Saturday, April 29, 2017

ඇස්බැන්දුම් කාරයෝ -1



"දන්නවද මේ ලෝකේ හැමෝටම ඇස්බැන්දුම් බෑ. හැබැයි අපි උත්සහ ගත්තොත් ඇස්බැන්දුමක් නැතුව වුනත් මිනිස්සු පුදුම කරන්න පුළුවන් ...!

මේ කෑල්ල මා උපුටා ගත්තේ ළඟදී පළවූ ' කෙහෙල්කොටුවේ චුටි මහතත්යා විසින් රචිත  ' ඇස්බැන්දුම' කතා පොතෙනි . එය බුද්ධි ප්‍රසාද්ගේ සයිබර් යායේ පළවූ රසවත් ළමා කතාවක මුද්‍රිත පළ කිරීම නොහොත් අලුත්ම සිංහල බ්ලුක් එකයි.

 මට මේ මුල්වැකියෙන්ම පොත හිතට අල්ලලා ගියේය . ඇත්තම කියනවානම් මා උත්සහ කරමින් සිටින්නේද ඇස්න්දුබැමකින් තොරවම මිනිස්සු පුදුම කරන්නටය . මිනිස්සු සතුටු කරන්නටය. ඒ ලෙඩේ අපේ ඔවිනිට්ද තිබේ .

.

ඉස්සර ඔවිනිට ඕනෑ කලේ  ගෙවිලියක් වෙන්නටයි . අගේ පොත් කවරයක Fm. ඔවිනි කියා ලියා තිබෙනවා දැක ඒ මක්කදැයි අසු විට ඇය කීවේ එය Farmer කියන එකේ කෙටි යෙදුම බවය .හරියට ඩොක්ටර්ලා නමේ මුලට Dr. කියා දමනවා වගේ ඇය තමන්ගේ වෘත්තීය නාමය නමේ මුලට යොදාගෙන තිබුනේ ඒ විදිහටය .  මේ ආකාරයෙන් සිය අනාගත රස්සා වරින් වර මාරු කළ ඇය සමහර විට මේ ලෝකේ වැඩිම අනාගත රස්සා ගානකට සිහින දැක්ක ළමයා විය හැකිය.

මා මැදපෙරදිග රස්සාව කරන කාලයේ ඇය පහේ ශිෂ්‍යත්ව පන්තියේදී අපුරු රචනාවක් ලියා තිබුණාය . කතාවේ මාතෘකාව ' මට හත්පෙති මලක් ලැබුනොත් ' කියාය . ඇය ලියා තිබුනේ මලක් ලැබුනොත් මල වේලා ඇට ලබාගෙන ඒවායෙන් මල් පැල මහා ගොඩක් හදා ගන්නා හැටිත්  ඒවා රටේම ළමයින්ට  බෙදන හැටිත්ය . ඇගේ එකම පුද්ගලික ඉල්ලීමක් ලෙස හත්පෙති මලෙන් ඉල්ලන්ට බලාපොරොත්තු වී තිබුනේ 'රට රසාවට ගොස් සිටින තාත්තා ඉක්මනින් ගෙදර ගෙන්වා ගැනීමය' මේ රචනාවට දොළහෙන් දොළහම දුන්නු පන්තියේ ටීචර් ගෙදරට පණිවිඩයක් යවා අම්මා ගෙන්නාගෙන මේ පොත පෙන්වා තිබුනේය. ඊළඟ වතාවේ ගෙදර ආ විගස ටීචර් මා ගෙන්වාගෙන දරු පවුලත් සමග ලංකාවේම නතර වී සිටින්නැයි තරයේ අවවාද  කලාය.

ඒත් රස්සාවෙන් අස් වෙලා මා ලංකාවට එන්න හදන ආරංචිය ඇසුණු ඔවිනි කීවේ  ඉක්මන් වෙන්ට එපා තාත්තේ මම දැන් හරිම ආසයි තාත්තත් එක්ක එකම ප්‍රොජෙක්ට් එකක රස්සාව කරන්න . ඒ කියන්නේ තාත්තා දැන් වැඩ කරන එකේ, ඒ නිසා මාත්  එනකන් ඉන්න .

පසුගිය අවුරුද්දේ  ඔවිනී කොරියන් චිත්‍රපටි හා සංගීත වැඩ සටහන් වලට මොනතරම් ඇබ්බැහි වී සිටියාද යත් ඇයට ඉස්කෝලේ වැඩ , ගෙදර වැඩ විතරක් නොව කන, බොන දේද අමතක වී තිබුනේය. මේ ගැන මා තරවටු කරමින් කිව්වේ වැඩිපුර කොරියන් ප්‍රෝග්‍රෑම් බලන අයට ' කොරියන් එන්කෙපලයිටිස්' නම් රෝගයක් වැළඳෙන බවයි .

කොහොම කොහොම හෝ අපේ කන්කරච්චලයෙන් බේරෙන්න බැරි තැන කොරියන් චිත්‍රපට බැලීම නතර කළ  ඇය කඳුළු පෙරමින් සිය තීරණය දැනුම් දුන්නේ මෙසේ අනතුරු අඟවමිනි .

' හොඳයි මං කොරියන් ඒවා බලන එක නවත්තන්නම් හැබැයි මං කවද හරි දවසක කොරියන් බලන්න කැමති මහත්තයෙක් කසාද බැඳලා ළමයි දොළහක්  අරන් හදා ගන්නවා . අපි දාහතර දෙනාම සාලේ වාඩි වෙලා කොරියන් ෆිල්ම් බලනවා '

මේ මොනවා කීවත් ඔවිනි ඇස්බැන්දුම් නොකරම  අපිව පුදුමයට පත් කරවන බව මට විශ්වාසය .

මේ ඉහලින් තිබෙන චිත්‍රය  ඇන්දේ ඇස්බැන්දුම පොතේ කතුවරයා හෙවත් කෙහෙල් කොටුවේ චුටි මහත්තයා විසිනි .  ඒ ඔවිනිට උපන් දින තෑග්ගක් විදිහටය  .  පසුගියදාක ඔවිනිද  කරාටේ කළුපටි ධාරිනියක් වීමට සුදුසුකම්  ලැබූවාය. ඔවිනි විසින්ක කල්තියාම පවුලේ සමුහ චායාරුපයක්ද ඇඳ තිබුණාය . මේ එයයි .






50 comments:

  1. HAPPY BIRTHDAY OVI..!
    Nangage chuty chuty, loku loku hama hinayakma saba wena lassanama lassana birthday ekakata + awruddakata magen suba pathum..!

    *Nangage Korean pissuwa matat loku udawwak unane uncle.. ;)

    Thank u uncle..

    ReplyDelete
    Replies
    1. Uvini EdirisingheMay 2, 2017 at 11:35 AM

      Ovi ge pissuwen oyata wuna udawwa mokakda???😇

      Delete
    2. මේ හර්දයන්ගම සුබ පැතුමට ස්තුතියි කියන්නත් සෑහෙන ප්‍රමාද වුනා .ඔබේ හිතවත්කම , දයාබරකම අපිට වාසනාවක්

      Delete
  2. මේ දුවගෙ රස්සා ගැන කිව්වම නියම කතාවක් මතක් වුනා.

    මං දන්න තාත්තා කෙනෙක් ගැන එයාගෙ ‍යාලුවෙක් මට නියම කතාවක් කිව්වා.

    "ඔය ........ අයියා ඉන්ජිනේරුවෙක් විදිහට වැඩ කරන කාලෙ දවසක් අපේ එකෙග්ගෙ කසාදෙට අත්සන් කලා. එයා එතැන රස්සාව හැටියට ලිව්වෙ පුවත්පත්කලාවේදී කියල."

    ඔවිනි දුවටත් පරම්පරාවෙන් ඒ ගතිය ඇවිල්ලා.

    ReplyDelete
    Replies
    1. හත්දෙයියනේ ඒ කතාවත් ආරංචි උනාද? . ඒ වෙනකොට ඉංජිනේරුවා පත්තරේකට කුරුටුගාමින් තමයි හිටියේ

      Delete
  3. සිතුණි මටත් මේ පැත්තට හැරෙන්නට
    ඔවිනි දුවට සුපැතුම් එක් කරන්නට
    දියණි පැතූ සිහිනය එළි කෙරෙන්නට
    තුටිනි සිටිය යුතු ඇය ලොව දිනන්නට....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමී ගොඩක් ස්තූතියි . ජය වේවා !

      Delete
  4. ඔවිනි හරිම නිර්මාණශීලී දුවෙක්නෙ. ඒ ගතිය තමා තාත්තටත් ටිකක් ඇවිල්ලා තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. දරුවන් අපේ නිර්මාණශීලීත්වය අවුස්සනවා . ස්තුතියි ඉවාන්

      Delete
  5. පොඩි ප්‍රශ්නයක්
    - දහයෙන් නැතුව 12 න් ලකුණු දෙන්නේ ඇයි ?


    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කාලේ ශිෂ්‍යත්ව පේපරේ රචනෙට ලකුණු දොළහක් වෙන් කරලා තිබ්බා . ඒ නිසා පන්තියේ ටීචර් දුන්නේ දොළහෙන් ගානක්

      Delete
  6. මම මේ කල්පනා කලේ මේක කියවන ගමන් ...මගේ පොඩි කාලේ වෙන්ඩ කැමති ලිස්ට් එක......

    සුබ උපන් දිනක් දුවට...ඇත්තෙන්ම ඇය හරිම නිර්මානශිලියි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විසිරි සිහින . මමනම් ලොකු උනාම ට්‍රැක්ටර් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න හිතන් හිටියේ

      Delete
  7. //ඔවිනි හරිම නිර්මාණශීලී දුවෙක්නෙ. ඒ ගතිය තමා තාත්තටත් ටිකක් ඇවිල්ලා තියෙන්නෙ//
    මේක කියෙව්වම මට මගේ පොඩි කාලේ මතක් වුණා,හැබැයි මට තිබ්බේ හින්දි පිස්සුවක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කළු මොණරී. හින්දි පිස්සුව දැන් තියෙන්නේ අම්මලාටනේ

      Delete
  8. ඔවිනිට සුබපැතුම්

    ReplyDelete
  9. ඔවිනිට සුභපැතුම්..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි GL. ජය වේවා !!

      Delete
  10. හරිම ලයාන්විත සටහනක්. සුභ උපන්දිනයක් දුවේ.

    ReplyDelete
    Replies
    1. thooo liyapan yakooo!!!
      here we are just reading some disgusting politics except thilaka sitha, u & just hand full of others
      pls write regularly!!!!

      Delete
    2. බොහොම ස්තුතියි ඩුඩ් හා ඇනෝ

      Delete
  11. මේ කතාව කියෙව්වම මට මතක් වුනේ අපේ පුතා ඇඳපු චිත්‍රයක්....

    එතකොට මම රට. පුතා දෙකේ පංතියෙ විතර ඇති.. ඉස්කෝලෙන් චිත්‍රයක් අදින්න කිව්වම එයා ඒක ඇඳලා තිබුනේ මාව නැතුව.."කෝ පුතේ තාත්තා?" කියලා ඇහුවම
    "තාත්තා ඉතින් අපි ළඟ නෑනෙ" කිව්වලු. ඒක අහලා මගේ ඇස් දෙකම තෙත් වුනා.. මම තීරණය කළා ගත්තු ණය ගෙවලා ඉවරවුණ ගමන් වහා ලංකාව බලා හැරෙනවා කියලා..

    දුවට සුබ උපන් දිනයක හා කරාටේ ශූරියක් වීම පිළිබඳ උණුසුම් සුබ පැතුම් ! (පුළුවන්නම් දැන් හැම කෙල්ලෙකුටම මාර්ශල් ආර්ට් අනිවාර්යය කරන්න ඕනා)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සෙන්නා . අම්මලා තාත්තලා ළඟ ඉන්න එක දරුවන්ගේ අයිතියක් . මොන මොන හේතු හින්දා හරි අපිට ඒ අයිතිය ටික කාලෙකට උදුරා ගන්න උනා . ජය !!

      Delete
  12. ඔවිනිට සුබ පැතුම් එකතු කරනවා සියළුම දේ වෙනුවෙන්!

    චූටි මහත්තයා දවසක් එයාගේ තාත්තා ගැන මෙහෙම අදහසක් කියනවා.

    "මම නිවුනු මිනිහෙක් වෙන්නේ කොහොමද? ඔහොම කල්පනා කරගෙන යද්දි මට මතක් වුනේ තාත්තව. තාත්තත් නිවිලා. ඒ කොහොමද? අපේ තාත්තා කරාටි කලුපටි කාරයෙක්. ඔය වගේ ශිල්පයක් දන්න කවුරුත් හොඳටම නිවුනු අය. මොකද ඒ අය කැලේ ඉන්න සිංහයෝ වගේ. කාටවත් බය නෑ. කාටවත් කරදරේකුත් නෑ. කරදරයක් ආවොත් එයාලා දන්නවා ඒ මොහොතෙදි කරන්න ඕනේ හොඳම දේ! මටත් නිවුනු මනුස්සයෙක් වෙන්න ඕනෑ වුනේ ඔය කාරණාව හන්දම තමයි. ඒ කිව්වේ මටත් ඕනෑ කරාටි කලු පටි කාරයෙක් වෙන්න." (- චූටි මහත්තයා).

    ඒ වගේමයි. කළු පටියක් ගන්න එකත් එහෙම ලේසි දෙයක් නෙමෙයි. මේ ඒ ගැන චූටි මහත්තයා කියන හැටි.

    "අපේ තාත්තා කරාටි කලු පටි කාරයෙක්. කලු පටිය බඳින්න හම්බවෙන්නේ කරාටි හොඳටම දැනගත්තට පස්සේ....." (- චූටි මහත්තයා).

    ඒ වගේම දරුවන් නැමති වත්කමේ උරුමක්කාරයෝ දෙමාපියෝලු. ඒක එහෙමනම් හොඳ උරුමක්කාරයෝ හමුවුනාම වත්කම් වල වටිනාකම හොඳටම වැඩිවෙන බවට හොඳ උදාහරණයක් මේ.

    අනාගතයට සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ඔව් චුටි මහත්තයාගේ කතාව අපිට මග පෙන්වන එකක් උනා. අපි හැමෝම සතුටු වුනා චුටි මහත්තයාගේ මේ ලස්සන චිත්‍රය උපන්දිනේ දවසේ ඔවිනි වෙනුවෙන් ලැබුනට . ගොඩක් ස්තුතියි . ජය !!

      Delete
  13. Great expectations Ovini ! Congeatulations.

    ReplyDelete
  14. දුවට සුබ පැතුම් !!
    අනාගත බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම සපුරාගැනීමට හැකියාව ලැබේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රසා

      Delete
  15. "කොරියන් එන්කෙපලයිටිස්" වගේ අපේ ගෙදර අයට තියෙන්නේ."ඉන්දියන් එන්කෙපලයිටිස්"
    කරාටේ කළුපටි ගත්තු එකට වගේම උපන් දිනයටත් ඔවිනිට සුබ පැතුම්...!

    ReplyDelete
    Replies
    1. ඉන්දියන් එන්කෙපලයිටිස් අම්මලාට හැදෙන ලෙඩක් . බොහොම ස්තුතියි මනෝජ්

      Delete
  16. Uvini EdirisingheMay 2, 2017 at 11:41 AM

    I'm soo sorry.. maybe the most belated wishes..HAPPY BIRTHDAY OVINI NANGO!

    Still remember your creative writings on my autograph... Best of Luck for your Future.. here.. you know.. every day brings a good news about you!

    And CONGRATULATIONS for your Brave achievement!🎉

    ReplyDelete
    Replies
    1. Thanks a lot duu. Ovini was so happy to see your comment and brilliant, Birth Day wishes

      Delete
  17. උපන් දින සුභ පැතුම් ඔවිනිට

    ReplyDelete
  18. ඔබේ පළමු පොත දොරට වැඩි දා හැදිනගත්තෙම් ඔවිනිගේ සුරු විරු කම්. දුවණිය ඔබට ජය සතුට සදා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ සොඳුරු ආසිරි පැතුමට

      Delete
  19. සුභ පැතුම්

    ReplyDelete
  20. ඉතාම සුන්දර හද පිනායන පෝස්ටුවක්. පරක්කු වෙලා වුණත් මමත් ඔවිනිට හදවතින්ම සුභ පතනවා සුභම සුභ උපන්දිනයක් වේවා කියලා .

    ReplyDelete
    Replies
    1. සඳ සිහිලක් වගේ දැනෙන දයාබර කමෙන්ටුවක් . ස්තුතියි සඳවතී

      Delete
  21. හමුදා සෙබළෙක්
    මෝටර් මිකැනික් කෙනෙක්
    පුරා විද්‍යාඥයෙක්
    ඩේවිඩ් ඇටෙන්බරෝ වගේ සංචාරකයෙක්
    ,

    ,
    ,

    මටත් ඒ වගේ හිනා කොයි තරම් තිබ්බද ?

    ඒ උනාට මම දැන් නිකම්ම නිකම් IT බාස් :)

    ReplyDelete
  22. I have been surfing online more than 3 hours today, yet I never found any interesting article like yours.
    It is pretty worth enough for me. In my opinion, if all site owners and bloggers made good content as you did, the net will
    be a lot more useful than ever before.

    ReplyDelete