Sunday, May 22, 2016

පිටස්තරයාගේ පොත් පෙරළීම

ගිය අවුරුද්දේ බම්බලපිටිය වෙරළේදී මගෙන් සමුගත්  පිටස්තරයා., හරියටම අවුරුද්දකට පසු ඊයේ 21 වැනිදා නැවත මා බලන්නට ආවේය.

''මම වයින් බෝතල් වගයක් ගත්තා . පස්සේ මතක් වුනේ අද වෙසක් කියල .අනික ලංකාවේ මිනිස්සු අච්චර දුක් විඳිද්දී මොන  සාදද? .  ඒත් උඹ බලල යන්න හිතුනා. හැබැයි පුතෝ  මට වෙනද වගේ කයිවාරු ගගහ ඉන්න විදිහක් නෑ ''

එසේ කීයූ  පිටස්තරයා  බැක්පැක්  බෑගයෙන්   එලියට ඇදගත් වේලපු ආමන්ඩ් පැකට් එක මා දෙසට වීසි කළේය .
ඉන්පසු සිගරට්ටුවක් දල්වාගෙන ගැලවූ කමිසයද කරේ දමාගෙනම  ජනෙල් පොලු අතරින් හාත්පස පෙනෙන නගරයට  විරිත්තීය.

මේ අතරේ ඔහු ගෙනා පොත් ගොන්න මම එකින් එක දිග අරින්නට පටන් ගත්තෙමි .

පළමු පොත ' ඔන්ටපුණරයා හා වෙනත් කතා '. නොතේරෙන සිංහල වචනය තේරුම් ගන්නට මහන්සි ගනිමින් පොතේ පිටකවරය අත ගාමින් සිටිද්ද්දී ආපිට හැරුණු පිටස්තරයා දොඩවන්න  පටන් ගත්තේය.

''මරු පොතක්. ලංකාවේ විතරක් නෙවෙයි ඕනිම සමාජෙක ඉන්නවා ව්‍යවසයකයෝ කියල කොටසක් . මේ කියන්නේ සල්ලි දාලා බිස්නස් කරන මිනිස්සුම නෙවෙයි. මුල් තැන අරන් මොනවා හරි කරන උන් තමයි ඔන්ටපූණරයෝ . මේ ගොල්ලෝ ඉන්නේ ජනගහනෙන් සීයෙට දහයක්  විතර . උන් සමාජේ ඉස්සරහට හරි පස්සට හරි අරන් යනවා. අනිත් සීයෙට අනූව උන් පස්සෙන් යන උන්. 
එතකොට මේ මිනිස්සු හොඳ අරමුණු  වෙනුවෙන් කැප වුනොත් රටක් හා සමාජයක්ම ඉදිරියට අරන් යන්න  පුළුවන්' . 

අවාසනාවකට ලංකාවේ දේශපාලනයට  ආපු බහුතරයක්  ඔන්ටපුණරයන්ගේ දර්ශනය විපරිතයි. 

මට කතාව නීරස වීගෙන එන බවක් පෙනුන නිසා පිටස්තරයා හම් බැම්මෙන් බඳින ලද තව  පොතක් මා දෙසට දික් කළේය .

'දේශපාලන මනෝ විද්‍යාව'
'මේකේ තියෙනවා කුප්‍රකට  දේශපාලකයෝ පස් දෙනෙක්ගේ  චරිත  ගැන මනෝවිද්‍යාත්මක විග්‍රහයක් .  ඔවුන් බොරු කියන්නේ ඇයි . ජාවාරම් කරන්නේ ඇයි ?. සල්ලි සම්බධයෙන් බලය සම්බධයෙන් සෑහීමකට පත් වෙන්නේ නැත්තේ ඇයි?.   හර්දය සාක්කියක්  නැති කම. ඒ වගේ එව්වා . එතකොට දේශපාලන  අනුගාමිකයන්ගේ අවිචාරවත්බව,නිවට කම , වසලකම වගේ ගුණාංග අපුරුවට විශ්ලේෂණය කරලා තියෙනවා'

'දැන් මේ පොතත් බලපන් !

'සිනර්ජි හා නායකත්වය'
'ඉංග්‍රීසියෙන් Synergy  කියන්නේ, දෙන්නෙක් හෝ කීප දෙනෙක් එකතු වෙලා යම් කිසි දෙයක් කරනකොට එකිනෙකා ළඟ වෙන වෙනම තිබ්බ ශක්තීන් වල එකතුවට වැඩි ශක්තියක් අළුතින් උපදින එකට. සිනර්ජි කියන එකට සිංහල ශබ්දකෝෂයේ තියෙන්නේ සහක්‍රියාව කියල. මටනම් ඊට වඩා හොඳයි සහශක්තිය  කියන වචනේ .මේක කණ්ඩායම් සම්න්ධයෙන් තමයි වැඩිපුරම න්‍යායගත වෙලා තියෙන්නේ.  ක්‍රියාශීලී ජනතා කණ්ඩායම් අතරත් සහශක්තියෙන් ඉතා ප්‍රබල ඉලක්ක ජය ගන්න පුළුවන්.

උදාහරනෙකට ගනින් කොහේ හරි රටක  ගං වතුරක් ඇති වුනා කියල. ගංවතුරට අහු වෙච්ච මිනිසුන්ට උදව් වෙන්න හිත හොඳ මිනිස්සු කණ්ඩායම් කීපයක් ක්‍රියාත්මක වෙනවා. දේශපාලන පක්ෂ වෙන වෙනම යනවා, සියලු බලතල හා යාන්ත්‍රණ තියෙන ආණ්ඩුව වෙන විදිහකින් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේවා එකට ගොනුකරන ඉලක්කගත කරන නායකත්වයක් තිබුනානම් අර  කීව සිනර්ජි එක ගන්න තිබ්බා.   

ඉතින් උඹ මේ පොත් සේරම කියවලා පිස්සු හදා ගන්නද යන්නේ .?

නෑ මම ලියුමක් ලියනවා .

කාටද ?

පිටස්තරයා දිගටම කියවාගෙන ගියේය .


මම ලියනවා මෙහෙම .

 තුමනි, 

දේශපාලනයෙන් මිදී ජීවත් වෙන්න කෙතෙක් උත්සහ කළත් එය ප්‍රායෝගික නොවන බව මට තේරුම් යමින් තිබේ. එනිසා මෑතකදී මා මිලදී ගත්  පොත් ටික  කියවා තේරුම් ගත හැකි යම්  නායකයෙක් වෙත්නම් ඔහුට සහයෝගය දීමට තීරණය කරගෙන සිටිමි .මක් නිසාදයත් ...  .........

කාටද ඕක ලියන්නේ ?

මම මේ විකාරය තව දුරටත් අසා සිටීමට බැරි තැන පිටස්තරයාගේ  දෙවුර සොලවා  ගිගිරුවෙමි.

ඊට පිළිවදන් නොදුන් පිටස්තරයා බෙල්ල නමාගෙන මේසයේ වාඩි  වී දිගටම ලියන්නට පටන් ගත්තේය.

ඔලුව කුරුවල් වී සිටි මම ජනෙල් කවුළුවෙන්  ඈත අවකාශය දෙස  බැලීමි.

වෙසක් සඳ මා නොතකමින්  මේසයේ වාඩි  වී ලියමින් ඉන්නා පිටස්තරයා දෙසම බලා ඉන්නා සෙයක් මට හැඟිනි.

( මා බ්ලොග් ලියන්නට පටන් අරන් ඊයේට අවුරුදු තුනකි)

Photo- Astrosage.com




61 comments:

  1. හොඳ වෙලාවට මූ එන්නේ කාලෙන් කාලෙට විතරයි නේද?

    ආයේ ලබන වසරේ ඕකා ආපහජු එනතුරු 'හෙනං ලියමු බ්ලොග්!

    ReplyDelete
    Replies
    1. අප්පේ ඔව් . හැමදාම ආවනම් මං කපෝතියි . මේකා හැදුවේ මං ලව්වා වෙන මොනාද ලියවගන්න . මං අහුවෙයි ඔව්වට. ලියමු ලියමු!

      Delete
  2. සංවස්තරයට සුභපැතුම්

    ReplyDelete
  3. තුක්වන බ්ලොග් උපන්දිනයට සුබපැතුම්

    ReplyDelete
  4. බ්ලොග් උපන්දිනයට සුබ පැතුම්

    ReplyDelete
  5. දේශපාලනයෙන් මිදී ජීවත් වෙන්නට කෙතෙක් උත්සහ කළත් එය ප්‍රායෝගික නොවන බව මට තේරුම් යමින් තිබේ. එනිසා මෑතකදී මා මිලදී ගත් පොත් ටික කියවා තේරුම් ගත හැකි යම් නායකයෙක් වෙත්නම් ඔහුට සහයෝගය දීමට තීරණය කරගෙන සිටිමි .මක් නිසාදයත් ... .........////

    මූ නං ලංකාවෙ නැති එක හොඳයි... නැත්තං ඔහොම එකෙක් හොයලම එපා වෙලා මැරෙනව... හි හි....

    ජගතුත් ඉන්න එකේ අපි සයිබර් සඟරාවක් වගේ එකක් පටන් ගමුද.. පස්සෙ ප්‍රින්ට් කරන්න බැරියැ... පිටස්තරයටත් කොලමක් දෙමු... පිටස්තරයා ආයිත් එන්න ඕනෙ කාලෙ හරි.... අපි හිත හිත ඉන්න ඒවා උෟ කටට නොදැනි කියල දානව.... ඔන්නං පැණි වලලුටත් පිටුවක් දෙමු... ( අර ඊතලය කියල කුණුහරුපයක් ප්‍රින්ට් කරනව.. මිනිස්සු ඒකත් සල්ලි දීලා ගන්නවනෙ... එහෙම එකේ පිටස්තරයව නොගෙන ඉන්න එකක් නෑ... )

    ReplyDelete
    Replies
    1. ඔහෙත් ලියනවැයි.

      Delete
    2. හික්.. කමෙන්ට් එකක්වත් දාන්න බැරි යැයි මට නං....

      Delete
    3. ඇත්තට ලංකාවේ පොත් කියවන දේශපාලකයෝ නැද්ද ? අඩු ගානේ පොත් පෙරලන උන්වත් .
      ආයේ වෙනින් සයිබර් සඟරා මොටද බ්ලොගේම ලියමු.

      Delete
    4. ලංකාවේ කලාතුරකින් හමුවන (පොත් පත් කියවන , ඔය හොඳ රුපවාහිනී වැඩසටහන් බලන , වෙන එකක් තියා අපේ , තිලක්සිත ලාගේ , යාන්හෑල්ල ලගේ සිට පැරා , මාතලන් දක්වා කියවන කෙනෙක් ගැන මම මේ ලඟදි ලීව්වා කියවන්න..

      Delete
    5. ලංකාවෙ 30 පැනපු වැඩිහරියක් තාම හිතාගෙන ඉන්නෙ ‌‌‌ෆේස්බුක් යනු මාරයෙක්ය, බ්ලොග් කියන්නෙ වැල සයිට් ජාතියක්ය කියල.... ඒ උනාට ඊට වැඩිය කුණුහරුප ප්‍රින්ට් කරලා විකුණන්න තිබ්බම අගේට පත්තරේ අස්සෙ දාගෙන අරගෙන යනව....

      Delete
  6. බ්ලොග් උපන්දිනේට සුබ පැතුම්! දාමු හොඳ බ්ලොග් පාටියක්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කසුන් .දාමු දාමු පාටියක්.

      Delete
  7. මේ දවස්වල ලංකාවේ පොත්කාරයෝ සාකච්ඡා කරන්නෙ ජිජැක් ද ශිශෙක් ද හරි නම කියන එක.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මාත් දැක්කා මේ ජිජැක් ශිශෙක් වාදේ . ඒ වගේ ලොවෙත් නැති ප්‍රශ්න අපේ රටේ තියෙනව

      Delete
  8. අවුරුදු තුනක් නොදැවී කල බ්ලොග් ලිවිල්ලට මගේ සුබපැතුම්!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හැලපේ . සමහර වෙලාවට දැවී යන්න ආසන්න උනා. හෙහ් හේ

      Delete
  9. ඒ පොත්වල ටයිටල් කියෙව්වහම හොඳටම ඇතිවගේ

    සුබපැතුම්!!

    ReplyDelete
    Replies
    1. මේ ගොරහැඩි ටයිටල් කියෙව්වම පොත එපා වෙනවා නේද?

      Delete
  10. එහෙම දේශපාලුවො මෙහෙ නැතෝ.......

    බ්ලොග් සංවත්සරේට සුභ පැතුම්

    ReplyDelete
  11. නැත්නම් ඉම්පෝට් කරමු නේද . බොහොම ස්තුතියි රසික !

    ReplyDelete
  12. පොත්වල ටයිටලේ අහගන්න ඔහොමනම්..... හත්වලාමයි! මට ඕනේ පොත්. හැබැයි රාක්කෙ උඩම පේලියේ තියන්න ගන්නේ. ඒ හින්ද අඩුකරලා දෙන්න හරිද?

    ReplyDelete
    Replies
    1. ආන් අර යකා ඒ පොත් ටිකත් ඇන්න ගියා. ඔය බහුබූත පොත් මං ගාව නෑ අනේ

      Delete
  13. තෙවන වසරට සුභ පැතුම්. දිගටම ලියන්න.!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අරිට්ටකී

      Delete
  14. තෙවර්ෂ පුර්ණයට උණුසුම් සුභ පැතුම් //තුමනි,

    දේශපාලනයෙන් මිදී ජීවත් වෙන්නට කෙතෙක් උත්සහ කළත් එය ප්‍රායෝගික නොවන බව මට තේරුම් යමින් තිබේ. එනිසා මෑතකදී මා මිලදී ගත් පොත් ටික කියවා තේරුම් ගත හැකි යම් නායකයෙක් වෙත්නම් ඔහුට සහයෝගය දීමට තීරණය කරගෙන සිටිමි .මක් නිසාදයත් ... .........// පිටස්තරයාට යමක් තේරිලා තියෙන්නේ... ඔය පොත් ටික කියවලා තේරුම් ගන්න කෙනෙක් අහුවුනොත් අපේ රට ගොඩම තමයි..

    ReplyDelete
    Replies
    1. අපි හොයන මෑන් ඔය පොත් ටික තේරුම් ගත්තට විතරක් මදි නේද? බොහොම ස්තුතියි කවිඳු

      Delete
  15. බ්ලොග් උපන් දිනේට සුබ පැතුම්!

    පිටස්තරයගෙ පොත් ටික කියවලා තේරුම් ගන්ඩ පුළුවන් නායකයෙක්- ඒ කියන්නෙ කිසිවෙකුට සහය නොදී ඉන්න තීරණය කරා කියනවා වගේ එකක්. මොකද කළු නික හෙව්වත් ඔයින් මනුස්සයෙක් හොයන්න වෙන්නෑ...... පොත්ටික කියවන්න විතරක් නම් බැරියැ තේරුම් ගන්ඩත් පුළුවන් වෙන්ඩ එපැයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සඳවියමන. මේ මහප්‍රාණ දැම්මට කොමන් සෙන්ස් එකට අහුවෙන දේවල්නේ තියෙන්නේ . කෂ්ටියට මේවා තේරෙන් නෑ නෙවෙයි තේරෙන් නෑ වගේ ඉන්න එක තමයි ප්‍රශ්නේ

      Delete
  16. තිලකෙ.....ඉතින් උඹ මේ පොත් සේරම කියවලා පිස්සු හදා ගන්නද යන්නේ .?

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ ඔය පොත් කියෙව්වත් නැතත් හඳ මෝරන කාලෙට කොහොමත් එහෙමනේ.

      Delete
  17. පිටත්තරය හොඳ මනුස්සයෙක්නේ. මම කියවනං හිතාගෙන ඉන්න පොත් ලිස්ට් එකක් තියනවා තවම ලංවෙන්න වත් බැහැ . මේ දවස් වල කරන්නේ පොත් දෙකක් අරන් දෙකම විටින් විට කියවන එක. අවුරුදු 3 ට සුභ පැතුම්. මගේ කොළඹ ගමයා බ්ලොගේ පටන් අරන් අවුරුදු තුනහමාරක් විතර ඇති. ඊට කලින් තිබ්බ බ්ලොග් දෙකම අතවත් තියන්නේ නැති නිසා මකල දැම්ම. දේශපාලනේ කටත් නොකර ඉන්න හිතුවත් අන්තිමට කණමැදිරියෝ වගේ ඒකටම ඇදිල යනවා.

    ReplyDelete
    Replies
    1. පිටස්තරය වුනත් කැරකිලා එන්නේ දේශපාලනේ ළඟටම තමයි. මමනම් අවුරුදු තුනම සැහෙන අමාරුවෙන් කොන්ට්‍රෝල් කරගෙන හිටියා. ඉදිරියටත් කෙලින්ම දේශපාලන පොස්ට් නොලියා ඉන්නයි ඉන්නේ. හැබැයි ඉදිකට්ටෙන් අනිනවා පුළුවන් තැන්වලදී

      Delete
  18. සුභ උපන්දිනයක් වේවා..!
    අපට දුන්නු තෑග්ගත් වටිනවා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි GL .ජය වේවා !
      තෑග්ගක් දුන් නෑනේ මම ?

      Delete
  19. තෙවන වසරට සුභ පැතුම් ! පිටස්තරයා හදවත ඇතුළෙ නවත්වා ගන්න පුළුවන් නම්.......

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේතූ .
      පිටස්තරයා දිගටම හිටියොත් කරදරයි නේ

      Delete
  20. ඔය දේවල් ගැන වැඩිය නොහිතා ඉමු. අපිට නොතේරෙන ඒවත් තියෙනවනේ ඉතින්.

    අවුරුදු ට සුබ පැතුම් අයියේ. ඉස්සරහටත් මේ වගේම ලියමු. ජය..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිනේෂ් .
      ඔව් මේ වගේ දේවල් වැඩිය නොලියා ඉමු

      Delete
  21. තෙවන සංවත්සරයට උණුසුම් සුබපැතුම්! "ඔන්ටපුණරයා" මරු වචනේ!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉකෝන්
      ඕකට හරියාකාර සිංහල වචනයක් නෑනේ

      Delete
  22. දේසපාලනය මට උදාසීන මාතෘකාවක්.

    ඒත් බ්ලොග් එකක් ඒක පටන් අරගෙන අවුරුදු තුනකට පස්සේ කියවන්න ලැබීම සතුටට කාරණක්! (එක දිගට කියවන්න පුලුවන්නේ)

    බ්ලොග් එකත් ඇඩ්මින් තුමත් ගැන කටකතා මිසක, බ්ලොග් එක කියවා සහසුද්දෙන් දන්නෙ නැති නිසා වැඩි පණ්ඩිතකම් කියලා මගේ උන්දලා අමාරුවෙන් ගොඩනගාගත්තු වරිගේ නහගන්නේ නෑ. :D

    සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. //දේසපාලනය මට උදාසීන මාතෘකාවක්.// මටත්

      බොහොම ස්තුතියි බුද්ධි .

      Delete
  23. ඔය වගේ පොත් ලියන්නේ පිටස්තරයොම තමා. හැක්..

    ඔය අවුරුදු තුනෙන්ම තාමත් මට හරියටම පිලුමක් වගේ මතක තියෙන්නේ සුන්දර ට්‍රැෆික් එකයි. අයිසුළුයි තමා.. ජය.. ඇල්බෙයා කැමූට සුභ සංවත්සරයක්. හැක්

    ReplyDelete
    Replies
    1. ඇල්බෙයා කැමූට අපහාස කරන්නෙපා. හැක්
      බොහොම ස්තුතියි දේශ්

      Delete
  24. බ්ලොග් සංවත්සර උපන්දිනේට සුභපැතුම්.. ටිකක් පරක්කු උනා එන්න...

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙලා හරි ආවනේ. සතුටුයි. බොහොම ස්තුතියි නිර්මාණි

      Delete
  25. පිටස්තරයා ඊළඟ අවුරුද්දෙත් අලුත් පණිවුඩයක් අරන් එනකම් බලන් ඉන්නවා.. පිටස්තරයාගේ සහයෝගය ගන්න පුළුවන් දේශපාලකයෙක් හමුවෙන තුරුත් ඒ වගේම බලං ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කමී . අර වගේ මනුස්සයෙක් ඉන්නවද කියල හොයල තියන්න

      Delete
  26. අවුරුදු තුනක් ලිව්වා බ්ලොග් එකට සුබ පැතුම්...!

    දේශපාලකයෝ පොත් නොකිව්වාට ජනතාවට හොඳට පොත දාන්නනම් දන්නවා.

    ReplyDelete
    Replies
    1. සුබ පතුමටත්,අවරුදු තුනක් තිස්සෙම මා බලන්න ආවටත් ස්තුතියි

      Delete
  27. අවුරුදු තුනක් ලේසි නෑ. දිගටම ලියන්න ඉඩකඩ ලැබේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි . ඔව් අවුරුදු තුනක් කියන්නේ අපේ වයසේදී සෑහෙන්න දැනෙන කාලයක්

      Delete
  28. විවිධ අදහස් ,විවිධ අය එක් උනාම තමයි ලෝකේ ලස්සන.. ඔබට තවත් විවිධ දේ ලියන්න විවිධ අදහස් පිටස්තරයා විසින් නොඅඩුව විවිධ විදිහට ගෙනත් දෙන්න විවිධාකාරයෙන් ඉඩ ලැබේවා තව බොහෝ කාලයක්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි . ඔබටත් තව තව ලස්සන හීන දකින්නත් ඒවා සැබෑ කර ගන්නත් ලැබේවා !

      Delete
  29. අවුරුදු 3 ක් තිස්සෙ මාත් වරින් වර එන්න ඇති. හරිම සතුටුයි අයියා. සුබ පැතුම්. දිගටම ලියමු.

    ReplyDelete
  30. මට මේක මඟ ඇරිලා. පමා වූ සුභ පැතුම් තිලක! වැඩි වැඩියෙන් ලියන්නට කාල වේලාව, හිතේ නිදහස ලැබේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කල්පනා .
      පහුගිය ටිකේ ගත්ත නිවාඩුවත් එක්ක අලුතින් ලියන්න දේවල් එකතු වෙලා තියෙනවා. දැන් තියෙන්නේ වෙලාවේ ප්‍රශ්නේ

      Delete