wei nda uncle.. nangilat ekka.
    Eka ehemm wenna + uncletai auntytai nangilatai satuta piruna auruddk wenna mgen subapatum uncle..

    ReplyDelete
  13. සිංහල අවුරුද්ද කියලා අපේ අතීත මතක ඇවිස්සුවොත් මහා සුරංගනා ලෝකයක් මැවෙනවා.

    ඔබට සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  14. ශ්‍රී සුබ නව වසරක් වේවා!!! හිතන්න දෙයක්....

    ReplyDelete
  15. සුභ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
  16. සැවොම සතුටු වන්නේ නම් ඒ නියම සිංහල අවුරුද්දයි.

    සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබට සහ පවුලේ සැමට.

    ReplyDelete
  17. සුභ අලුත් අවුරුද්දක් වේවා තිලක. මේ පැත්තෙ එවෙනවා නම් අපිටත් කියන්න...

    ReplyDelete
  18. හිතන්න දෙයක් තියෙන කතාවක්, සුබ අලුත් අවුරුද්දක් තිලක අයියා.

    ReplyDelete
  19. කතාව කියවල ඇහැට කඳුළක් ඉනුවා , සුබ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  20. අළුත් අවුරුද්දට අළුත් සිතිවිල්ලක්

    ReplyDelete
  21. ඔවිනි දුවලාගේ ගෙදර හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  22. නිමල් කෙනෙක් නැ අහල පහල ඉන්න එකම නිමලා මම තමා ( මොලේ උලුක්වෙලා ඉන්නේ )

    ReplyDelete
  23. සුභ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
  24. සුභ අලුත් අවුරුද්දක් තිලක සිතේ ගෙදර හැමෝටම. ලස්සන චිතරය්ක් බව ඔවිනිට කියන්න.

    ReplyDelete
  25. අවුරුද්ද යනු කම මේසේ වත් , නැකත් වත් චාරිත්‍ර වත් නොවේ . මෙවැනි මොහොතවල් , මතකයන් ම පමණි . අන්න ඒකයි පිට රට ඉන්න ඈයොත් අවුරුදු උත්සව තියන්නේ , ගෝනි රේස් දුවන්නේ , අලියට ඇහැ තියන්නේ , ඒත් මදි මදි වගේම දැනෙන්නේ ... අවුරුද්ද තියෙන්නේ හිතේ , තැන්පත් වුනු මතකයන් අතර ... නේද කියලා හිතෙනවා

    ReplyDelete
  26. වැදගත් පණිවිඩයක්නේ දෙන්නෙ. හරි ලස්සනයි

    ReplyDelete
  27. කියවන්න ඉස්පාසුවක් ලැබුනේ දැන්..රසවත් අවුරුදු කතාවක් අයියා... පොත තව ටිකක් ඉතිරිව තිබුනා... අහිකුන්ටක ජීවිතේ නිසා පොත් පෙට්ටියක තිබුනේ දැන් ආයේ හොයා ගත්තා... ඉක්මනින් ඒ ගැනත් ලියන්නම්

    ReplyDelete
  28. ගොඩක් වෙලාවට අපි හැමෝටම ඕන අපිව පිලි ගන්න,අපිව එකතු කර ගන්න , තරාතිරම අඩුපාඩු බලන්නේ නැතුව , එකම විදිහට එකතු වෙලා සතුටු වෙන්න.. පරිපුර්ණ ජිවිත පස්සේ හැල්මේ දුවන අය අතරේ මෙ වගේ පණිවිඩ දෙන අය ඉන්න එක මොන තරන් දෙයක් ද ? ඇත්තටම බොහොම පුංචි දෙකින් කෙනෙක්ගේ හිතට මහා සතුටක් දෙන්න පුළුවන් එක තප්පරයක් නැවතිලා අවබෝදයෙන් බැලුවනම්... චිත්‍ර නම් හැමදාම වගේ හරිම අපුරුයි.

    ReplyDelete