Saturday, December 31, 2022

වුඩ්ක්රෝෆ්ට් විලේ කුරුළු ජෝඩුව

 වුඩ්ක්රෝෆ්ට් ( Woodcroft)  යනු  ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරාසන්නයේ පිහිටි උප නගරයක්. මේ නගරයේ පිහිටි විල වටේ රවුමක් ඇවිද්දොත් හරියටම කිලෝමිටරයකි. ජලාශ්‍රිතව ජිවත්වන ලස්සන කුරුල්ලන්ගෙන්ද මනරම් තුරු වදුලෙන්ද අලංකෘත වූ විල වටේ රවුමක් දෙකක් ඇවිදීන්නට  විල අවට පදිංචි වී සිටින  පරිඝනක ඉංජිනේරුවෙක් ප්‍රිය කරයි. ඔහු චමින්දය. චමින්ද මේ විල රවුමේ ඇවිදිදිදී දුටු අපුරු කුරුළු වතගොත කැමරාවට අසු  කර ගන්නේය . සමහර ඒවා වීඩියෝ කර ගත්තේය. 

වතාවක් මෙහි සිටි කළු හංස ජෝඩුවක්  සහ පැටවුන් දෙදෙනෙක් ගැන නිරීක්ෂණය  කළේය. ඔවුන්ගේ අසනීප ගැන වනජීවී කාර්යලය සමග කතා කළේය. තවත් වතාවක් ඔහු දුටුවේ එක කකුලක් අහිමි ජලජ කුරුල්ලෙකි . ඌ රේල්  පවුලට( rail family) ඩස්කි මොර්හෙන් ( dusky moorhen  ) කුරුල්ලෙකි .දින කීපයකට පසුව දුටුවේ සතුටු හිතෙන දසුනකි. ඩස්කි මෝහෙන් කුරුල්ලාට සහකරුවෙක් හමු වී තිබේ. ඊටත් වඩා විශේෂත්වය වුනේ මේ අලුත් සහකරුවාද මුල් කුරුල්ලා මෙන්ම තනි කකුලින් සිටගෙන සිටීමය . මේ නම් අසිරියක් යයි සිතු චමින්ද මේ දසුන වීඩියෝ ගතකරගත්තේය . මෙහි ඇත්තේ එයයි. ( Video by Chaminda Aththanayaka)

මා  දන්නා පරිදි බොහෝ කුරුලු වර්ග තම ශරීර උෂ්ණත්වය රැකගැනීමට හෝ තාමත් හරියටම තේරුම්ගෙන නැති හේතුවක් නිසා බොහෝ  විට තනි කකුලෙන් සිටගන සිටියි , එහෙත් මේ කුරුළු  ජෝඩුවේ  එක කුරුල්ලෙක්ගේ කකුලක් ඇත්තටම කැඩී  වෙන් වී හෝ උපතින් ලැබී නැත.  ඒ කුරුල්ලාගේ සහකරුද  කොච්චරවත් සිටින්නේ තනි කකුලෙනි . මේ සමහර විට  කකුල නැති කුරුල්ලාට සහය දැක්වීමක් වෙන්නට බැරිද? මේ දෙවන කුරුල්ලා පළමු කුරුල්ලාට වඩා පෙනුමෙන් වෙනස් වෙන්නේ කොහොමද ? මේ වගේ ප්‍රශ්න ටිකක් දැන ගැනීමට මම කතා කලේ යොවුන් කුරුළු පර්යේෂකයෙකු වූ චනිත් විජේරත්නටය. ඔහු ඕස්ට්‍රේලියාවේ  මොනෑෂ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුවෙකි. 

 ලංකාවේ කුරුල්ලන්ද ඇතුළු ලෝකයේ  විවිධ ප්‍රදේශවල කුරුල්ලන් ගැන පොත් කිහිපයක්ම ලියා ඇති චනිත් කිව්වේ මේ දෙවන කුරුල්ලා යුරේශියන් කූට් කෙනෙකු බවය. මුල් කුරුල්ල්ලා හා දෙවන කුරුල්ලා එකම  කුරුලු පවුලට   අයත්වුනත් මේ දෙවර්ගය එකතු වී අභිජනනය කරන බවට තොරතුරු ලැබී නැත  , එහෙත් ඔවුන් එකට හිඳී .ඔවුන් එකට ඉන්නේ තමන්ගේ ආරක්ෂාව හා පහසුව සඳහා උය . එකම  වාසස්ථානය බෙදාගන්න එකම පවුලේ කුරුළු විශේෂ  දෙකක් එකට ඉන්නා අවස්ථා තිබේ. චනිත් කිව්වේ දෙවන කුරුල්ලා කකුල ඔසවාගෙන සිටින්නේ ඔහුගේ සාමාන්‍ය පුරුද්දට මිස මුල් කුරුල්ලට සහය දැක්වීමට නොවන බවය .

Dusky Moorhen ( Source Wikipedia)

චනිත් කියන පරිදි කුරුල්ලන් හා වන සතුන් තම ආරක්ෂාව හා පහසුව පිණිස එකට සිටියද නගරයේ මිනිසුන් සිතන තරම් ඔවුන් සාමකාමී නොවන බවයි . රුදුරුකම් හා සැහැසි කම් සත්තව ලෝකයේ අප සිතනවාට වඩා පවතියි . 

ඒ නිසාමයි සතුන්ගෙන් මිනිසුන් වෙනස් වන්නේ . සහකම්පනය හා අනුන් පිලිබඳ ගැඹුරු දයාවක් දක්වන හැකියාව වැඩිපුරම ඇත්තේ මිනිසුන්ටය. එය සත්තව පරිනාමයේ ජයග්‍රහණයකි. සුවිශේෂ හැකියාවකි.

ඉතින් මිනිසුන් ලෙස ජිවත් වෙන්නට ලැබීම ආඩම්බරයක් වන්නේ මෙකි සහකම්පනය හා දයනුකම්පන්ය නිසිපරිදි සුසර වන පරිසරයකදීය.

ඔබ සැමට මේ බව පසක් වන නව වසරක් වේවා 

Eurasian Coot ( Source Wikipedia)

12 comments:

  1. ඉතාමත් හොඳ සොබාදහමේ නිරීක්ෂණ සටහනක්.
    බොහෝ ජලාශ්‍රීත කුරුල්ලෝ එක් පාදයකින් පමණක් සිටගෙන සිටීම සුලභ දර්ශනයක්. මෙසේ කරනුයේ ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය ප්‍රශස්ත මට්ටමේ තබා ගැනීමේ උපක්‍රමයක් වශයෙන්. සාමාන්‍යයෙන් පක්ෂියෙකුගේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 39-43 (ෆැරන්හයිට් 102-109) මට්ටමේ තිබිය යුතුයි. සම්පූර්ණ ශරීරයම පිහාටු වලින් ආවරණය වී තිබෙනුයේ මේ නිසයි. මොවුන්ගේ පාදවල පිහාටු නැති නිසා පරිසරයට (භූමියට) නිරාවරණය වී ශරීර උණුසුම පිටවිය හැකියි. එක් පාදයක් ඔසවා ගෙන සිටින විට එසේ සිදුවීම අඩකින් අඩුකර ගත හැකියි. මේ මගින් පරිසරයට නිරාවරණය වන මතුපිට ක්ෂේත්‍ර ඵලය අඩකින් අඩු වෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දයා මහත්මයා . මේ තොරතුරුත් ඉතා වටිනවා මට හා කියවන හැමෝටම

      Delete
  2. ජය සෙත සැපත සම්පත
    හිමිවී, නිරෝගී සුව
    සැනසීමෙන් හිඳින්නට
    සතට හැකි වේවා මෙතැන් සිට!

    ReplyDelete
    Replies
    1. නිදි නැති සුබ පතන්නා . ස්තුතියි නිදි

      Delete
  3. ලස්සන සටහනක් . ඔබටත් නිරෝගිමත් නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අනුරුද්ධ

      Delete
  4. ඉතා සතුටින් දන්වන වග නම්; මේ දිනවල බ්ලොග් හමුවක් පිළිබඳ කතිකාවතක් ඇතිවී ඇත. දැනට යෝජනා වී ඇති අකාරයට බොහෝ විට එය අප්‍රේල් මාසයේදී යෙදෙනු ඇත! මේ පිළිබඳව ඔබගේ සහභාගීත්වය, ස්ථානය, දිනය හා ආකෘථිය පිළිබඳව මෙහි ලියා හෝ අපගේ ලිපිනයට දන්වන්නේ නම් මැනවි. මෙයට සමගාමීව බොහෝ පැරණි බ්ලොග් ලියන්නන් නැවත ලිවීම අරඹා ඇති බව දන්වන්නේ සතුටිනි.

    ReplyDelete
    Replies
    1. බොහොම සතුටුදායක ආරංචියක් . අප්‍රේල් මාසයේ රටින් පිට නොගියොත් අනිවාර්යයෙන්ම එනවා . ස්තුතියි

      Delete