Saturday, August 13, 2016

ලෝකල් ඩෙනිස් ලිලී

ම ආශ්වාදයෙන්ම මතක් කරන කාලයක් තමයි කොටුවේ පිට්ටු බම්බු තුනේ වැඩ කරපු අවුරුදු දෙක.  තට්ටු තිස් දෙකක් උස ලංකා බැංකු ගොඩනැගිල්ල හදල තියෙන්නේ රුපියලේ කාසි ගොඩක් එක උඩ  එක තිබ්බම එන හැඩේට . ඒත් ඒකට  හැමෝම කිව්වේ කොටුවේ පිට්ටු බම්බුව කියලා. 1996 විතර වෙනකං ඒක තමයි ලංකාවේ තිබ්බ උසම ගොඩනැගිල්ල . කොටුවේ  ලෝක වෙළඳ මධ්‍යස්තාන නිවුන් ගොඩනැගිල්ලට තමයි ඉන් පස්සේ ඒ තැන අයිති උනේ තවත් අවුරුදු කීපයක් යනකං. ඒ ගොඩනැගිලි දෙකට තට්ටු තිස් අට ගානේ තිබුනා .

කවුරුත් විශ්වාස කරාවිද මන්දා  මම ඔය තට්ටු තිස් දේකේ හා තිස් අටේ බිල්ඩින්  තුනේම පිටත බිත්ති  පුරාම ඇවිදලා  තියෙනවා . ඇවිදිනවා කිව්වට් එහෙම හරස් අතට ඇවිදින්න බෑනේ  මකුළුවෙක් වගේ . ඒ ඇවිදිල්ල කෙරුනේ වහල මුදුනින්  කේබල්  වලින් එල්ලාපු කුඩුවක  නැගගෙන. සිංහලෙන් කිව්වේ ගොන්ඩෝලා එක . මේවයේ ගිහින් තමයි පිටත බිත්තියේ ජනෙල් වීදුරු  නැත්නම් ඇලුමිනියම් තහඩු සවි කරන්නේ , සීල්  කරන්නේ, පරීක්ෂා කරන්නේ

තට්ටු තිස් අටේ ගොඩනැගිලි දෙකේ වැඩ තමයි ඉස්සෙල්ලේම කරන්න  පටන් ගත්තේ . ඒ  වෙනකොට ගොඩනැගිල්ලේ සැහෙන තට්ටු ගානක් දෙස් විදෙස් සංවිධාන හා  සමාගම් විසින් කුලියට අරන් තිබ්බා.  කොටි බෝම්බ වලින්  ගොඩනැගිල්ලේ පිටත  ඇතුලත  හානි වෙලා තිබ්බත්, සමහර තට්ටු වල කන්තෝරු පවත්වාගෙන ගියා.

මේ පැත්තම අධි ආරක්ෂක  කලාපයක් වෙලා තිබ්බේ. විශේෂ හැඳුනුම්පතක් තිබ්බ උදවියට  විතරයි ඇතුළු වෙන්න පුළුවන් වුනේ.  සිංගප්පුරු සමාගමකට අයිති  බිල්ඩිමේ දේශීය හා ජාත්‍යන්තර ආයතන ගණනක කාර්යාල   තිබුන නිසා අලුත්යාවැඩියාවටත් ඒ වගේම විශේෂත්වයක් දීලා තිබ්බා.වැඩ කොන්ත්‍රාත්  දීලා තිබ්බේ විදේශ සමාගම්වලට . කම්කරුවෝ හැටියට ගත්තේ පුහුණු කාර්මිකයෝ. ඉංජිනේරුවෝ, කලමනාකාරයෝ සයිට් එකට බැහැලාම වැඩ  කළා .

ඩෙනිස් ඕස්ට්‍රේලියන් ජාතික ඉංජිනේරුවෙක්. හරිම සුන්දර  මිනිහෙක්. ඒ කාලේ ප්‍රසිද්ධ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙක් හිටිය ඩෙනිස් ලිලී කියල . ඊට සමාන හැඩරුවක් තිබ්බ නිසා අපේ යාළුවාත් ඒ නමින් ඇමතුවට  ඔහුගේ මුල් නම වෙන  එකක් .  ඩෙනිස්ට කවදාවත් වටේ පිටේ ඉන්න අනිත් අය කාල නැත්නම් තනියම කන්න බෑ . ඔය ගොල්ලෝ   කාලද ? නැත්නම් එන්න කෑම කන්න'  ඒ වගේම ආචාරශීලීයි.

ඩෙනිස් හා හා පුරා කියල වැඩබිමට ආපු දවසෙම ආගන්තුක සත්කාරයක් හැටියට  කඩේකින් සීතල බීම බෝතලයක් ගෙන්නලා දුන්නා අපේ ගෝලයෙක් වෙච්ච ගුණසිංහට කියල .   අපේ සයිට් ඔෆිසියේ බෝතල් අරින අඬු  එහෙම තිබ්බේ නැති නිසා කඩෙන්ම  බෝතල් මුඩිය ඇරලා ආපහු යන්තම් වහගෙන තමයි ගේන්නේ.

බීම බෝතලේ  ගුණසිංහගේ  දෝතින්ම දුන්න ගමන් ඩෙනිස් ස්තුති පුර්වකව අතට ගත්තා. අලුත් දේශගුණයේ දාඩිය බේරෙමින් සිටි ඔහු පිපාසෙන් පෙළෙන  බව පෙනුනා  .

ඔහු වට පිට බලල  මේක අරින්නේ කොහොමද කියන ප්‍රශ්නය ඉඟියෙන්  ප්‍රකාශ කළා

වහා ඉදිරිපත් වෙච්ච ගුණසිංහ ' ගිව් සර්. ගිව් සර් කියල  බෝතලේ අතට අරන් මුඩියේ යටි පැත්තට මාපටැඟිල්ලේ නියපොත්තෙන්  උඩුකුරු තට්ටුවක් දැම්මා . බීම බෝතල් මුඩිය  උඩින් විසි වෙලා ගිහින් බිමට වැටෙද්දී ඩෙනිස්ක්ගේ ඇස් පුදුමෙන් ලොකු වෙලා ගුණසිංහගේ දෙපතුලේ ඉඳන් ඔලුවට එනකන් සම්පුර්ණ ස්කෑන් බැල්මක් දැම්මා.

මිනිහට හිතෙන්න ඇති ලංකාවේ ඉන්නේ මාරම වැඩකරුවෝ කියල .
මම ඉතින් කියන්න ගියේ නෑ මේ බෝතලේ  කඩේදී ඇරලා අතින් තද කරලා ගෙනාපු එකක් කියල .

මේ වැඩෙන් පස්සේ  ඩෙනිස්ට   හිතට අල්ලලාම  ගිය ගෝලයෙක් වුනා  ගුණසිංහ .

ඒත් ඩෙනිස් එක්ක ගුණසිංහ තදින්ම අමනාප වූ දවසක් තිබුනා  .
එකට හේතු වුනේ ඩෙනිස් තව කෙනෙකුට  ' ලෝකල් වර්කර්ස්' කියමින් ගුණසිංහලා පෙන්වා මොකක්දෝ කියා තිබීමය.

ගුණසිංහ පැමිණිල්ල ඉදිරිපත් කරේ මට.

'මහත්තය බලන්න ඩෙනිස්  මහත්තය අපිට ලෝකල් මිනිස්සු කිව්වා . අපි මේ  මහන්සි වෙලා වැඩ කරාට නම්බුකාර මිනිස්සු.  එයාට කියන්න අපි ලෝකල් මිනිස්සු නෙවෙයි කිය'ල .

'ලෝකල් කියන්නේ මේ  රටේම  කියන එකනේ ගුණසිංහ'  කියා කොච්චරක්වත් කිව්වට ඔහු පිළි  ගත්තේම  නෑ '

තව දවසක් ඕස්ට්‍රේලියාවෙන් ගෙනා  කොන්ක්‍රීට් විදින  කටුවක් අරගෙන ගුණසිංහ  මා ලඟට ආවා.
සර් මේ කට්ට ' ලෝකල් ' එකක් නිකම්ම කැඩෙනවා. මේ සැරේ ගෙනල්ලා තියෙන්නේ ලෝකල් බඩු .

'නෑ නෑ  ඔය ඕස්ට්‍රේලියන් කන්ටේනරේක අනිත් බඩුත් එක්ක  ආපු  ඒවා'. අපේ ඉස්ටෝ කීපර් කිව්වා.
' එහෙනම් ඒවා ඕස්ට්‍රේලියාවේ ලෝකල්' බඩු වෙන්න ඇති'  කියාගෙන ගුණසිංහ එතනින් ඉවත්ව ගියේ හිතේ සතුටකින් නොවෙයි.

මේ  සිද්දී දෙක නිසා ගුණසිංහ ' ලෝකල්' නමින් ගරු නාමයක් ලැබුවා.

මේ ලෝකල්ට අමතරව ඩෙනිස් විසින් හදිසි වැඩ වලට හවුල් කර ගත්ත අනෙක් උදව්කරු උනේ ඔම්ලට්

ඔම්ලට්ට ඒ නම දීලා තියෙන්න  කම්කරු පිරිසමයි .

ඒ කතාව ගුණසිංග දවසක් මට මෙහෙම කිව්වා

මහත්තයා දවසක් අපි  රෑ වැඩකරපු දවසක අට දෙනෙක් කෑමට හිටිය . කෑම  නමයක්ම එවලා තිබ්බා .  මහන්සියේ වැනි වැනී හිටිය මහත දෙහෙත ලාල් ගිහිල්ල අන්න අර බැම්ම  උඩ වාඩිවෙලා කෑම එක දිග ඇරගෙන තනියම කැවා .පස්සේ  ලාල් අහනවා 'මොනාද බං අර   රොටී වගේ ජාතිය . මරු රහයිනේ'  කියල.
 අපි ඇහුවා  මොන රොටිද නිකම්ම නිකම් එළවලු බත් නේ තිබ්බේ .
පස්සෙයි වැඩේ ආරංචි උනේ කඩෙන්  එවලා තියෙන්නේ ඔම්ලට් කෑම අටක්. ඔම්ලට් අට වෙනම පාර්සලෙක ගෙනල්ලා.

දෙයියෝ සාලේ ඔම්ලට් අටක් කාලා මරු රොටී පාර තමයි කියපු හාදයාට එදා ඉඳන් ඔම්ලට් කියන එක අහන්නත් දෙයක්ද .

ඔය ඩෙනිස්  ඕස්ට්‍රේලියාවේ ඉඳන් ලංකාවට  ඇවිල්ල තියෙන්නේ පිලිපීනය හරහා. එහෙ සති දෙක තුනක් කැරකිලා හොයාගෙන තියෙනවා අපුරු බිරිඳක් .

මේ  අලුත් යුවල  ලකාවට ඇවිත් පුංචි තට්ටු නිවාසෙකින් ගෙයක් කුලියට අරන් සන්තෝසෙන් හිටියා.

ඩෙනිස් දවසක් හැන්දෑ වෙද්දී  නොසන්සුන් වෙලා . අපි කොහොමත් සමහර දවස්වල රෑ  එකොළහ  විතර වෙනකම් වැඩ කරනවා  ඉලක්ක කරපු වැඩ ඉවර කර ගන්න.

ඩෙනිස් මට පින්සෙන්ඩු උනා  .  'මේ වැඩ ටික ඔයාට තනියම බලා ගන්න පුලුවන්ද ? මම  අද කලින් යන්ටෝනි . අපේ වයිෆ්ගේ උපන් දිනේ . එයා බලා ඉන්නවා  මාත් එක්ක  ක්ලබ් යන්න' .
'ඉතින් යන්න '. මම කිව්වා .

ඒත් ඩෙනිස් ගියේ  නෑ . දිගට හරහට කෝල්  එනවා  ගෙදර උන්දැගෙන් .
'මම මේ ටික බලා ගන්නම් ඩෙනිස් යන්න '. මම දිගටම කිව්වා
එත් වැඩක් පටන් ගත්තම ඩෙනිස්  ඒක  දාලා යන්නේ නෑ ඉවර වෙනකම් .

කොහොම කොහොම හරි රෑ නවයත් පහු වෙද්දී ඩෙනිස්  පිටත් උනා . මම ගිහින් එන්නම් කියල .

මෙන්න පැයක් ගියේ නෑ ඩෙනිස්  ආපහු ආවා මූණ රතු කරගෙන .
'මොකද මේ.  බර්ත් ඩේ පාටිය කල් දැම්මද?  මම ඇහුවා .

ඩෙනිස් මාව සයිට්  ඔෆිස් එකට  ඇදගෙන ගියා .
බෑග් එකෙන්  ගත්තා ප්ලාස්ටික් කෝප්ප  දෙකකුයි  විස්කි බෝතලෙකුයි.

බොමු !

'ඩෙනිස් මෙතැන  සයිට් එකේ බොන්න තහනම්. අනික මමත් තනියම වාහනේ එලවාගෙන ගෙදර යන්නත්  ඕනි තව  ටිකකින්'

ඒක නෙවෙයි මොකද ගිය පයින්ම ආවේ ?

'වැඩක් නෑ' .
ඩෙනිස් විස්කි අඩියක් පුරවලා උගුරට හලා ගත්තා

"ඒකී බලන් ඉඳල බැරි තැන ලියුමක් ලියල තියල ගිහින්"

ඉතින් හෙව්වේ .නැද්ද ?
'ඔය කොහේ හරි ගිහිං  එන් නැතැයි'.  ඩෙනිස් දිගටම බිව්වා.

දවසක් විසි අට වෙනි තට්ටුවේ තියෙන වැඩකට හදිස්සියේ යන්න වෙලා.  බිල්ඩිමේ සමහර කන්තෝරු  කාමරවල සීමිත  වෙලාවයි වැඩ කරන්න අවසර ලැබුනේ,  අපිම සවි කරපු දොරක ජනේලෙක අඩු පාඩුවක් හදන්න ලොක්  එකක් මාරු කරන්න  වගේ හදිසි වැඩවලට ඩෙනිස්  අරන් යන  ගෝලයෝ දෙන්න තමයි ඔම්ලට් හා ලෝකල්.

මේ ගොඩනැගිල්ල දෙපාරක් ත්‍රස්තවාදී ප්‍රහාරවලට මුණ දීලා තිබ්බ නිසා ආරක්ෂක අංශයට ලොකු බලයක් තිබ්බා. උඩට යන ලිෆ්ට් වලින් විදේශිකයන් හා නිලධාරීන්ට යන්න ලිෆ්ට් හතරක් තිබ්බ. සේවකයන්ට යන්න හා  බඩු ගෙනියන්න වෙනම සේවා ලිෆ්ට් දෙකක් තිබ්බා.

ගෝලයෝ දෙන්නා  සේවා ලිෆ්ට් එකේ යන්න හැදුවත් ඩෙනිස්  වැඩේ හදිසිය නිසා නිලධාරී ලිෆ්ට් එකේම යමු ඔන්නොහෙ  කියලා දෙන්නත් එක්ක එතැන පෝලිමට ගියා. ඉහළ පහළ යන  සෙනගේ හැටියට විදුලි සෝපාන තිබ්බේ අඩුවෙන්. කීපයක්ම හානි වෙලා.

ඕවරෝල් ඇඳ ගත්ත, දුවිලි හා දාඩිය ගඳ  කාර්මිකයන් දෙන්නා තමන් සමග ලිෆ්ට් එකේ යනවට  මගීන් කිසිවෙක් කැමති පාටක් පෙන්නුවේ නෑ.  නගින්න බලාගෙන ඉන්න පිරිස  මේ දෙන්නගේ ඇඟේ නොගෑ වී ඉන්න මහන්සි ගත්තා.
ඔවුන්ටත් වඩා ඒ වැඩේට  විරුද්ධ උනේ එතැන හිටි ආරක්ෂක නිලධාරියා.
 
'ඔය දෙන්නා සර්විස් ලිෆ්ට් එකේ යන්න' .ඔහු සැර  වුනා.

අපේ ගෝලයෝ දෙන්නා අනිත් පැත්තට යන්න හැදුවා .
ඩෙනිස්  ඔවුන්ට යන්ට නොදී නවත්තා  ගත්තා.

ලිෆ්ට් එක ආවා. දොර අරුනා. සයිට් ඉංජිනේරුවා උනත් හොඳින් හැඳ පැළඳගෙන සිටි ඩෙනිස්  පැනපු ගමන් ලෝකල් හා ඔම්ලට්  දෙන්නගේම කරවල්ටවලට අත් දෙක දා ගත්තා.
ඔහු ඒ දෙන්නාත් ඇදගෙනම ලිෆ්ට් එකට ගොඩ උනේ වැදගත් පහේ මගීන් පිරිස අතරින් ඉඩක් හදාගෙන .

 ලිෆ්ට් එකේ දොර වැහුනා .


(මේ තමයි  මගේ සියවැනි පෝස්ට් එක)

Photo: alchetron.com/

59 comments:

  1. සියවෙනි ලිපියට සුබ පැතුම්. දහස් වෙනි එකත් ලියන්න හැකිවෙයි ඉක්මනටම.

    ඔම්ලට් කතාවනං මරු තමයි. අනික් උංට උෟව ඔම්ලට් දාල කන්න හිතෙන්න ඇති ඒ කතාවෙන් පස්සෙ.

    ReplyDelete
    Replies
    1. තැන්කිව් ප්‍රසා. හෙහ් හේ මට ජීවිතේට අමතක නොවෙන කෙනෙක් තමයි අපේ ඔම්ලට්

      Delete
  2. සුභ පැතුම්!! මේ වගේ කතා කියවද්දී අපේ අපේ වගේ හැඟීමක් එනවා.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ ඔහෙත් සයිට් එකේදි ඔම්ලට් පාර්සලයක් තනියෙං කෑවද? හැක්..

      Delete
    2. ස්තුතියි සුමිත්.
      හැබැයි ප්‍රසා පොඩ්ඩක් හොයල බලන්න වටිනා වැඩේ

      Delete
  3. ගොඩාක් ආසාවෙන් කියෝන බ්ලොග් එකක් . . මදි පාඩුවට ප්‍රින්ටඩ් පොතත් ආයේ ආයේ කියෝනවා. සීයට සුභ පැතුම්.

    ReplyDelete
    Replies
    1. මොහොම ස්තුතියි, දුකා සතුට ගේන දුකා

      Delete
  4. Shooi uncle.. lassanai.. man asam wdihe kathawak.. unclege rasa katha rasaama rasai uncle...!
    Mata exam iwarai uncle.. dan athitharan katha kiyawanna puluwan..!
    100 weni kathawata suba pathum uncle.. ikmanatam 1000 wenakan man balan innawa.. hamadama kathawak dennako uncle..
    Suba pathum uncle...!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුව. සතුට පිරුණු නිවාඩු කාලයක් වේවා. ඉක්මනින් තව ලියන්නම්

      Delete
  5. සියයට සුබ පැතුම්.

    ReplyDelete
  6. ගොන්ඩෝලා එක පාත් වෙද්දි මගේනම් බඩයි ඊට පල්ලෙහා තියෙන අවයවයි ඔක්කොම හීතල වෙනව...:)

    ReplyDelete
    Replies
    1. බඩට පල්ලෙහා තියන අවයව කිව්වේ කකුල් දෙකේ ඇඟිලි එහෙම නේද?

      Delete
    2. හෙහ් හේ රවී ගොන්ඩොලා එක ගැන හරියටම දන්නවා එහෙනම්

      Delete
  7. අඩේ සීය.....අමතක මතක බැරිවුනා නෙව...මගේ හෘදයාංගම සුබපැතුම්!!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ මාත් බැලුවේ. තැන්කිව් තැන්කිව් රවී

      Delete
  8. ලෝකල් නොව ඔරිජිනල් වූ, ලෝකල් හා ඉන්ටනැෂනල් පෝස්ට් සියයට සුබපැතුම්! තවත් චිරාත් කාලයක් හරස් බිත්ති දිගේ ඇවිදින්නටත්, එසේ ඇවිදිද්දී ලැබුණු අත්දැකීම් බෙදාගන්නටත් කාල වේලාව ලැබේවායි පතමි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචන් .ඉකෝන් ගැන මං පත්තරේට ලීවා. දැක්කේ නෑ නේද ?

      Delete
  9. සියවෙනි පෝස්ටුවට සුබ පැතුම්!. සීයෙ ඒවා සීයක් කියවන්න අපි බලන් ඉන්න නිසා කම්මැලි දෙයියව එලවලා ඔය රස කතා ටික ඉක්මණින් ලියන්න.

    ඔම්ලට් කාපු මනුස්සයත් අර වතාවක් කතාවකදි කිව්ව වයිෆ් උයලා දෙන කෑම එකයි කඩේ කෑම එකයි වෙන් කරලා අදුරාගන්න බැරි වෙච්ච කෙනා වගේම වෙන්නැතිනෙ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඔම්ලට් කියන්නේ ලෝකේ පෙරලුනත් දන්නේ නැති සැහැල්ලු හිත හොඳ ගෝලයෙක්. බොහොම ස්තුතියි සඳ වියමන

      Delete
  10. මේ තමයි මගේ සියවැනි පෝස්ට් එක)////////////// සුබ පැතුම්+++++++++++++

    ReplyDelete
  11. මගෙනුත් සීයට සුභපැතුම්.

    ජයවේවා!!!

    ReplyDelete
  12. පෝස්ට් 100ට සුබපැතුම් .
    ලෝකල් කියන වචනෙ අපෙ වැඩිදෙනෙක් පාවිච්චි කරන්නෙ ලෝකල්ගෙ අර්ථයෙන්ම තමයි :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිර්නාම

      Delete
  13. ඔය WTC එකේ බිත්ති දිගේ උඩට නගින්න හැදුව නේද සැරයක් විදේශිකයෙක්. අපේ ඔෆිස් එකත් කාලයක් බටහිර කුළුණේ තිබුණා.
    සීයට සුබපැතුම් තිලකේ!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හැලපේ . ඒ කතාව මමත් අහල තියෙනවා .

      Delete
  14. ලෝකල් සහ ඔම්ලට් සම්මානනීය නාම දෙක නම් මරු...

    සිය වෙනි පෝස්ටුවට සුභපැතුම්.. ගොඩක් ආසාවෙන් කියවන බ්ලොග් අඩවියක්... තව තවත් ලියන්න ශක්තිය දෛර්ය ලැබේවා....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිර්මාණී . තව හොඳ හොඳ නම් ගොඩක් තිබ්බා. සමහරවිට අපේ ගෝලයෝ මටත් නමක් හදල තිබ්බද දන්නේ නෑ

      Delete
  15. I touched few good lessons to wtc security during my 8 year service @ wtc as a Manager of one of the reputed company .

    ReplyDelete
    Replies
    1. That was my first project with multi national project team. Really a memorable time. Thanks for your comment

      Delete
  16. සීයට සුබ පැතුම්

    ඉතිං හරිනේ , ඒ කට්ට ඕස්ට්‍රේලියාවේ ලෝකල් එකක් තමා

    ReplyDelete
    Replies
    1. කොහේද හිටියේ බ්ලොග් එක පාලුවට ඇරලා? . තෑන්ක්ස් ඉවාන්

      Delete
  17. සීයට සුභ පැතුම්... සීයට මතකද... සමාවෙන්න.. තිලකෙට මතකද ඔය කුළුණු දෙක හදන කාලේ කම්කරුවෙක් ක්‍රේන් එකේ කෙලවරට ගිහින් පවාසයක් කලා.. මට මතක හැටියට ඉල්ලීම දිනාගත්ත දව්සේ වාසු, රාජිත එහෙමත් ආවා.. අපි සැලින්කෝ එකේ ඉඳන් බලාගෙන උන්නේ.. ඕකේ වටේ පයිල් බස්සපු දවස්වල අපි පණ බයේ උන්නේ සැලින්කෝ එක කඩාගෙන වැටෙයිද කියලා.. ඔය ඉස්ටැයික් එකත් රසවත් සිද්දියක් වෙන්න ඇති නේ තිලකෙ...

    ReplyDelete
    Replies
    1. සීයා කිව්වට තරහ වෙන් නෑ මචෝ. ඔය පොඩි එව්වෝ චුටි උක්කුන් සීය කිව්වම තමයි තද වෙන්නේ . ඔය ක්‍රෙන් එක උඩ නගින සීන් එක උනේ අනුවේ දශකයේ මුල නේද? එතකොට අපි කම්මලේ ඉගෙන ගන්නවා. මම කියන කාලේ අර බෝම්බ දෙකෙන් පස්සේ 99 විතර . තැන්කිව් මාතේ

      Delete
  18. මුලින්ම සීයයට සුබ පැතුම්...

    // මම ඔය තට්ටු තිස් දේකේ හා තිස් අටේ බිල්ඩින් තුනේම පිටත බිත්ති පුරාම ඇවිදලා තියෙනවා . ඇවිදිනවා කිව්වට් එහෙම හරස් අතට ඇවිදින්න බෑනේ මකුළුවෙක් වගේ // WTC එකේ උඩම තට්ටුවේ ඉඳලා බිම බලන හැම වෙලාවකට මටත් හිතෙන දෙයක් තමයි මෙතන එලියෙ ඉඳලා බිම බැලුවොත් කොහොම තියෙයිද කියන එක. කොයි තරම ආරක්ෂක විධිවිධාන තිබුනත් හිතට බයක් එහෙම ඇතිවෙන්නේ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තුෂානි . මටත් දැන් මතක් වෙනකොට ඒ කාලේ කොහොමද ගියේ කියල හිතෙනවා .

      Delete
  19. සුභ පැතුම්.

    Vertigo නෑ?

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ප්‍රා . ඇත්තටම ඒ කාලේ එහෙම තත්වයක් දැනුන් නෑ . අපි කඳු උඩ ඉඳන් ආපු නිසාද දන්නේ නෑ

      Delete
  20. මම හිතාගෙන හිටියෙ ඩොන්ඩෝලා තියෙන්නෙ වෙනිස් වල විතරයි කියලා.

    මචං ඔය ලොකු ගොඩනැගිලි වල වීදුරු ආරක්ෂක වීදුරුද? (tempered safety glass) නිකං සාමානය වීදුරු තහඩුද? ඒ කියන්නෙ ඕවා කැඩිලා බිමට වැ‍ටුනොත් මොකද වෙන්නෙ?

    පංචිකාවත්තේ දෙබසක්. සීවී ජොයින්ට් ඔරිජිනල් එකද ලෝකල් එකද? ඔරිජිනල් ජපන් එකත් තියෙනවා තායිවාන් ලෝකල් එකත් තියෙනව. අපි බොරු කියලා බඩු විකුනන්නෑ.

    මෙතන තියෙන්නෙ අපිට අපි ගැනම තියෙන සහ අපි තුල ඇති කරවලා තියෙන හීනමානය.

    ක්වොලිටිය ගැන හිතලා, ක්වොන්ටිටිය ගැන නොහිතා ගහපු ශතකයට සුභ පැතුම් මචං.

    ReplyDelete
    Replies
    1. ටයිපෝ එකක්. ගොන්ඩෝලා...

      Delete

    2. ඔව් මචන් ඒ ඔක්කොම නියම කොලිටියේ ආරක්ෂක වීදුරු . වීදුරු සහ අලුමීනියම් ගැන ඒ කාලේ හොඳ දැනුමක් තිබ්බනේ. කොහෙද මේ පාරට වටුනයින් පස්සේ ඒ සේරම අත අරුනා . බොහොම ස්තුතියි මචන් මේ සුබ පැතුමට

      Delete
  21. 100ට සුබ පැතුම්...... ජය වේවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සුටික්කා

      Delete
  22. පෝස්ට් ශතකයට සුභ පැතුම් !!!!
    තවත් පොතක් එලිදැක්වීමට පුලුවන් වෙයි වගේ. WTC එකේ අයිනෙ තියන වීදුරු ලගට මම යන්නෙ නෑ , බයට , ඕක නෝට් කරපු අපේ එවුන් දවසක් මාව වීදුරුවකට මූණ තියල අල්ලගෙන හිටිය . අම්මෝ .....මතක් වෙද්දිත් බය හිතෙනව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කම්මල. වීදුරු අඩියට දාපු උස පාලම් තියෙනවා කීපයක් ලෝකේ . අන්න එව්වා එකක ගියානම් ඔය බය ගතිය හරියනවා

      Delete
  23. පෝස්ට් සියයට උණුසුම් සුභපැතුම්...!
    ගොණ්ඩෝලා එකට නැග්ගම මුලින්ම නිකන් කං දෙක කූං ගානවා වගේ,හරි සීතලයි වගේ දැනුනට පස්සෙ පස්සෙ ඒ ගතිය හරියනවා කියල ගස්ලබ්බගෙ අත්දැකීමෙ තියෙන්නෙ.
    හිත හොඳ ඒත් වැඩිය කල්පනා නොකරන සේවකයින් තමයි සයිට් එකක ස්ට්‍රෙස් රිලීස් වෑල් එක වගේ ක්‍රියා කරන්නෙ.හෙහ් හෙහ්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. //හිත හොඳ ඒත් වැඩිය කල්පනා නොකරන සේවකයින් තමයි සයිට් එකක ස්ට්‍රෙස් රිලීස් වෑල් එක වගේ ක්‍රියා කරන්නෙ.හෙහ් හෙහ්//එකෙන්ම! . ඒ මිනිස්සු නැත්නම් සයිට් ජීවිතේ හරිම ඩ්‍රයි . බොහොම ස්තුතියි GL

      Delete
  24. සියයට සුබපැතුම්, රසවත් වෘත්තීය අත්දැකීම් බෙදාහදා ගත්තාට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විචාරක. මට වඩා හොඳට වෘත්තීය අත්දැකීම් ඔබ ලියනවා . ජය !

      Delete
  25. සියයට සුබපැතුම් සැලෙන ලෙලෙන නෙක පැහැ දෙන තිලක සිත....

    ReplyDelete
    Replies
    1. සිතට දැනෙන දිරි වඩවන කොමෙන්ටුවක් .බොහොම ස්තුතියි

      Delete
  26. පෝස්ට් සීයට සුබ පැතුම් අයියේ..පෝස්ට් සීයම රසවත් වීම තමයි වැදගත් ම දේ.. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පැතුම් . ඒ වගේම දශකයක් බ්ලොග් ලිව්ව ඔබටත් මගේ සුබ පැතුම්

      Delete
  27. තිලකේ අය්යා...සියවෙනි පොස්ට් එකට මගේ උණුසුම් සුභ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කවිඳු. ජය !

      Delete