පළමු කොටස මෙතැනින්
කිෂෝර් දෙස මද වෙලාවක් බලාසිටි මම ආපසු හැරුනේ ඔහුගේ බිරිඳ දිව ගොස් කිෂෝර්ව කුද්දන්නට උත්සහ කරද්දීය
'පොඩ්ඩක් ඉන්න මෙයා දැන් නැගිටියි'
ඇය ඔහු ලඟට ගොස් උරහිසින් සොලවා අර 'ස්ටුල්' සිද්දියෙන් පසුව හිටියාක් මෙන් ආදරෙන් කිෂෝර්ට කතා කළාය .
'නෑ මම එයාර්පෝර්ට් යන ගමන් .මම පසේ වෙලාවක එන්නම් . කිෂෝර්ට කියන්න මම ඇවිත් ගියා කියල' .
මා එසේ කියද්දී ඇතුල් කාමරයක සිටි කිෂෝර්ගේ පුතණුවන්ද එලියට ආවේය. මා මෙහි බෝඩිම්කරුවකුව සිටි කාලයේ මා සමග ඉතා හිතවත්ව සිටි ඔහුටත් ,මම ආචාර කොට පස්සේ එන්නම් කියා ආවාටත් වඩා වැඩි වේගයෙන්ම පඩිපෙළ බැස වාහානයට ගොඩ උනෙමි .
මගේ මුණේ වූ කනස්සලු ස්වාබාවයෙන්ම සිදු වූ දේ තේරුම් ගත් සගයන් ගමනේ විස්තර හාරා අවුස්සන්නට නොආවෝය .
වහානය ගුටන්තොටුපල දෙසට ඇදෙමින් තිබියදී මට දුරකතන ඇමතුමකි.
'හොඳටම නෝක්කාඩු ස්වරයකින් කිෂෝර් මා අමතයි.
' ඇයි එක විනාඩියක් මම නැගිටිනකම් හිටියේ නැත්තේ? අපේ පුතත් පුදුම වෙලා වචනයක් කතා කරන්න තිබ්බනම් හරිනේ. මොකද ඔය හැටි හදිස්සිය ?'
'නෑ කිෂෝර් මම මේ අපේ නෝනයි ළමයි දෙන්නයි ගන්න එයාර්පෝර්ට් යන ගමන් ආවේ . පොඩි වැඩකටත් එක්ක'
'එහෙනම් ආපහු එනගමන් එන්න මෙහෙන් කට්ටියටම කෑම හදලා තියන්නම් '
කිෂෝර් වෙරිමතින් උනත් තරමක පියවි සිහියෙන් සිටින බව තේරුම් ගත් මම ඔහුට මගේ අලකලංචිය කෙටියෙන් පැහැදිලි කලෙමි . සියල්ල තේරුම් ගත්තේ නැති උනත් ඔහුට යම් කොටසක් වැටහුණු බව තේරුම් ගතිමි .
'මට විනාඩි පහක් දෙන්න '
ඔහුගේ දුරකථනය විසන්ධි විය
මම ඉන්පසු කීප වරක් ඔහුට කතා කරන්නට උත්සහ ගත්තද පලක් වුයේ නැත .
බ්‍රහස්පතින්දා හවස නගරය අවුල් ජාලාවක් කරන ට්‍රැෆික් ගංවතුර මැද්දෙන් එහෙන් මෙහෙන් පීනා අපි ගුවන් තොටුපලට ලඟා වීමු.
දැන්නම් මගේ ජීවිතයෙන් පංගුවක් රැගත් ගුවන් යානය ළඟාවීමට වෙලාව හරියාගෙන එයි . එය යන්තම් විනාඩි දහයක් ප්‍රමාද වී පැමිණෙන බව ඉලෙක්ට්‍රොනික තිරයේ දැක්විණි.
මේ අකරතැබ්බය නොවිණිනම් තව පැයක් හමාරක් යනකොට ඔවුන් මා තුරුලේය.
ඒ අතරේ මගේ ප්‍රශ්නය ආරංචි වූ අනෙක් මිතුරන්ගෙන්ද දිගින් දිගට ඇමතුම් ලැබුනේය. ඉන් එක් අයෙක් උපදෙස් දුන්නේ වැඩේ අයහපත් වී පවුලේ උදවිය ගුවන්තොටුපලේ රඳවා ගතහොත් ඊළඟට කරන්නට ඕනෑ දේවල් පිලිබඳවය.
'මම දැනටම තීරණය කරලා තියෙන්නේ එහෙම උනොත් මමත් හෙටම ටිකට් එකක් අරන් ලංකාවට යනවා .
එයාර්පෝර්ට් එකේදී මේ ගොල්ලන්ව හම්බ වෙනවා. අපි එකට ආපහු යනවා. ආයේ මේ රටේ පස් පාගන්නේවත් නෑ .
මගේ තවත් මිතුරකු විසින් ගුවන් සමාගමේ නිලධාරියෙක් සම්බන්ධ කරගෙන අපේ පවුලේ උදවිය හමු වී පණිවිඩයක් දෙන්නට පුළුවන් මගක් සෙව්වේය.
' ඒ ගොල්ලෝ ගාව IDD ෆෝන් එකක් තියෙනවද?
'නෑනේ;
මම සැනෙකින් ලංකාවේ සිටින මගේ අතිජාත මිතුරෙක් ඇමතීමි.
මම ඔහුට කෙටියෙන් විස්තරය කියා දී දැන් මගේ බිරිඳගේ ජංගම දුරකථනයට IDD පහසුව ඔනෑ වී තිබෙන බව කීවෙමි.
පෝරම් පුරවා තැන්පත් මුදලක් තබා කර ගත යුතු වූ සේවාව ඔහු පැය බාගයක් ඇතුලත කර දුන්නේය.
කිෂෝර්ගෙන් දුරකථන ඇමතුමක් ලැබුනේ මේ අතරය . ඔහු කතා කලේ හති අරිමිනි
' මේ දැන් මම අපේ ලොකු මහත්තයෙක් ගාවට ඇවිත් ඉන්නේ . ඉන්න මම එයාට දෙන්නම්'
ඊළඟට එහා කෙලවරින් ඉතා මෘදු පැසුණු හඬක් ඇති මිනිසෙක් සරල ඉංග්‍රීසියෙන් කතා කළේය '
'මට කිෂෝර කිව්වා ඔයාට කරදරයක් කියල '
'ඔව්'
මම ඔහුට පුලුවාන් තරම් කෙටියෙන් පැහැදිලිව මගේ අවුලේ සුල මුල කීවෙමි . ඊළඟට වීසා අංකය දෙන්නදැයි ඇසීමි.
'නෑ මට ඒ තරම් දුරට මැදිහත් වෙන්න බෑ නමුත් මට පුළුවන් මේ වගේ සිද්දියක් වුනොත් කරන්න පුළුවන් මොකක්ද කියල හොඳින් විස්තර ඇතිව අහගන්න. ඉන්න මං අපහු ගන්නම්'
අතිශයින් නොසන්සුන්ව ගෙවුණු විනාඩි කිහිපයකට පසු ඔහු නැවත මා ඇමතීය .
' මේකයි මහත්තයා ඔයාට බය වෙන්න දෙයක් නෑ . මට කරන්න පුළුවන් පැහැදිලි කර ගැනීම කරගත්තා. ඒගොල්ලෝ එන්නේ ඔයාගේ අනුග්‍රාහකත්වයෙන්. ඔයා ඉන්නේ මේ රටේ . ළමයි දෙන්නෙකුත් එක්ක පවුලේ අය ආපසු යවන්න තරම් ලොකු වැරද්දක් වෙලා නෑ . පුංචි අඩුපාඩුවක්නේ . බය වෙන්න එපා. ඒ ගොල්ලෝ එයි.'
මගේ සිහ ගත දෙකම ගිනියම් වී තිබූ මොහොතේ ඔහුගේ වචන සිහිල් මද පවනක්ම විය .
'මේ කතා විශ්වාස කරන්න එපා' කී මගේ මිතුරා මා අසලින් නික්ම ගියේ අපේ සමාගමේ උදව්ව මට ලබා දෙන්නට උත්සහ කිරීම සඳහාය.
සුවිසල් බිත්ති ඔරලෝසුවත් , ඉලෙක්ට්‍රොනික තොරතුරු තීරයත් හා ඈත දරුපවුල් සමග එන ගුවන් මගීන් දෙසත් මාරුවෙන් මාරුවට බලමින් මම නොඉවසිලිමත්ව ඔබමොබ සක්මන් කළෙමි.
රියදුරු හිතවතාද මගේ වේදනාව දැනී මා මෙන්ම අසහනයට පත් වී සිටියේය .
'මේ අතර මම බිරිඳගේ දුරකතනයට නොකඩවා ඇමතුම් දුනිමි. එම ජංගමය මේ රටෙත් වැඩ කරන බව ඇය දන්නේ නැත. එනිසා, සමහර විට එය නිවා දමා හෑන්ඩ් බෑගයේ දමාගෙන ඇති.
මේ ලෙස ගෙවුණු තවත් තත්පර දහසකට විතර පසු මගේ නෙතු බොඳ කරමින් ඈත මගීන් අතරේ ඒ ආදරණීය රූ චායා තුන මා වෙත ඇදෙනවා දුටිමි.
කට්ටිය එනවා කියාගෙන මා අපේ රියදුරා වැළඳ ගතිමි. ඔහුගේ දෑස්වලද සතුටු කඳුළු පිරෙනවා මම දුටුවෙමි.
වීදුරු දොරෙන් මෙපිට සිටි මා වෙත දරුවන් දෙදෙනා දිව එද්දී මගේ චින්ත සන්තානයේ විදුලි එලි සිය දහසක් දැල්වෙමින් චමත්කාරජනක ප්‍රමෝදයක් මැවිණි .
එදා රාත්‍රියේ අපි ආගිය තොරතුරු කතාකරමින් සිටිද්දී මම බිරිඳගෙන් ඇසුවේ වැරදිලාවත් පාස්පෝර්ට් කවුන්ටරෙන් ඔයාට එන්න දුන්නේ නැත්නම් මොකද කරන්නේ කියලය .
' එහෙම මොනා හරි උනොත් පොඩි දෙන්නා තනියම හරි එවන්නයි මම හැදුවේ . මොකද ඔයා එළියේ කොච්චර ආසාවෙන් බලාගෙන ඉන්නවාද කියල මම දන්නවනේ . අඩු ගානේ දුලා හරි දැක්කොත් ඔයාට සැනසීමක් තියෙයි කියල මම හිතුවා '
( අදින් හරියටම අවුරුදු විස්සකට පෙර සිදුවූ එක්තරා මගුල් ගෙදරක් සමරනු වස් මම මේ පෝස්ටුව ලිව්වෙමි )
චිත්‍රය ඇන්දේ ඔවිනි