Friday, January 1, 2016

බයිසිකල් අනතුර හා අගලට වැටුණු ගැහැණිය

ගිය අවුරුද්දේ මට හමු වූ හෝ අසන්නට ලැබුණු මතක හිටින චරිත කීපයක ලැයිස්තුවක් තිබේ . ඉන් දෙදෙනෙක් ගැන අද ලියමි.
පළමු කතාව
බස්නාහිර පලාතේ  උසාවියක විබාග වෙමින් තිබුණු නඩුවක නිමිත්ත වුයේ පාර මාරුවෙමින් සිටි වයෝවෘද ගැමියෙකු මෝටර් සයිකලයක හැපී දැඩි සේ තුවාල වීමය. මෝටර් බයිසිකලය පදවාගෙන ගියේ ලයිසන් නැති  ගැටයෙකි.
'අනේ අපරාදේ තාත්තා මොන එහෙකට මේ හවස් ජාමේ ඇවිදින්න ගියාද' කියා ඇසු ඔහුගේ දරු මුණුපුරන් බයිසිකල්කරු ගැන ඒ හැටි තද ප්‍රතිචාර දක්වන්නට ඉදිරිපත් වුනේද නැත.
හිස පිටුපස පාරේ ගැට්ටක වැදීම නිසා මගියාගේ සිහිකල්පනාව අහිමිව යෑමේ අවදානමකට මුහුණ දී සිටියේය.
එසේ  තිබියදීත් සිය පියාට මොන තරම් ආදරේ වුනත් බයිසිකල් කරුවා මිරිකා වධ බන්ධනයට ලක් කිරීමට ඒ දූ දරුවෝ  උනන්දුවක් නොගත්හ.
එහෙත් උසාවියේදී අනෙක්  පාර්ශවයට විශාල වන්දියක් ගෙවන්නට සිදු වෙතයි ඇති බිය නිසාම විත්තිකරුවන්ගේ පැත්තෙන්  බාල තර්කයක්ද ඉදිරිපත් වි.
'මේ බයිසිකලයට හැපුණු  පුද්ගලයා මානසික රෝගියෙක්, පිස්සෙක් . එකපාරට  බයිසිකලේ දෙසට පැන්න නිසා එය පදවන්නාට හසුරුවා ගන්න බැරි වුනා' මෙන්න මේ වචන ටික  ඇසෙනවාත් සමග වින්දිතයාගේ දුරු මුනුපුරු හා නෑදෑ පිරිස විශ්මයටත් , ශෝකයටත් කෝපයටත් පත් වුහ.
නෑ අපේ තාත්තා පිස්සෙක් නෙවෙයි! .
ඊළඟ නඩු දිනයේදී ඔවුහු සුදානම් වී ආවෝය.
"මේ තියෙන්නේ තාත්තා ගමේ පන්සල හා ගමේ ඉතිහාසේ ගැන ලියපු පොතක්  . මේ තියෙන්නේ අවුරුදු පණහක් තිස්සේ ලියන දිනපොතේ අවුරුදු කීපයක සටහන්.
බලන්න මේ අනතුර වෙච්ච දවසට කලින් දවසේ ලියපු දින සටහන. කොච්චර නිරවුල් මනසකින්ද ලියල තියෙන්නේ . මෙන්න ඔහු ළමයින්ට ලියපු සින්දුවක් . මේ වගේ කවි සින්දු අහගන්න ඒවා තාලයට කියන්න අපේ පවුලේ විතරක් නෙවෙයි අහලපහළ  ගෙවල්වල ළමයිනුත් හැන්දෑ  වෙද්දී අපේ මිදුලට එනවා. සමහර දවස්වල තාත්ත මේ ළමයින් අල්ලාගෙන නාට්‍ය රඟ  දක්වනවා.
මේ දරුවෝ  ඒවාට මොන තරම් කැමතිද කියනවා නම් අලුත් කොම්පියුටර් ගේම් රුපවාහිනී නාට්‍යවලට නැති කැමැත්තක් ඔහු කියන දේට දක්වනවා . ඔහු ඒ තරම් සොඳුරු මිනිසෙක්.
ඔබ තුමාම කියවලබලන්න මේ දින සටහන් කවි සින්දු ටිකක් "
උසාවිය මීයට පිම්බා සේ නිශ්ශබ්ද වුනේය.
නඩුකාර තැන කල් වෙලා අරගෙන පොත් ටික අතරින් පතර එහෙත් සැලකිල්ලෙන් කියවා බැලුවේය
ඉන්පසු බොහෝ ගැඹුරු  විලාශයෙන් මෙසේ කිව්වේය. "මේ මිලක් කියන්නට බැරි තරම් වටිනා මිනිහෙක්. ඔහු උම්මන්තකයෙක් නෙවෙයි. ඔහුට වූ අසාධාරණයට කැමති වන්දියක් ඉල්ලන්න".
පවුලේ සියලු දෙනා එක්වී කතිකා කර ගත්හ.
අවස පවුලේ තීන්දුව ප්‍රකාශ විය.
"මේ නෑදෑ පිරිස වන්දි මුදල් ගන්නට කිසි සේත්ම බලාපොරොත්තු වෙන්නේ නෑ .
ඒත් දඬුවමක් වශයෙන් නොව තවත් එවැනි දෙයක් නොකරන්නට පාඩමක් ලෙස විත්තිකරුවන්ගෙන් යම් වන්දි මුදලක්  හෝ සේවාවක් ගමේ පන්සලට ලබා දෙන ලෙස ඉල්ලා හිටිනවා."

මේ මගේ හිතවතෙකුගේ මාමණ්ඩිය  සෝමසිරි ඉස්කෝලේ මහත්තයාගේ කතාවය.
ඔහු කලකට පෙර විශ්‍රාමගත්  කලාකාමී පාසැල් ගුරුවරයෙකි
අනතුරින් පසු සිහි කල්පනාව අහිමිව සිටි ඔහුට හැඳිනිය හැකි වුනේ සිය බිරිඳ පමණකි.
සිය දුවා  දරුවන් බලන්නට ආවද ඔහුට ඔවුන් ගැන නිච්චියක් නැති විය .
එක දවසක් නිවාඩුවට ගිය මා මිතුරා  අරන් ආවේ සුබාරංචියකි.
"තාත්තට දැන් හෙමිහිට පරණ මතකය ලැබෙනවා'".
නොබෝ දිනකින්ම ඔහු ආයෙමත් දිනපොත ලියන්නට පටන් ගනු ඇත.
මගේ එක් අලුත් අවුරුදු පැතුමක් වන්නේ නිවාඩු පාඩුවේ  සෝමසිරි ඉස්කෝලේ මහත්තයා හම්බ වෙන්නට යාමය .
දෙවන කතාව
ටෝස්ට්මාස්ටර් කථික වැඩ සටහනක් බලන්නට මම ගිය අවුරුද්දේ ගියෙමි . එහිදී කෙන්යානු ජාතිකයෙක් හරි අපුරු කතාවක් කළේය . ඔහුගේ නම ඔම්බුගේ  වගේ එකකි.
'මම මීට අවුරුදු පහළොවකට ඉස්සර  එවකට සිටි පෙම්වතිය සමග නිතර ගැටුම් ඇති කර ගත්තා . ඒත් මම ඇයට මහත්සේ ආදරය  කළා.  මෙහෙම තියෙද්දී මට ඇගේ වෙනත් සම්බන්ධයක් අතටම අසු වූ දවසේ මට මුළු ලෝකෙම එපා වුනා . මම සිය දිවි නසා ගන්නට තීරණය කළා.
හවස වැඩ ඇරිලා ආපු මම නයිලෝන් ලණුවකුත් උරේකට දාගෙන අපේ ගමේ කැලෑ  රොදට ගොඩ වැදුනා . තොණ්ඩුව  ගැට ගැසීමට හොඳ ගසක් හොයමින් මම මේ වන රෝදේ ටිකක්  ඇතුළටම ඇවිදගෙන ගියා . ඒ යන අතරේ මට ඇහුනා කාන්තාවක් උදව් ඉල්ලා කෙඳිරි ගාන හඬ . හෙමින් සැරේ හඬ ආ දෙසට ලං වී බලද්දී මම දැක්කා වල් බුටෑවෙන් වැසී ගිය  පරණ ගල්වලකට පෙරලීම නිසා කකුල බදාගෙන විලාප දෙන තරුණියක්.
මම ආපු කාරණය අමතක කරලා ඇයව ගොඩට ගත්තා. ඉන්පසු පස් කණ්ඩියක් උඩ  වාඩි  කරවා ඇය තනිවම මෙහි පැමිණියේ මන්දැයි ඇසුවා .
ඇය පැමිණ තිබුනෙත් වනයට වැදී වස පානය කොට මිය යන්නයි . එසේ දිවි තොර කර ගන්නා අදහසට ඇයව තල්ලු කළ පසුබිම් කතාත්  මම අසා සිටියා .
එවිට මට තේරුණා මට තිබුණු ප්‍රශ්නය  මොන තරම් සුළු දෙයක්ද කියලා .
කළුවර වැටෙන තුරු අප කතා කර කර හිටියා . ඉන්පසු ඇයව වත්තම් කරගෙන ගෙදර ආවා. අදත් අපේ ගෙදර ඉන්නා මගේ ආදරබර බිරිය ඇයයි.
අගලක වැටී නිරාහාරව මිය යන්නට සිටි ඒ ගැහැණියගේ වටිනාකම මට කියන්නට බෑ .'
****
මේ වගේ මිනිසුන් ගැන  මට අසන්නට සැලැස්සු  2015 අවුරුද්දට මම කැමතිය .
2016 අවුරුද්දේ ලැබෙන දුක සැප සමසිතින් දරාගෙන ජීවිතයේ වටිනාකම ඉහළ නංවා ගන්නට මටද ඔබටද  හැකි වේවායි පතමි .

Image:canvasspainting4less.com

91 comments:

  1. 2015 අවුරුද්දේ තමයි මට ජීවිතේ ලැබුන වටිනාම සොඳුරුම තෑග්ග ලැබුණේ …… සතුටින් ගෙවුන අවුරුද්දක් !!!

    ඔයාටත් මුලු පවුලටමත් සුබ නව වසරක් වේවා තිලකෙ අයියා... !!

    ReplyDelete
    Replies
    1. ඒ සොඳුරුම තෑග්ගටත් ඔයාලා දෙන්නාටත් සතුටින් පිරුණු සුබ අලුත් අවුරුද්ද්දක් වේවා මල්ලි

      Delete
  2. ඔබටත්, පවුලේ සියළු දෙනාටත් සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත නව වසරක් වේවා!

    අපටත් අර ඔබේ කුළුදුල් නව කතාව මේ වසරේවත් කියවන්න ලැබේවා!

    ReplyDelete
    Replies
    1. ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරකම වේවා. නවකතාව ගැන ඔබේ හිතාදර ඉල්ලීම සතුටින් ඉටු කරන බව දන්වමි

      Delete
  3. බොහොම හොඳ ආදර්ශවත් කතා දෙකක්. මෙවැනි මිනිසුන් සමග 2016 ගෙවන්නට ලැබේවා!

    ReplyDelete
    Replies
    1. ඊයේ රාත්‍රියේ තිබුණු පිරිත් පිංකමකට සහභාගිවීමට ගිය අවස්ථාවේ, මේ කතා දෙක, මා මගේ මිතුරන් කීපදෙනෙකුට පැවසුවා. එයින් එක්කෙනක් කිව්වේ, 'මේ තමා වර්තමානයට ගැලපෙන බණ කථා' කියලා.

      ඇත්තටම අපේ හාමුදුරුවරු, වර්තමානයෙන් උදාහරණ ගෙන ධර්මදේශන කරනවා නම්, මිනිසුන් මීට වඩා ධර්මය කෙරෙහි නැඹුරුවනු ඇතැයි මා සිතනවා.

      Delete
    2. සෝම හාමුදුරුවෝ කාලයට ගැලපෙන බණ කිවුවා නේද?

      Delete
    3. ඔව් සෝම හාමුදුරුවෝ, සෝභිත හාමුදුරුවෝ කියපු බණ බොහොම ඉහළයි.

      Delete
    4. බොහොම ස්තුතියි විචාරක . මේ දකින්නට, අසන්නට ලැබෙන කතා සිය ගණනක් අතරින් තෝරා ගත් මා සිත් කතා . ඒවා බෙදා හදා ගන්න පුළුවන් මට්ටමේ තිබීම ගැන මටත් සතුටියි

      Delete
    5. නීල් ආම්ස්ට්‍රෝ්‍ංග්ගේ දරුවන්ට සස ජාතකෙන් බන කියල වැඩක් තියනවද හසන්ත මහත්තයෝ

      Delete
  4. 2016 නව වසරත් 2015 මෙන්ම සොඳුරු රසවත් වසරක් වේවා.ඔබේ අපූරු කතා අපට වැඩි වැඩියෙන් කියවන්නට ලැබේවා!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචන්. ඔබටත් පවුලේ සැමටත් රසබර අලුත් අවුරුද්දක් වේවා

      Delete
  5. ඉස්කෝලෙ මහතාගෙ පවුලේ අයත් උතුම් මිනිස්සු. වෙන කෙනෙක්ට ඕනම වන්දියක් කිව්වනම් අහන්න තිබුණා. දෙවෙනි කථාවත් හොඳයි. හැබැයි අනිකෙකුගේ වැරැද්දක් නිසා දිවි තොර ගැනීමට සිතීම පොඩි දුර්වල කමක්. ඔබට සමාජයට අළුත් යමක් දිය හැකිවන, සිත සතුටෙන් ගෙවා දැමිය හැකි වසරක් පතමි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉයන් . ඔබටත් පවුලේ සැමටත් රසබර අලුත් අවුරුද්දක් වේවා!
      ඔව් එහෙම දිවිතොර කරගන්න හිතපු එක දුර්වලකමක් කියන එක මේ දෙන්නාගේ ජීවිතවලින් පෙනෙනවානේ . අනික ඒ කතාව ලෝකෙටම ඇහෙන්න කියපු එකත් වටිනවා

      Delete
  6. ලංකාවෙ දඬුවම් ක්‍රමයට හොඳ ආදර්ශයක්.පොඩි පොඩි දඩ ගෙවාගන්න බැරි උදවිය,හදාගන්න පුළුවන් ඒත් දඬුවමක් දිය යුතු තරුණයින් වගේ අයට අනිවාර්ය සමාජසේවා කටයුතු වගේ දේවල් දීලා හිරගෙදර තදබදය අඩු කරන්න,වැරදිවලට ඔවුන් පෙලඹීම අඩු කරන්න පුලුවන්.
    කතා දෙකම පිරුනු කතා...
    දිගින් දිගටම රසවත් අත්දැකීම් ලැබෙන නව වසරක් වේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් අගනා නිර්මාණ කරන්න පුළුවන් කෙනෙක්. එන වසරේ අපිට තව තවත් ඒවා කියවන්න ලැබේවා. ස්තුතියි GL, ජයෙන් ජය !

      Delete
  7. අර ඉස්කෝල මහත්තයගෙ පැත්තෙ අය හොඳ වැඩියි. ඒ වගේ මිනිස්සු වඳ කරගන්කෙ අර කියන ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයෙ ඉන්න ව වගේ කට්ටිය හිංද.
    දෙවනි කතාවත් නරක නෑ.. ඒක නිකං ෆිල්ම් එක්ක කතාවක් වගේ.
    හිහි
    2016 සුභ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. ඔව් දෙවෙනි කතාව විශ්වාස කරන්නත් අමාරු තරම් . මීට කලින් අහලා තිබ්බේ චිත්‍රපටිවල තමයි. ඒත් හැබෑ ජීවිතේ නිර්මාණවලට වඩා විශ්මයජනකයි නේද. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා මහේෂ් !

      Delete
  8. ලස්සන කථා දෙකක්. ලැබුවාවූ 2016 නව වසර ඔබට සහ ඔබ පවුලේ සැමට සතුට පිරි සුභ නව වසරක් වේවා. මෙවැනි ලස්සන කථා තවත් ලියන්න ශක්තිය ආ ධෛර්යය ලැබේවා.
    සමරසේකර

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සමර. ඔබටත් යහපත් වාසනාවන්ත නව වසරක් වේවා!

      Delete
  9. හිතට කතාකරපු කතා දෙකක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි WK. ඔබට වාසනාවන්ත නව වසරක් වේවා

      Delete
  10. හරිම සංවේදී කතා දෙකක්. ඔබට සහ පවුලේ සාමාජිකයින්ට සුබ නව වසරක්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉකෝ. ඔබට සහ පවුලේ හැමෝටම නව අවුරුදු සුබ පැතුම්!

      Delete
  11. අර්ථවත් කතා දෙකක්

    ReplyDelete
  12. හැමදාම කරනවා වගේ කියවන අපිට වැදගත් යමක් හිතන්න සලස්වපු කතා දෙකක්... ඔබටත් ඔවිනි ඇතුළු පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා.. !!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කවිඳු. ඔබටත් පවුලේ හැමෝටමත් අපේ පවුලේ සුබ පැතුම්

      Delete
  13. wellasse Mudiyanse
    ගැමිකම මුසු උණු ඔබේ හරබර කතා මම හැමදාමත් ප්‍රිය කලෙමි
    මේ කතා දෙකත් කියවා මම වින්දේ අසීමිත සතුටකි ..
    අලුත් අවුරුද්දෙත් ගොඩක් කතා ලියන්න හැකියාව ශක්තිය දයිර්ය ලැබේවායි පතමි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. ඔබේ වචන මට ශක්තියක්. සුබ අලුත් අවුරුද්දක් වේවා !

      Delete
  14. නියම වටිනා කතා දෙකක්.....

    2016 වසර ජයෙන් ජයම ලබන සුබම සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සුටික්කෝ , මේ පැත්තට ආදරෙන් පිලිගන්නවා . සුබ නව වසරක් වේවා !!

      Delete
  15. තව තවත් 'චරිත' හමුවන වාසනාවන්ත වසරක් වේවා..!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි බන්ධුල. සුබ නව වසරක් වේවා !

      Delete
  16. අර්ථවත් කතා දෙකක් තිලකෙ.
    ඔබටත් පවුලේ සැමටත් සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත 2016 ක් පතනව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රසන්න . නිවුන් සහෝදරයාටත් ඔබටත් සුබ නව වසරක් වේවා

      Delete
  17. සංවෙදී කතා දෙකක්,
    දෙවැනි කතාවෙන් කියනවා වගේ ජීවිතේ වැඩිපුරම ආදරේ කරන ඕනෑම දෙයක් ක්ෂණයකින් නැතිවෙලා යන්න පුළුවන් . ඒ වගේ වෙලාවක මිනිහෙකුට මැරෙන්න හිතෙන එක සාධාරනයි . ඒ වගේම ඒක අමතක කරලා එතනින් එහාට යන්න පුළුවන් නම් එක තමයි විශිෂ්ටත්වය .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉවාන්. අහම්බෙන් හරි මේ දෙදෙනා හමුවුන නිසා ජීවත් වීමේ වටිනාකම තේරුම් ගත්තා . සුබ නව වසරක් වේවා

      Delete
  18. හිතට වැදිච්ච කතා දෙකක්, බොහොම ස්තුතියි මේ වගේ වටිනා දේවල් අපේ ඔළුගෙඩි ඇතුළට ඔබනවට...
    ඔබට සුබ නව වසරක් වේවා...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලොකු පුතා . යමක් ලැබුනානම් සතුටුයි. ඔබටත් සුබ නව වසරක් වේවා!

      Delete
  19. ඒ වගේ ලස්සන මිනිස්සු හම්බු වෙන ලස්සන අලුත් අවුරුද්දක් වේවා තිලකේ අයියාටත් පවුලේ සැමටත් මේ අලුත් අවුරුද්ද.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මනෝජ් . ඔබ ඇතුළු සිය පවුලටම වාසනාවන්ත නව වසරක් වේවා!

      Delete
  20. ඔබටත් ඔබ පවුලේ සැමටත් ලැබුවා වූ නව වසර සුභම සුභ වේවා.!!! මේ වසරේ බොහෝ දේ ලියැවේවා!!!(දෙවෙනි ප්‍රාර්ථනාව කියවන අපි වෙනුවෙන්..)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අරිට්ටකී . ඔබේ පැතුම් සියල්ල ( දෙවැනි එකද ඇතුළුව) ඉටුවන වාසනාවන්ත නව වසරක් වේවා

      Delete
  21. වෙනද වගේම අපූරැයි උඹේ ලියවිල්ල. මේ අවුරැද්දෙත් තව තව ලියන්නට උඹට හැකියාව ලැබේවා!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචන් . උඹටත් ගෙදර හැමෝටමත් සුබ අලුත් අවුරුද්දක් පතනවා. රස්සාවේ කටයුතු හා කලා කටයුතු සියල්ල සාර්ථක වේවා

      Delete
  22. නියම කතා දෙකක්. කියෙව්ව නෙවෙයි කියවුනා. බලාපොරොත්තු සීයක් විතර තියං එකක්වක් ඉස්ට කරගන්න බැරිවෙනවට වඩා, එක බලාපොරොත්තුවක් තියාගෙන ඉශ්ට කරගන්න එක වටිනවා.

    2016 වසර තිලක පවුලට සතුට ගෙනදේවා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මලේ ගොඩදා ගන්න පුළුවන් පැතුම් එපැයි පතන්න . සුරංග, චුටි මැණිකේ , අච්චම්මා ඇතුළු පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා

      Delete
  23. කතා දෙක නම් බොහොම වටිනවා..

    අලුත් අවුරුද්දට බොහොම වටිනා පාඩමක් දෙනවා...

    ඔබ තුමාගේ පොතත් මම අරගත්තා...
    ඊයේ තමයි සම්පූර්ණයෙන්ම කියෝලා ඉවර කලේ...
    එකත් ඒ වගේම අගනා නිර්මාණයක්...

    සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විභීෂණ .ඉතාමත් සතුටට පත්වුනා පොතත් කියෙව්වා කිව්වම . ඔබටත් දයාබර සුබ අපතුම් !!

      Delete
  24. This is the first time I heard about Toast Master's Club in a Sinhala blog. Good for you. Welcome to the club.

    ReplyDelete
    Replies
    1. Thanks TM Prabath. Happy to know you enjoy sinhala blogs. Best wishes for the New Year !

      Delete
  25. 2016 ට ඔලුවේ තියාගෙන ඉන්ඩ වටින කතා දෙකක්!
    පට්ට!!!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රූපේ . ඔබටත් මගේ සුබ අපතුම් !!

      Delete
  26. තිලක අයියාටත් පවුලේ සැමටත් සුභ ම සුභ නව වසරක් වේවා.....

    ReplyDelete
    Replies
    1. කුරුටු පවුලටත් එසේම වේවා . වැඩි වැඩියෙන් ගී සින්දු ලියවේවා

      Delete
  27. බයිසිකල් අනතුරක් කිව්වම ඊයෙ පෙරේද කතාවක් මතක් වුණා.
    මගේ අතිශය සමීප හිතවත් පවුලක වයස හැට ගානක් වෙන අම්ම තාම බයික් පදිනව. කාර් එක පදවන්නෙ දුර ගමන් වලට. ළඟපාතට බයික් එකේ.
    මාව නං කවදාවත් ඇක්සිඩන්ට් වෙලා නෑ කිය කිය උන්නෙ.
    හැබැයි සති කීපෙකට කලිං උදේ පාන්දර බයික් එකේ යද්දි වෑන් එකක හැප්පිල දකුණු අත කැඩුණ.
    ඔයින් ගියා ඇති. බරපතල හානියක් නැහැ.
    කෙලින්ම කොළඹ මහ ඉස්පිරිතාලෙට අරං ගියා. එතන පොලිසියෙ රාළහාමි ඇහැව්වලු එයාගෙ දුවගෙන් අම්මට වයස කීයද කියල. හැට ගාණක් කිව්වලු.
    රාලහාමි කියනවලු හැට පැනල නං පංසලට ගිහිං පිනක් දහමක් කරගෙන ඉන්න කියන්න. බයික් පදින්නෙ නැතිව කියල.
    මං මේ කල්පනා කළේ ඔය රාළහාමිත් හැට පැනල පැංසොං ගියාම බයික් පදින්නෙ නැතිව පංසලට ගිහිං පිනක් දහමක් කරගෙන ඉඳීද කියලයි.

    ReplyDelete
    Replies
    1. මේ කතාවත් හොඳයි නොකී කතා ඇත්තටම.

      Delete
    2. ඇත්තටම ඒ කතාව නොකී කතාවක් නොවී කියල දැම්ම එකට ස්තුතියි . සුබ අලුත් අවුරුද්දක් පතනවා .
      අපේ පොලිසිය හරි උනනදුයිනේ කට්ටිය කල් ඇතිවම පන්සල් යවන්න

      Delete
    3. ඔය යක්කු කියුවොත් ඉතින් ඔහොම පඩත්තල කතාවක්ම තමා

      Delete
    4. මේ අවස්ථාවට මුහුණ දුන් දියණිය ලෙස මා ඒ මොහොතේ පත් වූයේ දැඩි අපහසුතාවයකටය. "නොකී කතා" සඳහන් කොට නොතිබූ ඒ සම්බන්ධ නොකී කතාවක්ද කියන්නම්.
      පොලිසිය මුලින්ම විමසුවේ අම්මාට ලයිසන් නෑ නේද කියායි. මා තිබෙන බව කී විට රාළහාමි ඇසුවේ අම්මා ගියේ පිටිපස්සෙන් ඉඳගෙනද කියායි. මා කිව්වා නෑ පැදගෙන කියා. එවිට රාළහාමි උපහාසයෙන් ඔලොක්කුවට වගේ කියනවා අම්මට කියන්න පංසලට ගිහිං පිනක් දහමක් කරගෙන ඉන්න. නිකං ඕනෙ නැති ඒව කරන්න යන්නෙ නැතිව කියල.
      ඒ මොහොතේ දෙන්න උත්තර කටට ආවත් මා නිහඬව සිටියා. ඔන්න තමන්ගෙ රාජකාරිය කරන්නෙ නැතිව පොලිසිය අපට දෙන උපදෙස්.

      Delete
    5. ඇත්තටම ඒ අනවශ්‍ය කතාව ජ්‍යෙෂ්ට පුරවැසියෙකුට කළ අපහාසයක්. ඇරත් ඇය නීතියට පිටින් දෙයක් කරලා නෑනේ

      Delete
  28. අපුරු කතා දෙකක. - ඔබට සුභ නව වසරක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අජිත් . මගේ සුබ පැතුම්

      Delete
  29. හිතට වැදුන කතා දෙකක්. අපි ජීවත් වෙන්නේ වෙනස් මිනිස්සු එක්ක වගේම හුඟක් අපූරු අයත් එක්ක.

    සුබ නව වසරක් තිලකේ අයියේ.

    ReplyDelete
    Replies
    1. සුබ අලුත් අවුරුද්දක් වේවා දිනේෂ් . මේ වගේ අපූරු මිනිස්සු ගැන ලියන්න ලැබෙන එක ලොකු සතුටක්

      Delete
  30. හැමදාම වගේ නියම කතා දෙකක් අයියා. සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිනිති . සුබ අලුත් අවුරුද්දක් වේවා !

      Delete
  31. මොන ෆිල්ම් ද.....??
    ටාසන් හිටපු කෙන්යාවේ ඔහොම ඒවා නොඋනොත් තමයි අපි පුදුම වෙන්න ඕන....
    රහයි ... හොඳයි .....
    නැවුම් හැඟුම් පිබිදෙන සුබ නව වසරක් වේවා !!!!!!
    ඔබට ජය .....

    ReplyDelete
    Replies
    1. ඔබටත් සතුට හා සනීපය පිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා ශාලිත . ස්තුතියි මේ ඇගයීමට හා රසිකත්වයට

      Delete
  32. http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/2236-2016-01-03-20-30-22

    ReplyDelete
  33. සුභ නව වසරක් තිලක. මිනිස්සුන්ගේ හිතට දැනෙන්න ලියන්න ඔබට ඇති ඒ හැකියාව තව තවත් වැඩි වේවා...

    ReplyDelete
    Replies
    1. තිසරටත් පවුලේ හැමටත් සුබ නව වසරක් වේවා ! අවුරුද්ද පුරා හොඳ දේ ලියනන්ට දෙන ඔබේ අතහිත අපට ශක්තියකි

      Delete
  34. කෙන්යානු කතාවට වඩා ඔබේ මිත්‍රයාගේ කතාව පරිපුර්ණ විශිස්ඨ කතාවක්.. ජය වේවා තිලකේ..

    ReplyDelete
    Replies
    1. ජයවේවා හා තැන්කිව් වේවා දේශෝ

      Delete
  35. miniskama pirichcha katha dekak,
    labuwawu nawa wasara sathutin, saamayen piri wasarak wewaa kiyaa suba pathanawa....!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් ජය සතුට පිරි නව වසරක් වේවා . බොහොම ස්තුතියි සෙනරත්

      Delete
  36. අවුරුදු අලුත් කරන්නේ කැලැන්ඩර් නෙවෙයි. අපිට හම්බවෙන අපූරු මිනිස්සු

    ReplyDelete
    Replies
    1. ඔව් නාඩි අනිත් හැමදේම අපිව සතුටු කරන්නේ තාවකාලිකව. අපට හමු වූ අපූරු මිනිසුන් ගැන මතකය හැමදාම අපිව සතුටු කරනවා

      Delete
  37. අපූරුයි. මේ නව වසරේ තවත් මෙවැනි කතා ලියන්නට ඔබට කාල වේලා ලැබේවා. ජයවේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නිලූක . ජයෙන් ජය වේවා !

      Delete
  38. බුද්ධාගම නිසා ද මන්දා අපේ කෂ්ටියට ඇවිත් තියෙනවා මහා බයාදු ගැතිකමක්. මා දන්නා වැඩිහිටි දෙදෙනෙකුම පාරේ යද්දී සයිකල්වල වැදී මිය ගියා.

    නඩු නෑ, බඩු නෑ!

    ප්‍රධාන හේතුව ඥාතීන් ගේ උදාසීනත්වය!

    ReplyDelete
    Replies
    1. තියෙන් පිළිතුරු දෙන්නට මිනිස්සු උදාසීන වෙන තරමට වැරදිකරුවන් නීති රීති නොසලකා වැඩ කරනවා

      Delete
  39. හිතට වැදුන, හිත නිවන කතා දෙකක්........

    සමාජයේ අත්දැකීම් වලින් පරි පූර්ණ මිනිස්සුන්ගේ ජීවිත කියවීම තරම් ප්‍රබන්ධ කියවීම රසවත් නෑ.....!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුමී . කොහොමත් 'ජීවත්' වෙන මිනිසුන් තරම් මොන දෙයක්වත් සුන්දර නෑ

      Delete
  40. මේක කියවලා ටික දවසක් . ඒත් ප්‍රතිචාර දැක්වීම දිනෙන් දිනම පස්සට ගියා .

    ඔබේ සුපුරුදු ලිවීමේ රටාව නිසාම , මෙයත් රසවත් .දෙවැනි කතාව වගේ එකක් හින්දි චිත්‍රපටයක තියෙනවා මතකයි .

    ඔය ටෝස්ට් මාස්ටර් කතාවලත් , මරු කතා පැවැත්වෙනවා නේද ?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ජාලිය. ඔබ මගේ කතාව කියෙව්වා කියා දැන ගැනීම වුනත් මට සතුටක් . ඔව් ටෝස්ට්මාස්ටර් තරගවලදී අපූරු කතා අසන්න ලැබෙනවා . මමත් කැමතිම සමාජයක් තමයි

      Delete
  41. අපෙ ගෙවල් ගාවම ටෝස්ට් මාස්ටර් රැස්වීම් පැවැත්වෙන දවස්වල මාත් ගියා. ඒත් එතනින් වෙන කොහාටද අරංගියාට පස්සෙ යන්න වුනේ නෑ.

    තිලක්... කල් පහුවෙලා වුනත් සුබ නව වසරක් ඔබට සහ ඔබේ නේවාසික සූප වේදියාට ...:)

    ReplyDelete
    Replies

    1. රවිටත් සිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !. අපේ වරලත් සූපවේදියා මේ දවස්වල නිවාඩු ගිහින්. මට තමයි පාඩු . මම ආවහම රවිගේ පණිවිඩේ කියන්නම්

      Delete
    2. මට සහතිකවම කියන්න පුළුවන් ඒ මිනිස්සු රැස්සිමත් අරගෙන රවිය නොදන්නා පළාතකට වහං උනා කියල. නැතුව රවීගේ හිත කඩන එක පව් කියල හිතෙන්න ඇති.. හි හි..

      Delete