කොහේදෝ දේශයකදී ලියවුණු, කියවුණු කතාවක් අපේ රටේ නම් ගම් යොදාගෙන කහ පාට ආදරය 1 කොටසින් ලියා මම බෙහෙවින් සතුටු වුනෙමි. කියවූ ඔබද ප්රමෝදයට පත් වන්නට ඇතැයි සිතමි. දැන් අපේ හිත් ආයෙත් පියවි ලෝකයට ගෙන එන්නට සිදුව තිබේ . මේ දෙවන කොටසට පාදක වුනේද මීට අවුරුදු විසිපහකට පමණ පෙර ලෝකයේ කොහේදෝ රටක සිදු වූ ඇත්ත කතාවකි. ඒත් හිරකරුවෙකුගේ කතාවකි.
**********
නගරයේ තැන තැන ආපන ශාලාවලින් පිටවන කුණු කානු අතරේ පියඹා පිළුණු මස් කැබලි හා බත් ඇට අහුළා ආයිමත් කොහොඹ අත්තේ වසා හොටය උල් කර ගන්නා කපුටන් හැරුණුවිට ජීවයක් ඇති කිසිවෙක් හාත්පස ඉන්නා බවක් නොපෙනුණේය. එහෙත් බොහෝ මිනිසසු නගරයේ එහෙ මෙහෙ ගියහ. ඒ මුහුණුවල ලේ මස් තිබෙන පාටක් නොපෙනුණු අතර ඔවුන් ගහක් ගලක් තියා කපුටෙක් කුරුල්ලෙක් ගැන වුවත් කතා කළා නම් ඒ මහා පරිස්සමකිනි. සැකයකිනි.
පරසිඳු වියලි නගරයේ උසාවි ගොඩනැගිල්ලේ සිට ආපහු රිමාන්ඩ් සිර ගෙදර වෙත ඇදෙන මිනිස් රූ පෙළකි. ඔවුන්ගේ දැත් සම්බන්ධ වී තිබුනේ සීතල යකඩ දම්වැලකිනි. ඉදිරියෙන් හා පසු පසින් කාකි ඇඳුම් හැඳි නිලධරයන් දෙදෙනෙකි . තමන් අල්ලා ගත්තේ මොන එහෙකටදැයි කියා හෝ තමන්ට වෙන්න යන්නේ මොකක්දැයි කියා හරියටම දන්නේ නැති සිරකරුවන් තිදෙනාද තම තමන්ගේ ඉදිරි ජීවිතයක් ගැන කිසිම බලාපොරොත්තුවක් තබා ගන්නේ නැතිව ඔහේ ගමන් කලෝය..
අවුරුදු විසි පහකට ඉස්සර කු... නම් නගරයේ ටියුෂන් පන්ති යාමට ආ.. නම් පළාතේ දුෂ්කර ගමක සිට පැමිණි අප කතා නායකයා වන රන්ජුලද මේ පිරිස අතරේ සිටියේය.
කු... නගරයේ ටියුෂන් පන්තියට යන්නට හා එහි ජීවත් වන්නට අවශ්ය ගාස්තු ඔහු විසින් සපයා ගත්තේ ටියුෂන් ගුරාගේ පොස්ටර් අලවීමෙනි. පෝස්ටර් ඇළවීම යනු ගෝනි බිල්ලන්ගේ අවධානය පහසුවෙන්ම දිනා ගත හැකි ක්රියාවක් බව ඔහු සිතුවේ නැත .
ඒ භීෂණ සමයයි .
තරුණ ලේ කකියමින් තිබු කාලයයි. මොකුත් විචාරන්නේ නැතිව විප්ලවය ගැන හිත ගිය කාලයයි. මේ ටියුෂන් පන්ති යන දවස්වල ආදරය වගේ දෙයක්ද රන්ජුලගේ හිතට දැනී තිබුනේය. ඒත් යන්තමින් දේශපාලන නැඹුරුවක් තිබු අවංක රන්ජුලට ආලය යනු හිතට රිංගවගන්න නුසුදුසු දෙයක් යැයි හැඟුනේය.
එහෙත් ඇය වරින් වර ඔහු දෙස බලා සිටියාය . ඒ හැටි ලස්සනක් නොතිබුණු, හේන් කුඹුරු අතරේ දුහුවිල්ලට හා ඉර කෝඩයට අවපැහැ ගැහුණු මුහුණක් තිබුණු ඇය හිනාවෙනකොට කාන්තිමක් බැල්මක් හෙලන්නට පමණක් සමත් වුවාය.ෆ්ලෝරයිඩ් ලයින් එකක් වැටී තිබුණු දත් දෙපෙළ ඇයට ඒ හැටි අවලස්සනක් ගෙනාවේ නැත . කාන්දමක් සේ තම හිත අල්ලා ගන්නට හදන මේ මුහුණ අමාරුවෙන් මග හරින්නට වෙහෙසුණු ඔහුට ඇය කරදර කරන්නට නොආවාය. ඇයත් කුලෑටිය. ඔහුත් කුලැටිය . දෙන්නට දෙන්නා වචනයක් කතා කරලා නැත .මීට අවුරුද් විසි පහකට පෙරත් එහෙමය. අදටත් එහෙමය. හෙටටත් එසේම වනු ඇත .
දැන් ඔහු ලෝකයේ අනිත් අර්ධ ගෝලයේ ජීවත් වන බව මම දනිමි. ඇය ජීවත් වෙනවාද නැද්ද කියාවත් දන්නා කෙනෙක් නැත. ඇගේ නමක් ගමක් ඉන්නා තැනක් නෑදෑයෙක් යාලුවෙක් කිසිම කෙනෙක් ඔහු දන්නේ නැත. මීට අවුරුදු විසි පහකට පෙර එකම ටියුෂන් පන්තියේ වාඩි වී සිටිද්දීත් දැනගෙන හිටියේ නැත .
ගමේ හා නගරයේ ඔහුගේ සගයන් එකා දෙන්නා මිලිටරි අත් අඩංගුවට පත් වන්නට විය . එකෙකුගේ සිරුර නගරාසන්නයේ ටයරයක දැවෙමින් තිබුනේය.
මේ කරදර මැද රන්ජුල කො... නම් නගරයට පලා ගියේය .
පන්සලක නවාතැන් ගෙන රේස් බුකියක රස්සාවක් කරමින් පරිස්සමින් ජීවත් වුනේය. දැන් කරදර අවසාන වුවා නේදැයි කියා හිතිච්ච දවස්වල ගමෙන් ලියුමක් ලැබුනේය . වා.. නම් නගරයේ කච්චේරියේදී ඉන්ටවිව් එකක් . ඒ ගමට ආසන්න ප්රධාන නගරයකි.
'කාලෙකින් අම්මත් බලාගෙන ගමට ගිහින් ආවැකි'. හොඳින් හැඳ පැළඳගෙන කොළඹ සිට ගමට ඉන්ටවිව් එකකට යන රන්ජුල . හැම දේම වෙන්නේ තනිකර විරුද්ධ පැත්තටය හරිනම් ඉන්ටව් එන්නේ ගමේ සිට කො.. නගරයටය.
ඔහුගේ ගමට කිට්ටුම නගරයේ බස් නැවතුම්පලට රන්ජුල ගොඩ බැස්ස හැටියේම ඔහුගේ දෑතට මාංචු වැටුනේය.එය සෙට් කරපු ගේමක්ය. ඉන්ටවිව් ලියුම සෙට් කරපු උගුලක්ය . ඔය ඉන්නේ ත්රස්තවාදියා .ගමෙන් අතුරුදහන් වී සිට දැන් මාට්ටු වී ඇත . තම ප්රාණසම පුතනුවන් කොටු කරගෙන ඉන්නා බව ආරංචි වූ රන්ජුලගේ මව හඬා දොඩමින් කියන්ට පුළුවන් හැම ලොක්කා ළඟම පින්සෙන්ඩු උනාය. ඒ නිසා ඔහු එකවර ටයර් සෑයකට යන ඉරණමින් ගැලවිණි. කොහෙන්දෝ ඔහුට නඩුවක් පටලැවිණි . රිමාන්ඩ් හිරගෙදර සිට පට්ට අව්වේ උසාවියට වරින්වර රැගෙන යන්නට වන නඩුවකි එය .
එහෙම යන අතර වාරයේ දන්නා කියන එකෙකු හිටියොත් හිනා වෙන්නේවත් නැත. ත්රස්තවාදියෙකු අඳුනනවා කියන්නේ තමනුත් ත්රස්තවාදියෙක් වෙන වැඩක් බව සිහි බුද්දිය ඇත්තෝ දැන සිටියහ . පන්තියේ සගයන් ගමේ යාළුවන් ළඟම නෑදෑයන් මාංචු දාගෙන උසාවියට රැගෙන යන ඔහු දුටුවහොත් අඳුනන වගක් නොපෙන්වා අහක බලා ගනී.
මේ වෙන දේවල් මොන තරම් කර්කශ මානසිකත්වයක් හදනවාද? නගරය වියලිය. වැහි පොදක් නැත. උදේ සිට මේ දැන් වන තුරු වතුර පොදක් බොන්නට ලැබුනේ නැත. පරිසරයත් වියලියි. හිතත් වියලියි. තොල කටත් වියලියි.
දම්වලෙන් බැඳ පාර දිගේ දක්කාගෙන උසාවියේ සිට ආපසු යන රිමාන්ඩ් සිරකරුවන් අතරේ රන්ජුල හිස් බැල්මෙන් නගරයේ මිනිසුන් දෙස බල බලා ගමන් කළේය. දහසක් දෙනා මැද තනියම සිටින පිටසක්වල ජීවියා ඔහුය .
ජීවිතය එපා වූ කාලකන්නි සිතිවිලි වලින් තෝන්තු වී සිටි රිමාන්ඩ් සිරකරුවාට නගරය මැදදී විදුලි සැරයක් වැදුනාක් මෙන් එක්වරම ඒ ඇස් දෙක හමු වුනි. අර ටියුෂන් පන්තියේ ගොළුම ගොළු හදවත හිමි කෙල්ල. දෑසේ විශ්මය ශෝකය හා කාන්තිය තවරාගෙන බලා සිටියාය .
යදමින් බැඳ ඇදගෙන යන ඔහුගේ දෑස ඇයට හමු විය. ඒ ඇස් දෙක දිහා බැලීම ඇයද අනතුරේ හෙළන්නක් බව ඔහු දැන සිටියේය. එහෙත් තම වියළි ජීවිතය මත ඒ දෑසේ කාන්තියෙන් පතිතවන සිසිලස අත හරින්නේ කෙලෙසද? .
ඔහු හිත්පිත් නැති මැටි රුපයක් මෙන් ඒ දසුන හැරදමා ඉදිරියට පිය මැන්නේය. පිය මනින්නට සිද්ද වුනේය. එසේ නොවුනානම් දම්වැලෙන් බැඳුණු අනිත් සිරකරුවන් අතරේ පය ඇදී පැකිලී වැටෙන්නට පවා ඉඩ තිබිණි. පසුපස හැරී බලන්නට ඔහුට වුවමනාය. ඒත් එය අනතුරුදායකය. කුරා කුහුඹුවකුටවත් වරදක් නොකලා යැයි ඔහු සිතන ඒ කෙල්ල කරදයේ හෙළන්නේ කුමකටද?
.
ගරාවැටුණු සිතිවිලි මැදින් ඔහු තවත් මීටර් දෙසීයක් පමණ ඇවිදගෙන ගිය විට පාරේ ඉදිරියෙන් ආ වැඩිහිටියෙක් කාකි නිලධාරීන්ට ඔවුන් පසු කර ආ මාර්ගයේ යමක් පෙන්නුවේය.
රැකවළුන් දෙන්නා පමණක් නොව හිර කරුවන් තිදෙනාද ආපසු හැරී ඒ දෙස බැලුවෝය.
පුදුමයකි!. කහපාට ඔරේන්ජ් බාර්ලි බෝතලයක් අතින් ගත් කෙල්ලක් ඔවුන් පසු පස හඹා එයි. තමන් පත්වන සැකමුසු අනතුරුදායක තත්ත්වය ගැන අවබෝදයක් නැතිවාක් මෙන් ඇය දිව එයි. පස් දෙනාම මදකට නතර වූ තැන ඇයද හති හල හලා නතර වුවාය.ඊළඟට මුරණ්ඩු ලෙස බීම බෝතලය ඔහු වෙත දිගු කළාය.
කහ පාට ඔරේන්ජ් බාර්ලි බෝතලය තමන් දෙසට දිගු කරගෙන සිටින අවිහිංසක තරුණිය දෙස බලා සිටිද්දී ඔහුට තමන් සිටින්නේ කොහෙදැයි හිතා ගැනීමට නොහැකිව මදක් සිහි විකල් විය . ඊළඟට ඔහු තමා ඉදිරියෙන් සිටගෙන ඉන්නා රැකවල් බටයා දෙස බැලුවේය. කලින් දවසක මාපට ඇඟිලි දෙකෙන් තමාව බාල්කයේ එල්ලා මුගුරු පහර එල්ල කලේ මොහු වැන්නෙකුම නොවේදැයි ඊළඟට සිතුවේය.
එහෙත් රැකවල් කරුවා ඔහුට බීම බෝතලය ගන්නැයි හිසින් සන් කළේය.
ඊළඟට රන්ජුල එකම දම්වලින් යාවී සිටින තම සගයන් පිරිස දෙස බැලුවේය. ඔවුහු එකවර හිස වනා ඇගේ කාරුණික පිරිනැමීම පිළිගන්නැයි අභිනයෙන් කිව්වෝය.
ඔහු මොහොතක් යව්වනිය දෙස බලා සිට සිය දෑත දිගු කළේය.
ඒ ඔහු මේ ලොව විඳි ම්හිරිම මිනිස් සම්බන්ධතාවයයි .
තම සිරකරුවා බීම බොන තුරු කාකි රැකවල්ලු ඉවසා බලා සිටියෝය.
ඇගෙන් නම ගම වතගොත අසා ගන්නට නොහැකිය. එකම ටියුෂන් පන්තියේ සිටියාට ඇගේ හිතේ මේ තරම් ලෙන්ගතු කමක් තිබුණ බව ඔහුට දැනුනේ නැත. ඇය නැවත කවමදාකවත් හමු නොවන බවද ඒ අතරේම ඔහුට පසක් විය. ඉස්සරහ දවස් වල මොනවා වෙන්නට බැරිද .
වැඩි සෙනෙහෙ ඇගේ ජීවිතයටද අනතුරක් කරනු ඇත. අනික ඒ හිතට සමීප වීම දෙහිතටම වේදනාවකි.
ඔහු දෑසින්ම පමණක් බොහොම ස්තුතියි කිව්වා මතකය. ඉන්පසු ස්වකීය ආත්මයම බැඳ දමා ඇති විලංගුවද දරාගෙන, පසුපස නොබලාම හිරගෙදරට ඇවිදගෙන ගියේය.
කලකට පසු නොහිතු ලෙස බේරා ගත් ජීවිතය රැගෙන දුරු රටකට ගිය ඔහු සියළු දේ අමතක කරන්නට උත්සහ කළේය . එහෙත් කහපාට දොඩම් යුෂ වීදුරුවක් හෝ සිසිල් බීමක් නෙත ගැටෙන සැම විට බර කල්පනාවකට වැටෙන පුරුද්ද අත හරින්නටනම් බැරි විය. අවුරුදු විසිපහකට පස්සේද එහෙමය.
photo from: huffingtonpost.ca