අලුත් අවුරුද්ද සුබ වෙන්න නම් ගෙවිච්ච අවුරුද්ද ගැන මොන විදිහේ හරි තෘප්තිමත් අදහසක් තියෙන්න ඕනි. ලියන්නට ගොඩක් දේ හිතේ තියෙන නිසා 2020 අවුරුද්ද මටනම් සුබ වෙයි.. සතුටු, අසතුටු ජීවිත අත්දැකීම් ගොඩක් ලැබුණු නිසාත් නරක හොඳ කරගන්න සටන් කරපු නිසාත් 2019 අවුරුද්දේ ජීවිතයට අගයක් එකතු වුනා . ඒ ගැන සතුටුයි. මේ නයින් ගත්විට ඔබටත් අනිවාර්යයෙන්ම ලැබෙන අවුරුද්ද සුබ වේවි . නව අවුරුද්දේ දුක සැප දරාගෙන සුපුරුදු සටනේ යෙදෙන අතරතුර හැකි විදිහට අපේ සම්බන්දෙ තියාගමු , අඩු ගානේ මොනා හරි පම්පොරියක් ලියල බෙදාගෙන හරි එකට ඉමු.
මෙන්න මම ලියන්න පටන් අරන් ඉවර නොකරපු කතා ටිකක්.
- කන්නෙලියේ නයනා හා විල්පත්තුවේ ඩයනා - මෙරට සංචාර වලදී හමු වූ අපූරු තරුණියන් දෙදෙනෙක් ගැන කතන්දරයක්
- පිලිපීනාලන්කාරය- කටාර්වලදී හමු වූ පිලිපීන ජාතිකයන් පිරිසක් ගැන අන්දරයක්
- BTS ගමනේ යා- සුප්‍රසිද්ද BTS සංගීත කණ්ඩායම ගැන අපේ ඔවිනී හොයා ගත් අපූරු විස්තර
- විදුසර මතක 1 හා 2- 1990 සිට 95 අතර කාලයේ විදුසර පත්තරය හා ඇසුරු කළ සමයේ මතක සටහන්
- කොස්ලන්දේ පුරාවත - සුවිශේෂ නගරයක් වූ කොස්ලන්ද හා බැඳුනු කතන්දර
- කලාපුරේ සය මසක් - ගල්කිස්ස කලාපුරේ ජීවත් වූ කාලය ගැන අතීතාවර්ජනයක්
- බොනරබල් ජීවිත - බේබදු කතා පෙළක්
- පැනිදෙනි මතක පොත- පේරාදෙනි පැනිදෙණියේ එදා හා අද විස්තර
- හිත් ගත් ප්‍රොජෙක්ට් මැනේජර්ලා - චරිත කතා පෙළක්
- වෙළඳ දැන්වීම් තුනක් - මිත්‍ර ව්‍යවසායකයින් තුන් දෙනෙකුට දෙන පබ්ලිසිටියක්
- දොළොස් මහෙන් උපන් බබා - නිම වෙමින් යන මගේ කුළුඳුල් පරිවර්තනය හැඳින්වීම
- මගේ පොර ටෝක් ක් - පොත් දොරට වැඩුම්, සමුළු හා වැඩ බාර දීම් ආදියේදී මා කළ දෙසුම් සාරාංශ පෙළක්
මේ කතා draft ලෙස මගේ බ්ලොග් අඩවියේ එකතු කර තිබෙන බවත් ලියා අවසන් වූ වහාම... .
ඉතින් සුබ අලුත් අවුරුද්දක් වේවා !
සුභ නව වසරක්.
ReplyDeleteඔය තියන කතා දොළහම අවසන් කරලා පලකරන්න කාලය ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි. කොහොම හරි ලියල ඉවර කරනවා
Deleteමාසයකට එක බැගින්වත්, 2020 වසර තුලදී පළකරමු.
ReplyDeleteඔව් දයා මහත්තයා . හෙට එකක් ඉවර කරන්න පුළුවන් වේවි
Deleteඔච්චර සාර ඒවා නැති උනත් මගේ ඩ්‍රාෆ්ට් ලිස්ට් එක හරි දිගයි තිලකේ.
ReplyDeleteඑහෙනං ඔය ඉජිත්තු නංකිල ඉන්න කබලාන බීච් හොටෙල් එකටත් ගියා ඈ
ලියලා ඉවර කරමු බන් . මේ ටික පොරෝප්පේ වගේ තියාගෙන ඉන්න හින්දා එදිනෙදා හම්බවෙන සරල සටහන් ලියන්න බැරි වෙනවා. හරියට විබාගේදී ලේසි ප්‍රශ්න තියෙද්දී අමාරු දෙක තුනක් බදාගෙන ඉන්නවා වගේ. කබලාන හෝටලය අපේ ඊජිප්තු සිහිනය සැබෑ කළා හෙහ් හෙහ්
Deleteඔයාටත් පවුලේ සැමටත් මේ නව වසර සුභම සුභ නව වසරක් වේවා.
ReplyDeleteබොහොම ස්තුතියි කසුන්. පවුලේ සියලු දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා . ළඟදීම බලන් න එනවා
Deleteඔය තියන කතා දොළහම අවසන් කරලා පලකරන්න කාලය ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම 4,5,6 සහ 12 කියවන්න බලාගෙන ඉන්නවා. ඒත් එක්කම ඊලග පොත. මම රේඩියෝ කතා මේ වෙනකොට නවත්වලා. ආයෙත් පටන් ගත්තොත් කරන්න ඔබේ ජීවන කතන්දර රැසක් එකතු කරගෙන ඉන්නවා.
ReplyDeleteබොහොම ස්තුතියි අනුරුද්ධ . රේඩියෝ කතා හොඳ සේවයක් කළා . අර කීව පෝස්ට් ටික ඉක්මනින් ඉවර කරනවා
Deleteකොස්ලන්දේ පුරාවත කවද විතරද?
ReplyDeleteඒක තමයි ඉස්සෙල්ලම කරන්න ඉන්නේ , තව විස්තර ටිකක් තහවුරු කර ගන්න තියෙනවා
Deleteජයවේවා! අවුරුද්ද සුබ වේවා! බ්ලොග් පොස්ට් ටික කම්ප්ලිට් වේවා!
ReplyDeleteජයවේවා කමි. ආයෙම බ්ලොග් වසන්තයක් ගේමු
Deleteසුභ නව වසරක් වේවා!
ReplyDeleteඔබටත් එසේම වේවා. ජය. !
Deleteඇති යන්තම් අලුත් අව්රුද්දේ වත් බ්ලොග මතක්වුනා.12ම මේ වසරේ කියවන්න ලැබේවා .සුබ නව වසරකට ආසිරි
ReplyDeleteමේ අවුරුද්දේ කියවමු. ජය වේවා !
Delete