Sunday, August 25, 2013

ජේෂ්ට උත්තමයා


නවක  වද ගැන විවිද ආරංචි හා විවිද අදහස් උදහස් දකින්නට අසන්නට ලැබුනත් මේ කියන දේ සිදු  උනේද කලකට පෙර නවක වද සමයකදීය
අක්බාර් ශාලාවේ දිග කොරිඩෝරය මතින් එහා මෙහා යන්නන්ගේ  කතා බස් දෙපස කාමරවල සිටි වුන්ට හොඳින් ඇසෙයි . දෙටු සිසුන්  නවකයන්ගෙන් විස්තර අහන්නේද  මේ කොරිඩෝරයේදීය
එවන් එක දෙබසක් මෙසේ වි
ඒයි උඹ කව්ද ?
ජේෂ්ට උත්තමය මම පුංචා
මොන කාමරේද ඉන්නේ?
29 කාමරේ 
ගම ?
බදුල්ලේ 
බදුල්ලේ කොහෙද ?
ගඟ පාරේ 
තාත්තා මොනවද කරන්නේ?
ළමයින්ට අන්ඩර දෙනවා (උගන්වනවා)

තව මොන මොනවදෝ ඇසේ .අඩි  පොලවේ හප්පන ජේෂ්ට උත්තමයා බොරු තර්ජනයක් දමා නවකයා  පන්නා ගනී 
මේ කතා බහ කන වැකුණු අය  අතර අසල කාමරයක සිටි  පැන්ටියා උත්තමයාද විය .

එදා රෑ බෝ වී අක්බාර් නෙල් එකේ 35 කාමරයේ සිටින ජේෂ්ට උත්තමයා  පුංචා  එන්න කියා පණිවිඩයක් ඒවා ඇත . ඔහු පණිවිඩ කරු වූ තවත් නවකයෙකුට  කියා ඇත්තේ මෙසේය
'බදුල්ලෙන් ආපු  පුංචා කියල එකෙක් ඇති උගේ තාත්තා ගුරුවරයෙක්මම හොඳට අඳුනනවා  ගඟ පාරේ ගෙවල් තියෙනේ. අන්න ඌට එන්න කියාපන්  
මේ පණිවිඩය අසා  පුංචා සතුටින් ඉපිලී ගියේ, අඳුනන ජෙෂ්ට උත්තමයකු සිටීම විශාල ආඩම්බරයක් වූ නිසාය. පණිවිඩයේ හැටියට ඔහු පවුලේ සමීප හිතවතෙක් විය යුතුය.  
මනා සේ සරසාගත් මුහුනින් යුතුව  පුංචා නෙල් ශාලාවේ 35 කාමරයට යයි  . දොරට තට්ටු කරයි . දැන් දැන් පැමිණ තම හිතවත් ජෙෂ්ටයා තමන් පිළිගන්නා  හැටි ගැන සිහින මවයි
දොර ඇරිණි.
උඹ කාවද හොයන්නේ. කෝකටත් ආව එක හොඳයි. මට මේ පණිවිඩයක් ඇර ගන්න කවුරු හරි එනකන් බලා හිටියේඉක්මනට ගිහිල්ල  29 කාමරේ ඉන්නවා බදුල්ලෙන් ආපු  පුංචා කියල එකෙක් මිනිහගේ ගෙවල් තියෙන්නේ  ගඟ පාරේ.  තාත්ත උගන්වනවා . අනේ හොඳ එකා වගේ ගිහින්   එක්කරගෙන වරෙන්.. ජෙෂ්ටයා  එක දිගට කියවයි 

දෙටු  හිතවතා හමුවේ සිය අනන්යතාවය පෙන්නීමට බලාසිටි  පුංචා මුවේ මදහසක් නංවාගෙන යමක් කියන්නට උත්සහ ගනියි. 'ජෙෂ්ට උත්තමය මන් ..

ඔහුට කියන්න ලැබෙන්නේ එපමණකි 
'උඹට මෙච්චර හොඳින් කියලත් උඹ තව තව ඒවා කියන්න එනවා. කට වහගෙන ගිහින්  පුංචාව එක්කරගෙන වරෙන්
පුංචා ආයෙමත් කට අරින්නට උත්සහ කරයි  . 
'කට අරින්න එපා. නිදහසට කාරනා එපා. ගිහින් ඌව එක්කරගන වරෙන් '

දෙටු උතුමාගෙන් ගිගිරුමෙන්  පුංචා විසි වී යයිකොරිඩෝව දිගේ මද වෙලාවක් එකෙල මෙකෙල වෙමින් සිටි  පුංචා නැවතත් සෙමින් සෙමින් 35 කාමරය බලා පිය නගයි. දොරට සන් කරයි.

' ජේෂ්ට උත්තමයා මන් කියන එක අහන්නකො. මම තමයි .....................

දෙටු උතුමා කේන්තියෙන් වියරු වැටෙයිකට වහ ගන්නා ලෙස  පුංචාට දැඩි ලෙස තර්ජනය කරයි.

"උඹ බොරු කතාවක් හදාගෙන ආවද ආයෙමත්. මම දැක්ක ගමන් හිතුව උඹ ලෝක කපටියෙක් කියල. වහාම පලයන්. තව විනාඩි පහළොවක් ඇතුලත  පුංචා එක්කරගෙන නාවොත් මම  නරක මිනිහා කියන්න එපා. උඹට වෙන දේ එතකොට දැන ගන්න පුළුවන් '

අනේ දුප්පත්  පුංචා !. දැන් මොකද කරන්නේ. ඔහු  රෝගියකු මෙන්  බිත්ති අල්ල අල්ලා   ආපසු කාමරයට යයි.

අඳුනන ජේෂ්ට උත්තමයා හමු වී සතුටින් යුතු  පුංචා මෙතරම් විස්සෝපයෙන් හා කනස්සලෙන් පසුවන්නේ මන්ද ?. ඔහු පෙළන පීඩනය කුමක්ද? සගයෝ විමසති
මංජුල  සිදු වූ  ඇබැද්දිය සිය සගයන්ට කියයි.දැන් විනාඩි පහළොව ගෙවෙන්නට  ළඟය . සගයන් අතර සිටි දැන මුත්තෙකුගේ උපදෙස්  පුංචාට ලැබෙයි. ඔහු නැවතත් 35 කාමරය බලා යයි .

දොරෙන් පිට සිටම මහා හඬින් කතා කරයි. " ජේෂ්ට උත්තමය මම ආව .මම තමය  පුංචා. බදුල්ලෙ ගඟ පාරේ ඉන්න ඉස්කෝලේ මහත්තයාගේ පුතා".

සෙමින් දොර හැරේයි.

ජේෂ්ට උත්තමයා  මදහසක් පායි . ' උඹද  පුංචා ? . අනේ බන් උඹව හොයාගෙන එන්න කියල මම දැන් එකෙක්ව පිටත් කලා .   දෙතුන් පාරක් මෙතෙන්ට ඇවිත් වාත වුනාහොඳ එකා  වගේ ගිහින් මිනිහවත්  එක්කරගෙන දෙන්නාත් එක්කම වරෙල්ලාකියා දොර වසා දැම්මේය.


මෙය මොන විදිහේ නවක වදයක්දැය් කාටවත් තෝරා  ගන්නට බැරි විය.  

6 comments:

  1. දෙවන ජ්‍යේෂ්ඨ උත්මයාට පසු දිනක මෙය තමන්ගේ තවත් එක් නවක වදයක් ලෙස හැඳින් වීමට අවස්ථාව පමණක් ඇත. නියැන්ඩතාල්, හෝමෝ ඉරෙක්ටස් ආදීන් අතහැර දැමූ ස්වභාවිකත්වය තවදුරටත් පවත්වාගෙන යාමේ ලක්‍ෂණ පෙන්නුම් කරන අවස්ථාවකි මේ නවක වදය....!

    ReplyDelete
  2. පවතින සම්ප්‍රදායම රැකිය යුතු බව කියන අලුතින් සිතන්නට දිරි නොදෙන ස්වබාවය නවක වද සංකල්පයේ මුලික දුර්වලතාවයන් ලෙස මම දකිමි.
    එහෙත් මම හොඳින්ම දන්නා මෙම සිද්දීයෙදී වුයේ මා මිතුරු පැන්ටියා විසින් නිර්මාණශීලිව කළ කවට කමකි. එවැනි මතක හිටින කවට කම් රැසක් ඔහු විසින් නිර්මාණය කර තිබේ. අනෙක් අතට නවක වද පසුබිම නිසා ඔහුගේ කාරිය කර ගැනීමට සුදුසු පරිසරයක් සැකසී තිබුණු බව ඇත්තය.

    ReplyDelete
    Replies
    1. නිර්මාණශීලිත්වය අගයමි. සෑම දෙයක්ම නිර්මාණශීලීව සිතන කෙනෙක්ට වානරාත් අතහැර දැමූ නවක වදය පවා නිර්මාණශීලී ලෙස කළ ඔබේ මිතුරු පැ(න්)ටියාට මාගේ ප්‍රණාමය...! ඒ ජ්‍යේෂ්ඨ උත්තමයා ද ‍තිලක සිත කියවනවා ඇතැයි විශ්වාස කරමි. ඇත්තටම තිලක ඒ හිතවතාගේ ඒ නිර්මාණශීලිත්වය තවමත් එදා මෙන්මද?

      Delete
  3. මට ලාවට වගේ ක්ලික් උනා සීන් එක කලින්ම..
    ඔබතුමා පේරා මැවිසුරෙක් බව දැක්කා කකාගේ බ්ලොගේ කමෙන්ටුවක.. පෙරා වචනේ දැක්ක ගමන් ආවේ එක පිම්මට.
    මගේ අම්මයි අප්පච්චියි දෙන්නත් පේරා,මගෙත් හීනේ එතන තමා. ලස්සනට කතාව ලියල තියෙනවා, ආයේ එන්නම් කියවන්න.
    ජය වේවා.
    මම අඩවිවාසි අල්තයීර් කොලුවා. අල්තයීර් හරි කරූ හරි කැමති නමකින් මට කතා කරන්න පුළුවන් ඔන්න.

    ReplyDelete
  4. මෙන්න මේ වගෙ කෙනෙක් අපේ විදේශ ඇමති උනා නම් අපි ගොඩ් !

    ReplyDelete
  5. නෙල් 35 වනාහි 2235 විය යුතුය. Good old days...

    ReplyDelete