අටවිසි මහල නවකතාවේ පළමු පරිච්චේදය වන බිම් මහලේ තුන්වන කොටසයි.
මුල් කොටස් මෙතනින්
"ඉතිං තාත්තා ඊට පස්සේ මොකද කිව්වේ"
අසේල කල්පනා ලෝකයක සිට පිළිතුරු දුන්නේය.
" තාත්තා කිව්වා අම්මට වැඳලා වරෙන් කියල "
මනෝරන්ජන් ප්‍රශ්නාර්ථ ලකුණක් මුහුණේ අලවා ගත්තේය.
"එදා තාත්තා කතාව එතනින් නැවැත්තුවා. දවස් ගානක් යනකං ගෙදර තිබ්බේ අමුතු නිහැඬියාවක්. අපට නෑසෙන්න තාත්තායි අම්මයි කටු කුටු ගෑවා. තාත්තා එහෙ මෙහෙ ගියා ආවා. දෙන්නගෙම මූණු එච්චර හොඳ නෑ. ඒක ඉස්කෝලේ නිවාඩු කාලයක් නිසා අපි හැමෝම හිටියේ ගෙදර. ඒ නිසා තත්තා කාර් එක විකුණපු සිද්දිය කාටවත් බරපතල දෙයක් වුනේ නෑ. ඊළඟ සෙනසුරාදා රෑ තාත්තා මට කතා කරලා මෙහෙම කිව්වා .
"හෙට අපේ ගමේ යන්න තියෙනවා . පාන්දර නැගිටලා ලැස්ති වෙන්න " තාත්තා මෙහෙම කියනකොට අම්මා ඈතින් ඉඳන් බලා හිටියා . නංගිලා නිදි.
පහුවදා පාන්දර හතරට විතර අපි පිටත් වුනා . අම්මා ඇහැරුනේ අපි එලියට බහිනකොටම වගේ. එතකොටත් නංගිලා නිදි .
අන්න ඒ වෙලාවේ තමයි තාත්තා කිව්වේ අම්මට වැඳලා වරෙන් කියලා .
බස් එක කැබිතිගොල්ලෑවට එනකොට දවල් දොළහට විතර ඇති. එහේ තිබබ තේ කඩේකින් තාත්තායි මායි දවල්ට කෑවා.
පුංචි බස් එකක තව දුරක් ගියා ඒ ගමන නම් මාරයි."
අසේල සිනාසුනේය.
බස් එකේ බැටරි පෙට්ටිය උඩ වාඩි වී ගැස්සී ගැස්සී යන පොඩි එකෙක් ඔහුට පෙනේ. බොරළු පාරේ ලොකු වලක වැටී එන්ජිම නතර වන බසයෙන් රියදුරු හැර සියලු දෙනාම බිමට බසිති. සියල්බලෝ බසය තල්ලු කරති. රිය ස්ටාර්ට් වුන හැටියෝම සියල්ලෝ ලහි ලහියේ ඇවිත් ගොඩ වෙති. මෙහෙම කිහිප වටයකට පසු බස්රිය තරමක විශාල වැවක් වට කරගත් ගම්මන්ඩියකට සේන්දු වුනේය.
වැව් තාවුල්ලේ නිල් පැහැ ගත් ඝන කැලෑ රොදක් තිබුනේය. වැව් බන්ට් එක පහලින් ඇළ පාර දෙපැත්තේ ගෙවල් පොකුරු පොකුරු තිබුනේ පොල්, කජු, කොස් ආදී ගස් ලැහැබ් අතරේ හැංගීගෙනය . අක්කර ගානක් ඈතට විහිදෙන කෙත්යාය නිල් පාට ඇඳ අතිරිල්ලක් මෙන් පෙනුනේය.
තැන තැන දෙණිවල තණ උලා කමින් හරක් හා වසු පැටියන් කීප දෙනක් සිටී . උන් අසලම දැවටී දැවටී කොක් රෑනක් සරති. ඈතින් වාගේ ළමා කට හඬක් ඇසුණ මුත් තාමත් අලුත් මිනිස් රුවක් ඇස ගැසුනේ නැත.
බස් රියේ ආවෝ නොයෙක් අනු දිශා ඔස්සේ විසිරී ගොස්ය . බර ගමන් බෑගයත් අතින් ගත් අසේලලාගේ තාත්තාගේ මුහුණ දුකක් හෝ සතුටක් පළ නොකළේය. අසේල අලුත් පරිසරය විඳිමින් සොම්නසින් සිය පියා පසුපස ඇවිද ආවේය.
ඇල දිගේ පැය කාලක් පමණ ඇවිද ඔවුහු තවත් කුඩා වැවක් අද්දර පිහිටි ගෙවල් පේලියක් අසලට ආහ. ඒ ගෙවල් පිදුරු සෙවිල්ලා සිදු හුණු පිරියම් කර තිබුනේය. ළමා කට හඬ දැන් දැන් පැහැදිලිව ඇසේ. කිරි දත් හැලුණු සිඟිත්තියක් ලොකු මල් මල් චීත්ත ගවුමක් ඇඳගෙන සිටියාය .ඈ අසලින්ම වාගේ කුඩා පිරිමි දරුවෙක් සිටියේය.
අමුත්තන් දෙදෙනා දුටු දැරිවිය සිය සොයුරාද උස්සගෙන ගෙවල් මන්ඩියට වැද සඟවා ගත්තීය . නිමේෂයකින් දරුවන් කිහිලි ගන්නා ගත් ගැහැනුන් දෙදෙන්ක්ද මහළු ස්ත්‍රියක්ද කුඩා කොල්ලන් කෙල්ලන් රෝත්තක්ද ගෙවල් වලින් එලියට මතු වී අමුත්තන් එන මග අවුරා බලා සිටියෝය.
දරුවන් ඇඳ සිටි නොයෙක් වර්ණ මිශ්‍රිත ඇඳුම් මධ්‍යහන හිරු එලියේ ප්‍රභාමත්ව දිලිසුණේය. දිළිඳු කමක සේයාවක් නැති, පිරුණු මුහුණු හා නිල්ල පිරුණු සශ්‍රීක වටා පිටාව කියා පෑවේ මේනම් අගහිඟ කමින් තොර ප්‍රසන්න ගම් පියසක් බවයි. තාත්තා එතැන සිටි වැඩිහිටි කාන්තාවක් අසලට ගොස් මොන මොනවාද හෙමින් මිමිණුවේය. ඇගේ මුහුණ විශ්මයෙන් හා සතුටින් පිරී යනු අසේල බලා සිටියේය.
ඉන්පසු කොල්ලන් , කෙල්ලන් හතර අතේ දුවගොස් තව තව ගැහැණුන්ද පිරිමින්ද ළමයින්ද එතනට කැඳවා ගෙන ආවේය. නොබෝ වේලාවකින්ම උත්සව ශ්‍රීයක් ගත් නිවසක ඉස්තෝප්පුවේ වාඩි වී අසේල හා තාත්තා අතොරක් නැති සංග්‍රහ හා ආ ගිය තොරතුරු කතා වැස්සේ තෙමි තමී ප්‍රීතියෙන් සිටියෝය.
ජයසුරිය ගමට ඇවිත් . ජයසූරිය ගමට ඇවිත්!!. කාලෙකට ඉස්සර ගම දාල ගිය ජයසුරිය පුතත් එක්ක ගමට ඇවිත් .
ඒ අස්සේ ලහි ලහියේ ගෙවල් මන්ඩියේ හිස්ව තිබූ ගෙයක් මකුළු දැල් කඩා අතු පතු ගා ලක ලෑස්ති වෙමින් තිබුනේ සිදාදියේ සිට පැමිණි පිය පුතු දෙදෙනාට නවාතැන් ගැනීමටය.
' වරින් වර කල්පනා ලෝකයක කිමිදෙමින් සිනමා පටියක කොටස් මෙන් ගමේ විස්තරය කියවමින් සිටි තරුණයාගේ අතීතාවර්ජන දිය දහර නතර වූ වෙලී මනොරන්ජන් මෙසේ කීවේය .
' මටත් ආසයි දවසක් ඒ ගමට ගිහින් ඉන්න '
"යමු යමු. මම ලැස්ති කරන්නම් . හැබැයි පුල්ලෙයාර් කෝවිලේ උත්සවේ තියෙන දවසට ගියොත් තමයි ගොඩක් හොඳ .'
"ඉතිං පස්සේ මොකද වුනේ ?"
"එදා අපි ගොඩක් ආගන්තුක සත්කාර, ආදර සැලකිලි විඳලා නිදා ගත්තා. මට අලුතින් යාලුවොත් එකා දෙන්න හම්බුනා. ඒත් රෑ නින්ද ගියේ නෑ. ගෙදරයි, අම්මයි, නංගිලයි සැරින් සැරේ මතක් වුනා. හෙට ඉස්කෝලේ පටන් ගන්නවා. ඉස්කෝලේ ඉස්සෙල්ල්ලම පටන් ගන්න දවසට මට යන්න බැරි වෙයිද දෙයියනේ . ඒක මතක් වෙච්ච හැටියේ මට ඉගිල්ලිලා කොළඹ යන්න හිතුනා. මම දැක්ක තාත්තත් නිදි නෑ. සැරෙන් සැරේ නැගිටලා ඇඳේ වාඩි වෙනවා. ආයේ දිගා වෙනවා . හුල්ලනවා" .
මේ අතර සිල්වා වරින් වර වතුර වීදුරුද , කෙටි කෑම වර්ගද , කැපූ පළතුරු කැබලි තසිමක්ද ගෙනත් ගෙනත් අසේල හා මනෝරංජන අතර වූ මේසය මත තැබුවේය . ගාලු පාරේ කොච්චි හු කියමින් ඇදුනේය. මුහුදු ඝෝෂාව ළඟ ළඟ ඇසෙන්නට ගත්තේය .
"උදේ තාත්තා නැගිටලා ඇඳේ වාඩි වුනා. මට කතා කළා. මම ඇස් දෙක පියාගෙන හිටියා.හෙල්ලුනෙත් නෑ. ඒ වුනත් තාත්තා දන්නවා මම ඇහැරලා ඉන්නේ කියල .
" ලොකු පුතේ මේක හොඳට අහ ගනින් . අද ඉඳන් උඹ ඉස්කෝලේ යන්නේ මෙහෙ. අපි දෙන්න මෙගේ නවතිනවා. උඹට ලොකු කතා ගොඩක් කියන්න තියෙනවා . ඒත් අද කියන්නේ නෑ මම වෙලාව ආවහම කියන්නම් .'
" ඉතින් තාත්තා ඒ කතා කිව්වද පස්සේ කාලෙක හරි? " මනෝරන්ජන් අසේලට භාධා කළේය . එම ප්‍රශ්ණය නිසංසලේ ගලන දිය පාරකට කඩා හෙලූ කුඹුක් අත්තක් මෙන් කාල අවකාශය කලඹන්නක් විය.
" ඒක මම වෙලාව අවහම කියන්නම් මහත්තයා " අසේල හිස ඔසවා මනෝරන්ජන් දෙස බලමින් කීවේය.
ඉන්පසු කතා සරිත් සාගරයේ දියවැල් ගලා ගියේ රසබර, දුක්මුසු මෙන්ම හිනා නොවී සිටිය නොහැකි ජීවිතාවලියක විසිතුර වැඩබිම් කන්තෝරුවක මේසය මත දිග ඇරෙද්දීය .
පාන්දර දෙක පසු වී විනාඩි දාසයට හෙට ඉඳන් වැඩට ඉන්න පුළුවන් කියා අසේලට කියන්නට විනාඩි එකොළහකට පෙර මනෝරන්ජන් මේ ප්‍රශ්නය ඇසුවේය
" අසේල දැන් මට මේ ප්‍රශ්නෙට කෙලින් උත්තරයක් දෙන්න මගේ ඇස් එක දිහා බලාගෙන . අසේල තාමත් සංවිධානේ ඉන්නවද, අයින් උනාද?"
හතරවන කොටස මෙතැනින්
Photo Source : Rainey Dewey Arts
නියමයි
ReplyDeleteස්තුතියි දමිත්
Deleteහරිම අපූරුයි...
ReplyDeleteදැහැන් ගත උනා මාවත් කතාව ඇතුලෙම... එයාලා වාඩිවෙලා හිටිය මේසෙටම වාඩිවෙලා කතාව අහං හිටියා වගෙයි.
ලෝබයි කතාව නැවතුණාම.
ඉක්මනට ලියන්න අයියේ ඊලග කොටස..
ස්තුතියි නැඟී. ඊළඟ කොටස සඳුදා ( 06 ) කියවන්න
Deleteනියමයි. ඔහොම යන්.
ReplyDeleteස්තුතියි මහේෂ්
Deleteඔහොම යන්. (පොඩි කාලේ ක්‍රිකට් ගහනකොට නිතරම දාන වචනයක්. මමත් ටිකක් පොඩි කාලෙට ගියා මේ කතාව අහලා ඒකයි එහෙම දැම්මේ)
ReplyDelete++++++++++++++++++++++
ReplyDeleteවිචාරක දියණිය
ස්තුතියි +++++++
Deleteඊළඟ කොටස බලන්න කොච්චර කාලයක් ඉන්න ඕනද? හොඳ කතාවක් මේ වෙලාවේ ලියන එක කියවන අයගේ මානසික ප්‍රබෝධය සදහා උපකාරී වෙනවා.ඒ ගැන ස්තුතියි.
ReplyDeleteඊළඟ කොටස ලබන සඳුදා (06 ) පළ වෙනවා. මේක සතියකට දෙපාරක් සඳුදා හා බ්‍රහස්පතින්දා අලුත් කොටසක් පළ කරන්න සැලසුම් කරගෙන ඉන්නවා. ස්තුතියි
Deleteඅඩේ!! වෙනම පැත්තක් වගේ සීන් වෙන්නේ..
ReplyDeleteකලබල වෙන්න එපා මල්ලි. දැන්ම නිගමනය කරන්න බෑ. තාම බිම් මහලේ. ලබන සඳුදා හමුවෙමු
Deleteඊළඟ කොටස පලවන තෙක් බලා සිටිමි.
ReplyDeleteස්තුතියි. ලබන සඳුදා එන්න ( 06)
DeleteIlaga kotasath ikmanata denna
ReplyDeleteදානවා. සඳුදා ( 06 ) බලන්න . ස්තුතියි
Delete//අසේල තාමත් සංවිධානේ ඉන්නවද, අයින් උනාද?"//
ReplyDeleteඇහ්.... අමුතුම මුලක් ?
දැන්ම මොකුත් කියන්න බෑ. සඳුදා හමු වෙමු
DeleteWaiting for next monday
ReplyDeleteබොහොම ස්තුතියි ඔබේ ලියවිලි වලින් අපට බොහෝ දේ දැනගන්නට පුළුවන්. අදහස් නොලිව්ව්වට හැම එකක්ම කියවනවා වගේම මුහුණු පොතේ මිතුරන් අතර බෙදාගන්නවා .
ReplyDeleteදෙණිය කිව්වම කැබිතිගොල්ලෑව පැත්තෙ එහෙම කියනවද කියල මතක නෑ
ReplyDeleteකොළඹ ඉඳල තාත්ත එක්ක ගමේ ගිය හැටි මතක් වුනා
ReplyDeletevery interesting
ReplyDelete