මේ අටවිසි මහල නවකතාවේ දෙවන පරිච්චේදය වන පළමු මහලේ පළමු කථාවයි .
මින් පෙර කොටස් මෙතනින් බලන්න
අම්රිතා නතර වී සිටින්නේ කොහේදැයි රේස් බුකියේ කෙල්ලන් දෙදෙනා ඇසු ප්‍රශ්ණයට වැඩිමනත් හිතන්නේ නැතිව "බෝට්ටුවේ " යනුවෙන් උත්තර දෙන්නට සිල්වාගේ දිව නැමූනත් ඔහුට විදිලි වේගයකින් මෙන් තමා කරන්නේ වරදකැයි කල්පනා වුයේය .
ඔහු වෙනදා නැති කලබලයක් පෙන්වා ' අනේ ඔය විස්තර මම දන්නේ නෑ මිස් ' කියමින් එතනින් ලිස්සා ආවේය . අද ඔෆිස් එකේ කවුරුත් නොගැවසෙන දවසෙත් නිස්කාන්සුවේ ෆෝර්චුන් බුකියට වී කයිවාරු ගසන්නට තිබ්බ එක නැති වුනා කියා සිතමින් ඔහු අඟුලාන පාර දිගේ ගාට ගටා සයිට් එක පැත්තට ඇදුනේය . ඒ අතරේ ඔහු කල්පනා කලේ තමා මේ තරම් බය පක්ෂපාත වී සිටින්නේ මනෝ බොස්ට නොව අම්රිතා මිස්ට කියලාය. මනෝ බොස් මොන තරම් දුරට හොඳ මුණ පෙන්න්නට හැදුවත් ඔහු ආඩම්බර කාරයෙකියි සිල්වාට සිතුනේය .
"අර අසේල මහත්තයා රෑ එලි වෙනකම් මඩවලා ඉන්ටවිව්කරා . තමන්ගේ මහන්තත්වේ පෙන්වන්න. ඉඩක් ලැබිච්ච හැටියේ දේශනා තියෙනවා. හැදෙන හැටි, හොඳින් ඉන්න හැටි. ඒත් සිගරැට් බොන්න ගියාම කෙළවරක් නෑ. රේස් බුකියට හොරෙන් හොරෙන් රිංගනවා .සමහරු කිව්වේ කැසිනෝ ගහන්නත් යනවා කියලා . පාටි වලදී බොනකොට හරි කුහක වැඩ කරනවා . අනෙක් මිනිස්සුන්ට් බොන්න දීලා උන්ගේ කතා බතා රහස් හැමදේම අල්ලාගෙන අන්තිම වෙලාවේ තනියම බොනවා . අවුරුදු තිස් ගාණක් වෙලා කසාදයක් බැඳ ගන්නෙත් නෑ. මිස්කින් මාව ඉන්ටවිව් එකෙන් තෝරා නොගත්තානම් සමහර විට මේ මනුස්සයා මාව වැඩට නොගන්නත් ඉඩ තිබුනා" කියා ඔහු තමාටම මුමුණා ගත්තේය .
මිස්කින් මේ වනවිට සිල්වා පාලනය කරගෙන සිටියේ ඔහු වැඩට ගත්තේ තමා බව ඒත්තු ගැන්වීමෙනි. මනෝරන්ජන් සිල්වා මුලින්ම තෝරා වැඩට ගන්න යැයි මිස්කින්ට අණ දුන් බව ඔහු සිල්වා ඉදිරියේ හෙළි නොකළේය. අනෙක් අතට සිල්වා කිසියම් කාරණයක් නිසා මනෝ බොස්ට දොස් පවරාගෙන තමන් ලඟට එන්නේ නම් ඔහු වළක්වා "උඹ හිතනවට වඩා ඒ මහත්තයා හොඳයි දවසක උඹටම තේරෙයි" කියා පමණක් කීවේය. මේ පසුබිම නිසා සිල්වා තමන්ට පැවරෙන රාජකාරිය අඩුවක් නැතිව ඉටු කර දැම්මේය.
සිල්වා ආයෙමත් කල්පනා කලේ අම්රිතා මිස්ගේ සජීවී හිතවත්කම පිලිබඳවය . "මම හිතන්නේ අම්රිතා මිස් ඉන්නේ රිචර්ඩ් බොස් එක්ක . ඒක හොඳයි. උස තිබ්බට සුදට හිටියට මනෝ මහත්තයා එයාට හරි යන්නේ නෑ. අසේල මහත්තයානම් පොඩි එකා වගේ හැම දේටම හිනා වෙච්ච ගමන් . ඇත්තටම් අම්රිතා මිස් ඉන්නේ කොහෙද ?. අච්චර දේවල් කතාබහ කරලා තිබුනාට කවදාවත් ඒක හරියට අහ ගන්න බැරි වුනා" වැඩට ආ මුල්ම දවසේ හවස රිචර්ඩ් බොස් පැමිණ ඇය කැඳවාගෙන යනව අයුරු සිල්වා දුටුවේය . ඉන්පසු කිහිප වරක්ම ඒ දෙන්නා වැඩ ඇරී එකම රියෙන් යනු ඔහු දුටුවේය. රිචර්ඩ් බොස් අමුතු හාදයෙකි. මේ ව්‍යාපෘතියේ හැම වැඩක්ම බාරව ඉන්නා මැනේජර් වුනත් ඔහු ඒ සියල්ල මනෝ බොස්ට බාර දී හෙඩ් ඔෆිස් එකට වී සිටියි. හිතුනු හිතුනු හැටියේ රට යයි. බෝට්ටු සවාරි යයි . රිචර්ඩ් බොස් ලංකාවට ආ හැටියේ කළේ ලොකු මාළු බෝට්ටුවක් සල්ලිවලට අරගෙන එය කාමර දෙකේ ලස්සන ගෙදරක් සේ සකසා ගැනීමය .
දවසක් අසේල හා අම්රිතා මිස් බෝට්ටුව බලන්නට බොල්ගොඩ ගඟට ගිය හැටිත් ඉන්පසුව "රිචර්ඩ් බෝට්ටු ගෙදරින් කාමරයක් මටත් දෙනවා කීවා "කියා අම්රිතා හිනැහෙමින් කී හැටිත් සිල්වාගේ මතකයේ තිබිණි. සිල්වා අනුමාන කරන්නේ දැන් අම්රිතා නෝනා ජීවත් වන්නේ ඒ බෝට්ටු ගෙදර බවය. ඒත් මේ වගේ ඕපදූප ෆොර්චුන් එකේ කෙල්ලන් සමග කතා කිරීම නොහොබිනා දෙයක් බවත් තමාට අර තරම් ලෙන්ගතු , ආඩම්බරකාර කමක් නැතිව රටේ ලෝකේ විස්තර කතා බහ කරන අම්රිතා නෝනට කරන ද්‍රෝහී කමක් ලෙසත් සිල්වාට යලිත් වරක් සහතිකව දැනුනේය .
අනුරාධපුරයට එනවිටත් තරමක් හැන්දෑ වී තිබු නිසා කොහෙවත් නතර වන්නේ නැතිව හැල්මේ කොළඹ දෙසට එන රියේ සිටි පස් දෙනාම සැහැල්ලුවෙන් සිටියෝය. අසේල කල්පනා කරමින් සිටියේ කලක් තමන්ට යන්නට තහනම් කලාපයක් වී තිබු සිය ගම්මානය ගැනය. තාත්තාගේ ලෙන්ගතුකම්, ශක්තිවන්ත බව මෙන්ම දුර්වල කම්ද බොහොමයක් තමන්ට හමු වූ ගම ගැනය , මේ පුංචි දනව්වේ උතුරටත් නැගෙනහිරටත් නිදහසේ විහිදුණු කැලෑව හා තමා අතර තිබු සහජීවනය ගැනය. කාලතුවක්කු හඬ ගිගුම් දෙමින් තිබියදී පවා සිය සිංහල දෙමල හා මුස්ලිම් සහචරයන් සමග නොකඩවා පවත්වාගත් මිත්‍ර සමාගම ගැනය . ඉස්කෝලෙට අලුතින් ආ ඉංග්‍රීසි ටීචර් ගැනය . නැටුම් සර් ආවාට පසු ඉගෙන ගත් දේශපාලන පාඩම් ගැනය . මේ සියල්ලට ඉහලින් පිටස්තරයෙකු ලෙස ගම දිහා බලන්නට ඔහු අමුත්තන් පිරිසක් සමග ඊයේ ආ ගමන ගැන අසේල උපරිමෙන් තෘප්තිමත්ව සිටියේය .
ඔහුගේ නිවුන් සොයුරියන් වන රාධා හා අනුරාධා හිටියේද යහපත් මනෝභාවයක ගිලීගේනමය. තමන් කාගේ කවුදැයි ගමේ කවුරුත් නොදැන සිටියාට ඒ ඔවුන්ගේ ගමය. තාත්තා උපන් ගමය. හයේ පන්තියේදී තාත්තාත් අයියාත් අතුරුදහන් වී ගියාට පසු අම්මාත් සමග ඔවුන් තනිවම මුහුණ දුන් අමුතුම තාලේ ජීවිතයට වඩා ආපසු අයියා මුණ ගැසීමත් තාත්තා සිටි ගම දැක බලා ගැනීමත් සතුටක් නොවී තිබෙන්නේ කෙසේද ? සොයුරියක් හෝ මීතුරියක් වූ අම්රිතා, අයියාගේ පෙම්වතී වෙනවානම් හොඳ යැයි අනුරාධා සිතුවාය . රාධා කල්පනා කරමින් සිටියේ ඊයේ මනෝරන්ජන් කියූ දෙයක් ගැනය .
" බලන්න මට හිතෙන විදිහ හරිද කියල . රාධා කියන්නේ දෙමල නමක් ඒකට අනු කෑල්ලක් දාපු ගමන් අනුරාධා හැදෙනවා. අනුරාධා සිංහල නමක් "
එසේ කියද්දී අම්රිතා කෑ ගසා කීවේ ඔය නම් දෙකම ඉන්දියාව පුරා තිබෙන බවත් . ලංකාවේ තියෙන සේරම නම් ඒ රටෙත් නෙපාලයේත් තිබෙන බවයි .
අම්රිතා රට තොට දකින්නට ලැබීම නිසා ත් සොඳුරු සමාගමය නිසාත් තුටු පහටුව සිටියත් පිටතට නොපෙන්වූ ශෝකී වේදනාවක් සියුම්ව රස විඳිමින් සිටියාය. එය කුමක්දැයි හරියට විස්තර කරන්නට බැරිය . දුක හිතෙන නවකතාවක් කියවා කඳුළු සලමින් තෘප්තිමත් වෙන්නට පුළුවන . ඇගේ ජීවිතයද ඒ වාගෙයි කියා ඈ නිරන්තර සිතුවාය . පිටතට නොපෙන්වුවාද මේ හැමෝගෙම ජීවිතවල ඇත්තේ ඒ තේමාවමය. වැඩපලේදී හමුවන මිතුරා සහ විවේකීව සිටින මිතුරා නමින් එකෙක් වුවද දෙදෙනෙක් බව ඈ යලි යලිත් තේරුම් ගන්මින් සිටියාය.
මනෝරන්ජන් අන් සිව් දෙනාටම වඩා ගැඹුරු කල්පනාවක වැටී කතාවක් බහක් නැතිව රිය පදෙව්වේය. දැන් හෙට සිට මුහුණ දෙන්නට වෙන සටන් බහුල ජීවිතය ඔහුට චලන චිත්‍රයක් සේ මැවී පෙනේ. දැන් තිබෙන සයිට් ඔෆිස් එක කඩා ඉඩමේ මායිමට ගෙන යන්නට ඕනෑය. උප කොන්ත්‍රාත් කරුවන් සඳහා වෙනම කන්තෝරු පේලියක් හදන්නට ඕනෑය . අලුතින් ෂටරින් හා යකඩ මුක්කු ගෙනත් ගොඩ ගසන්නට ඕනෑය. හෙඩ් ඔෆිස් එකේ සිටින කිව් එස් හා සැලසුම් ඉංජිනේරුවන් සමග ඉස්සරහ වැඩ ටික ප්ලෑන් කර ගන්නට ඕනෑය. මේ හැම දේම අසේල හා අම්රිතා සමග පමණක් කරන්නට බැරි වෙතියි ඔහු සිතුවේය. ඔහු මනසින් පයිල් කැප් නිමවා ටයි බීම් දැම්මේය . පොලවේ ජල නල , අපජල පද්ධති , විදුලි බට හා ටෙලිෆෝන් බට ආදිය අතුරා ඒ මත කම්බි දමා කොන්ක්‍රීට් කළේය. දැන් පලවෙනි තට්ටුවට නගින පඩිපෙළ හැදෙමින් තිබේ. විශාල තට්ටුවේ ෂටරිම කණු එකසිය විස්සක් උඩ නිමවා ඇත. "කොන්ක්‍රීට් එක දාලා හොඳ පාටියක් දාමු ". ඔහු තමන්ටම කියා ගත්තේය.
රථය අඹේපුස්සෙන් නුවර පාරට වැටී කොළඹ දෙසට හැරෙව්වා පමණි . නුවර යන බස්රියක් ජිනදාස තලගුලි කඩේ ඉදිරිපස නවතා ඉන් මගීන් එකිනෙකා බසිමින් සිටියෝය. බසයෙන් බහින මගීන් අතරේ ඈ ලා කොළපාට පසුබිමක කළු තිත් වැටුණු බ්ලව්සයක් හා කළු පාට ඩෙනිමක් ඇඳගෙන ඔලුව බිමට නමාගෙන සිටියාය .
මනෝරන්ජන් කලබල වී රථය ඉදිරියට ගෙන යන්තමින් පාර අයිනේ නවත්වා ඉන් බැස ගත්තේය.
අසේල මේ සිදු වුයේ මොකක්දැයි සිතා ගැනීමට බැරිව මනෝරංජන් දුවන්නේ කොහාටදැයි බැලුවේය. එවිට ඔහුත් ඈ දුටුවේය.
" අපේ මනුස්සයානම් කියන දෙයක් අහන කෙනෙක් නෙවෙයි " අසේල හෙමින් කීවේය.
-මීළඟ කොටස -
Image Source : PxHere

අපිටත් මනසෙන් වැඩ බිමක් හදා ගන්න එක ඉස්සරහට හොන්දයි වගේ.
ReplyDeleteමනසෙන් සෑහෙන්න සැලසුම් කරන්න පුළුවන් . ඒත් දැන් අලුත් මෙවලම් හින්දා මනසින් වැඩ ගන්නවා අඩුයි
Delete++++++
ReplyDelete++++++++ ස්තුතියි
Deleteඒ මොකක්ද වුනේ
ReplyDeleteඅපිත් කාලයක් ඒ මොකද උනේ කියල එක බ්ලොග් එකක් ගැන කල්පනා කර කර හිටිය ඉවාන් ...
Deleteඔව් ඇත්තටම මොකද උනේ ඉවාන් අරලස්සන බ්ලොග් එකට ?
Deleteමම අර කලින් එකක් කිව්වා වගේ මේ සුමිත් කලනසිරිගේ වැඩ බිමේ හරි ඉවාන් පවුලුෂ ගේ වැඩ බිමේ කතාවක් තිලකේ අපට කියනවා , හේ හේ මරු
Deleteමුල්ම කොටස බලන්න ඇවිල්ල අපහු ගියාට පස්සේ අදයි ආයේ ආවේ . එක හුස්මට ඔක්කොම කියෙව්වා. හරිම සැහැල්ලුවට ගලාගෙන යනවා. නියමයි.
ReplyDeleteමාත් අවුරුදු ගානක් තිස්සේ කුණු ගොඩට දාල තිබ්බ කතාවක් අරන් ලියන්න ගත්තා . මේක දකිද්දී එක ආයේ කුණු ගොඩටම දාන්න හිතෙනවා... හෙහ් හෙහ්
තිලක් අයගෙන් ඉගෙන ගන්න සැහෙන දේවල් තියෙනවා..
බොහොම ස්තුතියි මල්ලි. අර කතාව මමත් කියෙව්වා . ඒක හොඳයි දිගටම ලියන්න
Deleteමේක කියවද්දී මට අර ලයිබ්‍රරි වල එන පොත් සුවඳ ආයේ දැනෙනවා
ReplyDeleteසතුටුයි !!
Delete++++++++++
ReplyDelete++++++++ස්තුතියි ප්‍රා
Deleteසිල්ව වැඩට ගත්තෙ මනෝරංජන් කියල කිව්වෙ අපරාදෙ..නැත්තන් සැකේ දුරුකර ගන්න පළමු මහලට ආපහු ගිහින් එන්න තිබුණ. සහෝදරියක්වත් දැක්කද
ReplyDeleteමමත් ඔහොම්මම හිතුවා ඒත් පළමු කොටස් නොබලපු කෙනෙකුට මේකේ රසයක් නැති වෙන නිසා මේක ලියන්න උනා. තනි පොතක් හැටියට ලියනකොට මේක සැලකිල්ලට ගන්න ඕනි .
Delete